ලංකා බැංකු සීන් එක
මචංලා අද නුවර ලංකා බැංකුවට ගියා.. සල්ලි වගයක් දාන්න.. ඉතිං එකෙක් ඇවිත් වෙන කොහෙදෝ ලංකා බැංකුවකින් එක්ලක්ෂ තිස්දාහක් දාලා.. ඒකෙන් දාහක් කැපිලා.. ඇයි කියලා ඇහුවම මුන් හේතුවක් කියන්නෑ.. උට මලපැනලා ඒ සල්ලිත් අරගෙන පොතත් ක්ලෝස් කරලා යන්න ගියා බැංකුවටත් හමන්නලා.. මම පිටිපස්සෙන් හිටියෙ.. මූ මගෙත් බෑන්ක් ස්ලිප් එක අරගෙන එකවුන්ට් එක චෙක් කරලා කියනවා ඔයාටත් ඔය ප්රශ්ණෙම එනව පුතා.. දැන් බැන්කු පොතේ බැලන්ස් එක එක්දාස් පන්සීයට අඩුවුන ගමන් හැම මාසෙටම රු. 25ක් කැපෙනවලු. මට එකවුන්ට් එකේ 25 ගානෙ කැපිච්ච එව්වත් පෙන්නුවා.. මම නම් විස්තරෙත් අහගෙන ආවා එන්න. මෙතැන මට නම් ගැටළුවක් නැහැ මොකද ලංකා බැංකුවෙ පොතට මම ඉඳල හිටල ඩිපොසිට් කරන්නෙ කීයක් හරි. ඒත් ගොඩක් රජයෙ සේවකයොන්ගෙ එහෙම පඩි ආවම ඒ අය බැංකුපොතේ ගන්න පුළුවන් අන්තිම ගාන වෙනකං ගන්නවා.. ඒකෙන් වෙන්නෙ.. ඊළඟ පඩි ආවම රු.25ක් කැපෙනවා.. එහෙම එහෙම කී දාහක් මුන් මිනිස්සුන්ගෙ හූරං කනවා ඇත්ද..











කොමර්ෂල් එකත් නරකම නැහැ.

