එහෙම සීන් එකක් නෙවෙයි බන්. ඒක ටිකක් වෙනස් කතාවක්. මම private sector එකේ ටිකක් ප්රසිද්ද investment bank එකක වැඩ කරන්නෙ. මාසෙකට 1 lak වගේ salary එකක් ගන්නව. කෙල්ලව Set උනේ A/L කාලෙ. දෙන්නම නුවර, දෙන්නම එකම uni එකට ගියේ. ඒත් job කරන කාලෙ වෙනකොට කෙල්ලට එච්චර හොඳ ජොබ් එකක් සෙට් උනේ නෑ. කෙල්ල කියනව ඒ එයා කරපු degree එකේ value එක අඩු නිසා ලු. Value eka අඩු ම නෙවෙයි උන්ගෙ field එකේ ඉන්න කුහක උන්ගෙ ප්රශ්නයක්. ඔතනින් මට ප්රශ්නෙ ආවෙ ඕක කරන්න කියල suggest කරේ මම. කවුද දන්නෙ බන් ඔය ප්රශ්න. කැම්පස් යන කාලෙ අපිට හැම එකාම කිව්වෙ ඕක පට්ට degree එකක්, ලංකාවටම අවුරුද්දට 60යි out වෙන්නෙ වගේ බයිල. කතාව බොරු මත් නෙවෙයි ඒත් උන්ගෙ feild එකේ හෙන ප්රශ්න. හරියට ගෙවන්නෙත් නෑ කෙල්ලට රස්සාව එපා වෙලා රට යන්න ඕනි උනා. ඒත් මගේ වැඩි කැමැත්තක් නෑ ඒ වැඩේට මගේ පෞද්ගලික ප්රශ්න වගයක් නිසා සහ කෙල්ල යන්න හදන්නෙ කිසි plan එකක් නැතුව. මට ගිහින් තියෙන ටිකත් නැතිවෙයි සහ ගිහින් මොකක් හරි වෙලා ආයෙ එන්න උනොත් ජොබ් හොයාගන්න හෙන අමාරු නිසා මගෙ field එකේ. අනික ගියත් related ජොබ් එකක් නම් ලොවෙත් සෙට් වෙන්නෙ නෑ. ඕක ඉතින් හෙන උත්තර නැති ප්රශ්නයක් උනා අන්තිමට. කෙල්ල depress උනා, බෙහෙත් ගත්ත ,හරි ගියේ නෑ. දාල ගියා.
ඕක තමයි කතාව. මට මීට වඩා සල්ලි තිබුනනම් දාල යන්න ඕනි කමක් එන්නෙ නෑ කියල කෙල්ලම පිලිගන්නව ඉතින්. මොකද එහෙම උනානම් කෙල්ලට ඕනි දේවල් කරගන්න සල්ලි ප්රශ්නයක් එන්නෙ නෑ නෙ. කෙල්ල වෙනුවෙන් රට යන එකත් හොඳ අදහසක් නෙවෙයි කියල මට පස්සෙ හිතුන. මොකද අවුරුදු 8ක affair එකක් නවත්තන්න පුලුවන් නම් මේ වගේ දෙයක් නිසා රට ගිහින් මට හරි හමන් job එකක් ලැබුනෙ නැත්නම් , ජොබ් එක නැති උනොත් මොකක් හරි වෙලා, එහෙම නැත්නම් වෙන ප්රශ්නයක් උනොත් මේ කෙල්ල මගේ ලඟ ඉදියිද කියන ප්රශ්නෙ මට තදටම දැනුන. මොකද කොල්ලෙක්ට අමාරු කාලෙ උගෙ ලඟ ඉන්න, ඌව motivate කරන කෙල්ලෙක් තමයි ඕනි. නැතුව උට තමන්ගේ target ගැන කිය කිය ඒවට timeline.හද හද ,deadline දීල අරූව depress කරන කෙල්ලෙක් නෙවෙයිනෙ. ඒ නිසා මම ඒ කෙල්ල පස්සෙ යන එක නැවැත්තුව බන්. දුකයි තමයි. ඒත් කාලය ප්රශ්න විසඳයි කියල හිතනව.
සල්ලි පස්සෙ මැරීගෙන යන්න මගෙ කැමැත්තක් නෑ අනික. මට ඕනි කාල බීල කාටවත් කරදරයක් නොවී මගෙ පාඩුවෙ සතුටින් නිදහසෙ ඉන්න. ගෑනුන්ට ඕව හරියන්නෙ නෑනෙ බන්. උන්ට ඕනි උන්ගෙ යාලුවො ඔක්කොම එක්ක compare කරල.උන් ඔක්කොටම් වඩා හොඳට ඉන්න. ඔන්න නොගැලපීම්.
පුලුවන් උපරිම කෙටියෙන් ඔන්න කතාව කිව්ව.