ලෝක ආගමික ජනගහණය

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මට නම් ආගම් ගැන විශ්වාසය නැති වුණේ ආගම වෙනුවෙන් පෙනී ඉන්නවා කියන උන් නිසාමයි.... බුදු හාමුදුරුවෝ දවසකට හැතැප්ම ගණන් ඇවිද්දා.... මහ නායක හාමුදුරුවෝ පන්සලට වෙලා සැප විදිනවා.... බුදුන් වහන්සේ නිකංම ගෞතම බුද්ධ... හැබැයි අපේ හාමුදුරුවන්ගේ නම පරිච්ඡේදයක් තරම් දිගයි.... බුදුන් මැදුම් පිළිවෙතක් ගැන කතා කරන කොට හාමුදුරුවරු සුරසැප විදිනවා... දැන් කියයි ඒක ආගමේ වැරද්දක් නෙවෙයි... භාවිතාවේ වැරද්ද කියල.... භාවිතාවේ නැති ආගමක් කන්නද...? පල්ලිවල ඉන්න පාදිලියොත් එහෙම තමා... කුරුසේ මැරුණු එකාටත් පව්.....

    උබ බෞද්ධ දර්ශනය පිලිගන්නවාද නැද්ද විසාවසද නැද්ද තීරනය කරන්න ඔනේ ඒක අධ්‍යනය කරලා , ඒක නොකර හාමුදුරුවන්ගේ ගුණ දොස් පස්සේ ගිහිල්ල වැඩක් නෑ බන්.
    උබ ආසනම් එහෙම , ඒක කරපන් :)
    හැබැයි ඒක හරිලේසි, උබ විතරක් නෙවෙයි බෞද්ධයෝත් ඉන්නවා එහෙම කරන.මගේ අදහසනම් ඒක එහෙම වීමට , වර්ථමාන බුදුසමයේ (රටතුල බුදුදහම ඉගැන්වීනේ හා ප්‍රැක්ටිස් කෙරීමේ ක්‍රමවේද වල තියන අඩුපාඩු.උදාහරනෙකට ධයානයක්වත් ගන්න විදියක් සාමීන්වහන්සේ කෙනෙක්ට/ගුරුවරයකුට කියලාදෙන්න පුලුවන්නම් මිනිස්සුන්ට මේක ගොඩක් ප්‍රායෝගික වෙනවා.අඩුමගානේ දහම තෙරෙන්නැති එකා ධානයෙන් හරි වැඩක් ගන්නවා.ටික කාලෙකින් උට බැරි උන ටිකත් අල්ලගනී.එහෙම නොකර හැමෝටම මේකේ මූලික ඉගැන්වීම්/හරය විතරක්ම කියලා දුන්නම වෙන්නේ කොටසක් අය තේරුම් ගනී.තව කොටසක් අය මේකෙන් ප්‍රායෝගික භාවය බලද්දී එහෙමදෙයක් ගලපගන්න බැරි උනොත් තවත් දර්ශනයක් කියලා පැත්තකට දානවා.)

    මට තියන ප්‍රශ්නේ ගොඩක් මිනිස්සු වාහනයක් ගන්න ගියොත් ස්මර්ට් විදියට ඒක ගන හොයල බලනවා, ඵෝන් එකක් ගන්න ගියත් ස්මාර්ට් මිනිස්සු.ඒත් මෙතනදී සමහරු ස්මර්ට් නෑ,සෝස් එක බලන්නෑ, මොකක්ද මේකේ ඉගැන්වීම කියලාබලන්නෑ ඒ වෙනුවට හාමුදුරුවෝ පස් පවුකරනවා ඒනිසා බුද්ධාගම ගැන පැහැදීමක් නෑ කියන එක.
    සමහර විට ඇත්තටම ඇත්ත කතාව ඒඅය එහෙම කිව්වට බුදුදහම දැනගැනීමට ඇත්ත උවමනාවක් නැතිකම කියල හිතන්න පුලුවන්.ඊටපස්සේ ඛොහේ හෝ වෙන දෙයක් පෙන්නලා අපෝ ඒක හරියන්නෑ කියනවා.
    ඇත්ටටම උවමනාවක් නැතිනම් ඒඅයට ඒක පෙන්නන්න යන එක තේරුමකුත් නෑ.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබ බෞද්ධ දර්ශනය පිලිගන්නවාද නැද්ද විසාවසද නැද්ද තීරනය කරන්න ඔනේ ඒක අධ්‍යනය කරලා , ඒක නොකර හාමුදුරුවන්ගේ ගුණ දොස් පස්සේ ගිහිල්ල වැඩක් නෑ බන්.
    ................ .

    මම උඹගෙන් පුංචි ප‍්‍රශ්නයක් අහන්නං (නොදන්නකමට)....
    උඹ නිර්වාණය අර්ථ ගන්වන්නේ කොහොමද?
    නිර්වාණය හා බුද්ධාගම අතර තියෙන සම්බන්ධය කුමක් ද?
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සියළු ආගම් පදනම් වෙලා තියෙන්නෙ අන්ධ විශ්වාසය මතයි. කුඩා කාලයේදි තමාගේ ඔළුවට ඇතුළු කරන ලද සංවිධිත මිථ්‍යාවන් සියල්ලෙන්ම ගැළවෙන්නමිනිසාට බැහැ. ඒ වගේම ජීවිතයේ පසු කාලීනව බුද්ධිහීනතාවය, භය නිසා වෙනත් මිථ්‍යා පද්ධතියක් හෝ සත්‍ය කියා විශ්වාස කිරීම මනෝ විද්‍යාත්මකව ගළවාගන්න අපහසු වෙන්නෙ වර්තමානයේ ශේෂව පවතින ආගම් වල විශේෂ ගුණයක් නිසයි.

    ඒ තමයි " සර්ව සාධාරණ සමාශ්වාසය".ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් දැනගත නොහැකි බුද්ධිය මෙහෙයීමෙන් මේ වන විටත් අවබෝධ කොට නැති. මිනිස් ප්‍රඥාවෙන් තවමත් විසදා නොමැති ගැටළු වලට සියළු දෙනාටම සැනසීමට හැකි සාධාරණ පිළිතුරක් සම්මුතිකව සියළු ආගම් වලින් සපයා තිබීම. මේ පිළිතුර සැනසිළිදායක මෙන්ම සර්ව සාධාරණ නිසා සාධාරණ සමාශ්වාසී ගුණයෙන් යුක්ත ඕනෑම දර්ශන පද්ධතියක් ප්‍රජාව විසින් ආගමක් ලෙස වැළන්ද ගන්නවා. ඒ ගුණයෙන් තොර කිසිම දර්ශනයක් ආගමක් වන්නේ නෑ. විද්‍යාව කිසිදිනක ආගමක් නොවන්නේ ඒ නිසයි. විද්‍යාවෙන දිනෙන් දින පෙර නොවිසඳූ ප්‍රශ්න වලට විසඳුම් දෙමින් පෙර නොවූ අවබෝධය සාක්ෂි සහිතව ස්ඵුට කළත් ඒ විසඳීම්වල සත්‍යතාව නිරවද්‍යතාව මිස ඒවායේ සැනසිලිදායක බව ගැන වද වන්නේ නෑ. විද්‍යාවෙන් සොයා ගන්නා දේ නිරවද්‍ය මිස ඒවාගෙන් මිනිසාට සර්ව සාධාරණ සමාශ්වාසයක් සපයන්න විද්‍යාත්මක ක්‍රමය ඉඩ සළසන්නේ නෑ. ආගම් මෙහි අනිත් පැත්තයි.

    ඒවාගෙන් ප්‍රශ්න වලට විසඳුම් දෙනවා. ඒවා අතාර්කිකයි, සාක්ෂි ස්ත්‍යාපනයෙන් තොරයි , නිර්සාධිතයි. නමුත් ඒ ඒ කාල වලදී බොහෝ දෙනෙකුට වටහාගැනීමට හැකි ඒ ඒ කාලයට සාපේක්ෂ වූ යම් පිළිතුරක් දී ඇතුවා මෙන්ම ඒ ඉගැන්වීමේ ( පිළිතුරේ ) සැනසිල්ලක් ගැබ්වෙනවා.
    උදා: විමුක්තිය, ගැළවිල්ල, අප විශ්වාස කරන අබිරහස, නිවන , ස්වර්ගය ....

    නමුත් විද්‍යාව මගින් ක්‍රමානුකූලව ලෝකයේ ප්‍රශ්න විජටනය කරන විට ක්‍රමක්‍රමයෙන් ආගම් වල ඉගැන්වූ මූලික පැහැදිළිකිරීම් සාවාද්‍ය බවට සාධනය වෙනවා. එසේ වුවත් විද්‍යාව සියල්ල තවම විසඳා නොමැති වීම නිසා ආගමට පැවැත්ම තාම තිබෙනවා.



    බොහෝ දේවවාදී ආගම් වලින් සපයන වඩාත්ම ප්‍රකීලක ගුණයෙන් යුත් පිළිතුර නම් මැවුම්කාර දෙවියන් යන්නයි. මැවුම් කාර දෙවියන් මනුෂ්‍ය චින්තනයේ පර්යන්තයන් මුද්‍රා තබනවා. ඕනෑම දෙයක කෙළවර සොයා යෑමයි අනවරත විද්‍යාත්මක ඤාණ ජනනයට ඉවහල් වන ප්‍රධානම කරුණ. නමුත් මෙය දිගින් දිගටම කරන්න කරුණු දෙකක් බාධා කරනවා. ඒ තමයි චින්තකයාගේ දැනුම( හෝ යුගයට සාපේක්ෂව පවතින විද්‍යාව ) සහ තාක්ෂණයේ ඌණතාව. ( දැනුම හා අවශ්‍ය තොරතුරු ලබාගැණීමට ඇති තාක්ෂණික මෙවලම් වල අඩු සංවර්ධනය ) මේ දෙක දියුණු වීම සමගම චින්තන ධාරාව තව තව දික් වෙනවා. ඒ සඳහා කල් ගත වනවා. සමහර විට පරම්පරා ගණනක් හෝ. ( වර්තමානයේ තාක්ෂණ විප්ලවය නිසා මෙය සීඝ්‍ර වුවත්. ) නමුත් මේ චින්තන ධාරාව යම් තැනකින් කඩා එය මුද්‍රා තැබිය හැඛි නම් ඒ අවස්ථාවේ චින්තකයාට ප්‍රකීලණ සැනසීමක් ලැබෙනවා. ඊට හොඳම ක්‍රමය දෙවියන් හෝ මැවුම් කරු. මේ නිසා චින්තනය මදකට නවතා වෙනත් දෙයක් කිරීමට චින්තකයාට හැකියි. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඉහත දෙකරුණේ උන්නතිය සමග චින්තන ප්‍රවාහය දීර්ඝ වීම සමග දෙවියන් වඩාත් පස්සට යනවා. උදාහරණයක් ලෙස වර්තමාන විශ්ව න්‍යාය වේදයේදි දෙවියන් වහන්සේ මහා පිපිරුම් ලක්ෂ්‍යටත් පසුපසට පූර්ව අවධියට තල්ලු වී තිබීම දැක්විය හැකියි. නමුත් ඊට පෙර වසර දහ්ස් ගණනකට පෙර දෙවියන් සිටියේ චින්තන ධාරාවේ ඉතා ආසන්න සමීප ස්ථානයකයි.

    හොද පැහැදිලි කිරීමක්...rep 13+++++
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මම උඹගෙන් පුංචි ප‍්‍රශ්නයක් අහන්නං (නොදන්නකමට)....
    උඹ නිර්වාණය අර්ථ ගන්වන්නේ කොහොමද?
    නිර්වාණය හා බුද්ධාගම අතර තියෙන සම්බන්ධය කුමක් ද?

    තේරුමක් නෑනේද බන්,නිකන් අපි මහන්සිවෙලා ලිව්වට , උබට ඒගැන විස්වාසෙකුත් නෑ කියනවනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ආගම කියන්නේ මිනිසාගේ මානසික අවශතාවයක්.
    මිනිස්සු කල්පනා කරනවා මේ විශ්වය කුමක්ද? අපි ලෝකේ පහල වුනේ ඇයි? , ඇයි අපි දුක් විදින්නේ , මරණින් මතු කුමක්ද? ජීවිතේ අරමුණ කුමක්ද?

    අපි තවත් එක ජීවියෙක් විතරයි. කුබියෙක් වගේ අපි ටික කාලයක් ඉදල වර්ගය බෝ කරලා මැරිලා යනවා. එච්චරයි. මේක පිළිගන්න මිනිස්සු කිසිසේත්ම ලෑස්ති නැහැ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    Slip wuna neh... :P

    උබ ඔය ප්‍රශ්නේ නොදන්න කමට අහන ඔය 'පුන්චි ප්‍රශ්නේ' කලිනුත් දවසක ඇහුවනේ අර ජනාධිපතියත් එක්ක සෙට් වෙලා.
    ඒ ත්‍රෙඩ් එක බලාපන් දැන් අවුරුද්දක් දෙකකට කලින්.
    Hint- උට උත්තරදෙද්දී උබත් තව පැත්තකින් ඇවිත් මාව විවේචනය කරන්න ගත්තේ නිවන බොරුවක්ද මොකක්ද කියගෙන.

    ඉතින් බන් උබ අයෙත් ඕකම අහන්නේ ඇත්තටම නොදන්න කමටවත්, උබ වෙනස් වෙලාවත් නිසා නෙවෙයිනේ.උබත් දන්නවා මොකටද අහන්නේ කියලා , මමත් දන්නවා මොකටද උබ අහන්නේ කියලා.අනික මම උබට මුල් රිප්ලයි එක දෙද්දීම මම දන්නවා ඒක අහනවා කියලා. :)
    ඒනිසා කාලේ නාස්තිකරන එක වැඩක් නෑ, ඒ ත්‍රෙඩ් එක බලාපන්.නිකන් රෙපීට් කරන එක වැඩක් නෑනේ.
    සරලයි මචන්, බුදුදහම පිලිගන්න එපා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ලෝකයේ දවසින් දවස ඔප්පු වෙන නියමයක් තීනවා

    ඒක තමයි



    All religions = fake
     
    • Like
    Reactions: Durotan

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආගම කියන්නේ මිනිසාගේ මානසික අවශතාවයක්.
    මිනිස්සු කල්පනා කරනවා මේ විශ්වය කුමක්ද? අපි ලෝකේ පහල වුනේ ඇයි? , ඇයි අපි දුක් විදින්නේ , මරණින් මතු කුමක්ද? ජීවිතේ අරමුණ කුමක්ද?

    අපි තවත් එක ජීවියෙක් විතරයි. කුබියෙක් වගේ අපි ටික කාලයක් ඉදල වර්ගය බෝ කරලා මැරිලා යනවා. එච්චරයි. මේක පිළිගන්න මිනිස්සු කිසිසේත්ම ලෑස්ති නැහැ.

    අනිවාර්‍යෙන් ඒක තමයි සිද්ධ වෙන්නෙ...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    no-religion wadi unoth agam uttalata kelawenawa

    un thamange visions follow karagena loketa karadarayak wennathuwa innawanam katawath kelawenne ne.

    un wage aneth ewunuth hithanna ona, ehema hithanne nathi un maranna ona wage logic follow karanawanam unuth muslim wage thamai​