ලංකාව හෙන විනෝදජනක තැනකි.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,180
    8,184
    113
    M-Town
    ලංකාව හෙන විනෝදජනක තැනකි.

    අද කොළඹ එන්න නැග ගත්ත බස් එක මගදී මහා ට්‍රැෆික් එකකට අසු වෙච්ච නිසා හැමෝම බෙල්ලවල් දික් කරගෙන හේතු සොයති. චැක් ගාති , චුක් ගාති, ඔරලෝසුවේ වෙලාව බලමින් ඔරවති.

    බලද්දී පාර මැද මහා පාන් දන්සැලකි. පොඩි වුන්, තරුණ කොලු කෙල්ලන්, වයසක ආච්චිලා සේරම පාරේ යන වාහනවලට පැනලා සීනි සම්බල් සැන්ඩ්විච් බෙදනවා. බස් එකේ මිනිස්සු කලබල වුනේ නාලාගිරි දමනය සජීවීව දැක්ක ගානට.

    "අනේ මටත් ආසයි පාන් කන්න"

    මගේ ළඟ සීට් එකේ මනුස්සයා කිව්වේ හත් දවසකින් නොකාපු කෙනෙක් වගේ.

    ඒ වෙලාවේ අර දන්සැල කරන මිනිස්සු වියරුවෙන් වගේ බස් එක වටකර ගත්තේ සොම්බි ප්‍රහාරයක් සිහි ගන්වමින්. කොන්දොස්තර මහත්තයා දොර ඇරියම සීනි සම්බල් සැන්විච් වලින් අපිට ගැහුවේ නැති ටික විතරයි. බස් එකේ මිනිස්සුත් පොරකාගෙන සැන්විච් ගත්තේ හෙට ඉඳලා කෑම ලැබෙන්නේ සලාක ක්‍රමයට කියලා හිතාගෙන වගේ. බස් එකේ ෆුට් බෝඩ් එකේ තනි අතින් එල්ලිලා එක සංවිදායක ආච්චි කෙනෙක් මටත් සැන්විච් එකකින් දමා ගහපු විදිය මනනන්දනීයි.

    එතන ඉඳලා බස් එක ට්‍රිප් එකක් යන වන්දනා නඩයක් වගේ වුනා. හැමෝම සැන්විච් කන අතරේ කොන්දොස්තර මහත්තයා වතුර බෝතලයක් වටේ යවනවා. ලෙච්චමීලා, සිරියාවතීල, ෆාතිමාල ඔක්කොම හිනා වෙවී කච පච ගෑවේ ජීවිතේ පලවෙනි වතාවට සැන්විච් කනවා වගේ. අලුතෙන් බස් එකට මිනිස්සු නග්ග ගනිද්දී කොන්දොස්තර කෑගැහුවේ මෙහෙම.

    "නගින්න නගින්න සීට් තියෙනවා, කන්න පානුත් දෙනවා"

    ප්‍රීති වෙසක් 😀😀😀
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ වෙන රටවලත් ෆ්‍රී ෆූඩ් දෙන තැන්වල මිනිස්සු ඔහොම තමයි. ඒවා හෙන පොෂ්ද

    1683330747421.png


    1683330992444.png


    ඕක මිනිස් ලක්ෂණයක් මිසක් ලංකාවේ විතරක් තියන දෙයක් නෙවෙයි. ෆ්රී කිව්වම මිනිස්සු නිකන්ම ඇදිලා යනවා. ඕව ඉතින් මාකටින් කරන උන් නම් හොදට දන්නවා.

    1683331058119.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    බොරු අධිමානෙන් පෙලෙන කෙනෙක්ගෙ ලියවිල්ලක්.

    දන්සැල ඔච්චර අප්‍රසන්න නම් මේ මිනිහා මෙච්චරකල් ලංකාවේ සමාජයේ නොගැටී isolate ව ජීවත් වෙලා තියෙන්න ඕනැ.