ලොකු උදව්වක් අවශ්‍යයි!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු උදව්වක් අවශ්‍යයි!!!

    එළකිරිවාසී මිතුරනි, මිතුරියනි!

    ලොකු උදව්වක් අවශ්‍ය වෙලා තියනවා මට.....

    ඔබ දන්නවා ඇති අපේ ලාංකික ගායකයන්-ගායිකාවන් ඉන්නවා වෙනත් භාෂා වලින්-විශේෂයෙන් ඉංගිරිසි බසින්- ගී ගයන. ඔවුන් එතරම් ප්‍රසිද්ධ නෑ. නමුත් මා මෑතකදී ඇසූ සමහර ගීත ඔවුන් ගයා ඇති,- වෙනත් බටහිර ගායක-ගායිකාවන් ගයා ඇති ගී වගේ ම මේ රටෙන් උපන් ඉංගිරිසි ගීත- අතිශය ප්‍රශස්ත තලයක තිබුනු බව නොකියා ම බෑ. විශේෂයෙන් මා ඇසුවා යම් ශ්‍රී ලාංකික තරුණ ගාන්ධර්වයෙක් ගයන ජිමී ක්ලිෆ් ගේ Many Rivers to Cross සහ චිත්‍රාල් සෝමපාල ගේ “නදී ගංගා තරණයේ“ එක් කල අතිශය චමත්කාර ජනක ගීතයක් (mesh-up එකක්). ගායක-ගායිකාවන් ගේ නම් මා හට මතක නෑ. හේතුව ඔවුන් අප එතරම් නොදන්නා නිසා. ඔබ දන්නවා නම් මෙවන් සැගවුනු, විශේෂයෙන් සුපිරි තරු හෝටල් වල රාත්‍රී සමාජ ශාලා වල ඉතා මුදු-මධුර හඩින්, විදෙස් භාෂා වලින් ගී ගයන අපේ ලාංකික ගායක-ගායිකාවන් ගැන,

    කරුණාකර මා හට දක්වන අනුග්‍රහයක් ලෙස ඔවුන් ගේ නම් සහ ගීත මෙහි පල කරන්න.

    මේ වියැකෙන්නට දින ගනින, අනාගත සසල හද විල් තෙර වැඩසටහනක් වෙනුවෙන්.............


    P1ozQYw.jpg
     
    • Like
    Reactions: blue_in_rio

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ගයන්නේ සුරත් ගොඩ්ෆ්‍රී.........
    නමුත් මම අහපු ගීතය ගයන්නේ ඔහු නෙවෙයි....මට නම මතක නැත......:(:(
    ඒක මීට වඩා ඉතාම විශිෂ්ඨ ගායනයක්..........