ලංකාවේ Serial Killers ලා හිටියද ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    CfsfTU.gif


    එක්කෙනෙක් ඉන්නව ටිකක් දරුණුයි මිනිහ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nadasena sakkili balla pana baye penala giya eka hodai, nethnma kawa kawuru hari marala ethana idan baiyo eka eka marala kawuru hari Serial Killer kenek wenawa aniwa
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කහවත්තේ කොටකෙතන
    කොටකෙතන ගැන අතුරු කතාවක්

    කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය.
    තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොල‍ීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය.

    ඔබේ මව වෙනත් කෙනෙකු විසින් ඝාතනය කල අවස්ථාවක , එම ඝාතනය ඔබ විසින් කළා යයි චෝදනා කළහොත්, ඔබට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කල හැකිද ?

    ආසන්න උදාහරණ දෙකක් හැටියට යාපනයේ සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කර මරා දැමීම හා කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක් අපයෝජනය කර මරා දැමීම ගෙන හැර දැක්විය හැකි ය.‍

    මේ සිදුවීම් දෙකේ දී ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දැමූ ඊනියා මාධ්‍යවේදියෝ මිය ගිය දැරියන්ගේ ඡායාරූප, නම් ගම්, ජීවන තොරතුරු හා අපරාධය සිදු වූ ආකාරය සජීවමත් වාර්තා කළහ. මිය ගිය පුද්ගලයා සහ අපරාධකරුවන් අතර ඇති වූ දෙබස් ද ලියුවේ පටි ගත කිරීමේ යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටියා දැයි සැක හිතෙන පරිද්දෙනි. මේ සියල්ල සිදු ක‍ළේ පාඨකයන්ගේ නීච කුතුහලය අවුස්සා පුවත්පත් අලෙවිය වැඩිකර ගැනීම පිණිස ය. පුවත්පත් යන මග අනුව ම ගිය විද්‍යුත් මාධ්‍යය ද ඒ පිළිවෙත ම අනුගමනය කළේ ය.

    එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කොටදෙණියාව දැරියගේ සිරුර විටින් විට ප්‍රදර්ශනය කළේ කිසිදු හිරිකිතයකින් තොරව ය. අපරාධය ඉක්මනින් සොයා ගනු පිණිස මෙවැනි වාර්තා පළ කළ බව පැවසුණත් එහිදී සිදුවී තිබුණේ වෙනත් දෙයකි. එනම් ඊනියා මහජන විරෝධතා සහ මාධ්‍ය බලපෑම් හමුවේ නන්නත්තාර වූ පොලීසිය යන්තම් හෝඩුවාවක් තිබ‍ූ පමණින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කිරීම ය.

    ජනමාධ්‍ය තම සීමා ඉක්මවා යමින් කටයුතු කිරීම එහිදී කැපී පෙනිණ. ඕනෑම කුඩා සිදුවීමක් වුව ද ජාතික ප්‍රශ්නයක් බවට පත් ‍කිරීමේ හැකියාව ජනමාධ්‍යයට පවතී. හතර වැනි ආණ්ඩුවේ බල මහිමය එසේ ය.

    බෝධි පූජා, ධාතු ප්‍රදර්ශන, මිනිස් ඝාතන, අපයෝජන වාර්තාකරන ජනමාධ්‍ය ලාබ ජනප්‍රියත්වය මිස තම අරමුණ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු නො පෙනේ.

    මෙහිදී මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද වැදගත් වන්නේ කුමන ක්‍රමයකින් හෝ තම ආයතනය ජනප්‍රිය මාධ්‍ය ආයතනය බවට පත් කිරීම ය.

    දැන්වීම් ආදායම් ලබා ගැනීමේදී අලෙවිය ප්‍රධාන සාධකයකි. එ නිසා ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීම ඔවුනට වැදගත් නොවන ප්‍රශ්නයකි.

    රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ වසර 7ක් තුළ කාන්තා ඝාතන 19 සිදු විය. ජනමාධ්‍ය විසින් මේ ඝාතන තළු මරමින් විකිණුවා පමණක් නොව කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවා කියාද වාර්තා කලෝය. ජනමාධ්‍ය විසින් නඩු අසා ඝාතකයෙකු බවට පත් කල කොටකෙතන ගම්මානයේ නිර්දෝශී මිනිසෙකු දිවි නසා ගත්තේය.

    .........නන්ද තමන්ගේ පුංචිලා දෙදෙනා ඝාතනය කළායැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් වධහිංසනයට ලක්වූ දෙදරු පියායි. පොලිස් වධහිංසනයට එහා ගිය සමාජ වධහිංසනයක් ඔහුගේ ඡායාරූප සහ නම මාධ්‍ය හරහා පළවීමෙන් සිදුවිය. සමාජය ඔහු අපරාධකරුවෙකු කළ අතර ඔහු මිනීමැරුම් කළ හැටි මාධ්‍යවල ලීවේය. කීවේය. අන්තිමේදී ඔහු ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවෙන් නිදහස් වුණත් මානසිකව විඳි වේදනාව හේතුවෙන් සියදිවි හානි කරගත්තේය.

    නන්දගේ කතාවේදී නන්ද සියදිවි නසාගන්නට පෙර ලියූ සටහනක් ඇත . එහි තිබුණේ මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමින් තමන් පුංචිඅම්මලා මැරුවේ නැති බව සඳහන් කර තිබූ සටහනකි.

    හෙට රිවිර, දිවයින හෝ ලංකාදීප පුවත්පතේ ඔබ මිනීමරුවෙකු කරමින් ඔබ මිනීමැරුම් කළ හැටි පවා ඇතුළත් වාර්තාවක් පළවුණොත් ඔබට කෙසේ මානසිකත්වයක් ඇතිවිය හැකිද?

    අද රාත්‍රියේ ස්වර්ණවාහිනියේ හෝ හිරු රූපවාහිනියේ පුවත්වලින් ඔබ මිනීමැරූ හැටි ගැන හැඬුම්බර කටහඬකින් පුවතක් කියනු දකින්න ලැබුණොත් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද?

    නන්දට ඇතිවුණේ එවන් හැඟීමකි.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    uncle kenek dawasak kiwwa godak issara kadeka kama wala human body parts thibba seen ekak mama wiswasa kare naha.
    sure ekata hena nayek wenna ona. 😖
    oyala ahala thiyenawam kiyanna balanna e gana. :unsure:
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    View attachment 178359

    Serial Killer නෙවෙයි, හැබැයි ලංකාවේ හිටපු නියම hitman විජය මරපු ලයනල් රණසිංහ
    අඩෝ ජෙප්පො ද දුන්නෙ ? නෑනේ යූන්පී එකට නේ ඌව මරන්ඩ ඕනි උනේ ?

    මල්ලිමාරච්චිගෙ පුතා කියනවා ජෙප්පො කියලා
     
    • Like
    Reactions: dhanuka kumara