රාජ්‍ය අංශයේ සංස්ථා මණ්ඩලවල සේවකයන්ට විතරයි බෝනස් ගෙවන්නේ. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වැඩ කරන අයට බෝනස් නෑ. ඉතිරි නිවාඩුවලට පඩි ගෙවන්නෙත් නෑ.
ටෙලිෆෝන් බිල්, ලයිට් බිල් ගෙවන්නෙ, වාහන ෆර්මිට් දෙන්නේ විධායක ශ්‍රේණියෙ අයට විතරයි. අනිත් අයට ඒව නෑ. ඒත් එක්කම ඊට පහල ශ්‍රේණිවල අය ( උපාධිධාරී නිලධාරීන්, ලිපිකරු හා පහල ශේණි) අඩු වැටුපකට විශාල වැඩ කොටසක් කරනවා. මූලික වැටුප අඩු නිසා අතිකාල අඩු මට්ටමක තියෙන්නේ. පෞද්ගලික අංශයේ අය රු. 100,000 ක වැටුපකට කරන වැඩ කොටසක් ඒහා සමාන ශේණියක රාජ්‍ය සේවකයෙක් රු. 35,000 ක විතර වැටුපකට කරනවා. රාජ්‍ය අංශයේ ඉහල ශ්‍රෙණිවලට සැලකිය යුතු ප්රතිලාභ ලැබෙනවා. ඒත් පෞගලික අංශයේ ඉහල ශ්‍රෙණිත් එක්ක බලන කොට ඒකත් පහල මට්ටමක තියෙන්නේ. ඇත්ත තත්ත්වය මේකයි.
අනේ පිස්සු කියනවන්න එපා බන් පෞද්ගලික අංශයේ ලක්ෂ ගනන් හැමොටම පඩිනෑ එහෙම හම්බ වුනත් ඇත්තට සේවයක් කරන නිසා තමයි ඒ වැටුප ගෙවන්න ඒ හැම සතයටම වැඩි වටිනාකමට වඩා වැඩ කරලා තියෙනවා ඊටත් වඩා අඩු පඩි ගන්න කොල්ලෝ කෙල්ලෝ ඔනේ තරම් ගාමන්ට් ෆැක්ට්‍රි වල වැඩ කරනවා උන් තමයි ලංකාවට විදේශ විනිමය ගේන්නේ.අයිස් ගහන පරිපාලන සේවකයනුයි පෞද්ගලික අංශයයි සමාන කරන්න බෑ උන්ට ඔනේවටත් වඩා දිමනා තියෙනවා ඒ මදිවට විශ්‍රාම වැටුප් පෞද්ගලික අංශයේ අවම වැටුප 12000 යි (මම දන්න විදියට)එකට අතිකාල හදලා බලපන් උන්ට කියද ලැබෙන්නේ කියලා .
හම්බ වෙන පාස් එකකින් හරි සීසන් එකකින් හරි පුදුම කාලකන්නි පිරිසක් තමයි ඒමදිවට උන්ට වහාන ගන්න පර්මිට් දෙනවා ටෙලිෆොන් වලට වෙනම පැකේඡ් දෙනවා බැංකු වලින් විශේෂ ණය සේවා ලබාදෙනවා ඒ මුන් ආර්තිකයේ සාරය උරා බොනවට ලැබෙන බොනස් .ඒ මදිවට නිවාඩු 42 විතර තියෙනවා (පෞද්ගික තැන වල 21 විතර ලැබෙන්නේ) එව ඉතුරු වුනොත් අවුරුද්දට පඩියට පඩියක් ලැබෙනවා ඒ මුන් අයිස් ගහනවට 

ඉහල කළමනාකාරීත්වයේ තියෙන දුර්වලතා..
ඒ කියන්නේ අමාත්‍යංශ වල දෙපාර්තුමේන්තුවල ඉහල පුටුවල ඉන්න දේශපාලන ලොක්කෝ..
මහජනයාත් එක්ක කෙලින්ම සම්බන්ද වෙන්නේ පහල ඉන්න රජ්‍යසේවකයා නිසා සියලුම බැනුම් චෝදනා එන්නේ ඒ යටම තමයි..