ලංකාවේ ලස්සනම ..

PGRMS

Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    ලංකාවේ ලස්සනම ..

    ....:D


    ලංකාව tourism වලින් ලෝකේ ඉහලින්ම ඉන්න රටක්. එත් අපි ඒ ලස්සන place වලින් දන්නේ , ගිහින් තියෙන්නේ කීයෙන් කීයකටද ?

    රටටත් හොදක් වෙන්න , අපිටත් trip එකක් එහෙම සෙට් කරගන්න ලේසි වෙන්නත් එක්ක කට්ටිය දාගෙන යමුද ගිහින් තියෙන , දන්න ලංකාවේ ලස්සනම places ...
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    මීමුරේ

    නුවර මහියංගන පාරේ මහියංගනය පැත්තට ටික දුරක් ගියාම හමුවන හුන්නස්ගිරිය පාරේ නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කිලෝමීටර් 30 ක දුරකින් මීමුරේ ගම පිහිටලා තියෙනවා. නගරයේ දියුණුවෙන් නොඉඳුල් වූ ගමක් බලන්නට යන්නට නම් මී මුරේ කියන්නේ හොඳම තැනක්. ලකේගල සහ රාස්සගල කන්ද, ලංකාවේ පැරණිම මී ගහ, තාලිකට වගේ සුන්දර දිය කඳුරවල්, ඒවායින් පෝෂණය වන කුඹුරු සහ ඒ පැත්තට ආවේනික ආහාරපාන විශේෂයෙන් කිතුල් රා පානය ඔබේ අත්දැකීම තවත් සුන්දර කරාවි.
    තරණය කලයුතු කාලය : වසරේ එක් එක් කාලයන් වල මීමුරේ එක එක හැඩ ගන්නවා. ඒ නිසා මේ කොයිකාලේ ගියත් ඔබට පාඩුවක් වෙන එකක් නැහැ.

    :D:D
     

    Attachments

    • knuckles-range-trekking.jpg
      knuckles-range-trekking.jpg
      86.5 KB · Views: 33