ලෝබ නැතිව අගය කරන්න

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මමත් හිතාගත්තා ජීවිතේ ඉන්න යම් වැදගත් පුද්ගලයන්ට ලියුම් කරදහි කෑල්ලක් හරි දාලා අගය කිරීමක් කරන්න ඕනේ කියලා.. ස්තුතියි.
 
  • Like
Reactions: BonziBUDDY

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් හිතාගත්තා ජීවිතේ ඉන්න යම් වැදගත් පුද්ගලයන්ට ලියුම් කරදහි කෑල්ලක් හරි දාලා අගය කිරීමක් කරන්න ඕනේ කියලා.. ස්තුතියි.
    අනිවාර්යයෙන්ම... ගොඩක් අය Thread එකක් දාලා ඉල්ලනවා දැකලා තියනවද, rep එපා... කොමෙන්ට් කරන්න කියලා. ඇත්තටම rep වලට වඩා එක වචන දෙකකින් කරන අගය කිරීමක තියන වටිනාකම කියලා නිම කරන්න බැහැ. :D
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටිනා ලිපිය සහෝ.. ආසාවෙන් කියෙව්වෙ.. ඔයා අන්තිමට ප්‍රශ්නයක් අහලා තිබුණනේ.. මගේ ජීවිතයේ අගය කරන්න ඕන කිහිපදෙනෙක් ඉන්නවා.. මුලින්ම මං මෙලොවට බිහි කරපු මගේ ආදරණිය අම්මා.. ඒ වගේම දහදුක් විඳලා මාව හදපු වඩපු මගේ ආදරණිය තාත්තා.. තුන්වෙනුව මට හය හතර කියාදීපු ගුරුවරුන් සියල්ලම.. එයාල මට පාඩම් වගේම ජීවිතයත් කියා දුන්නා.. මං අද යම් තැනක ඉන්නවා නම් ඉන්නෙ ඒ ගුරු දෙව්වරු නිසා.. හතරවෙනියට මං වැඩ කරන කාර්යාලයේ බොස්.. මට ජිවිතය ජයගන්න හුඟක්ම අතහිත දුන්නු කෙනෙක්.. පස් වෙනියට මගේ යහලුවන් සියලුදෙනාම.. සයිබර්අවකාශයේ සහ සැබෑ ජීවිතයේ.. නම් වශයෙන් නම් අගය කරන්න ඕන විශාල පිරිසක් ඉන්නවා.. ඒත් කාලය මදි..

    floral-hair-comb-09.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියෙ නම් විශාල පිරිසක් ඉන්නවා අගය කරන්න ඕනි.. ඒත් ඉතිං නම් වශයෙන් කියන්න අමාරුයි..
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    බොහොම ස්තුතියි ඕබේ දැනුවත් කිරිමට.මම මානව සම්පත් අංශයේ වැඩ කරන කෙනෙක් මම මේ අගය කිරිම හොදින් අත්හදා බලපු කෙනෙක්.අගය කිරිමකදි මිනිසුන් කොතරම් කාර්යක්ෂමව වැඩ කරනවද කියන එක මම හොදින් තෙරුම් ගත්තා.

    මගේ ජිවිතේ මම වැඩියෙන් අගය කරන්නෙ මගේ අම්මා.අද මම සමාජයේ යම් තැනක සිටිනවා නම්.ඒ ශක්තිය මට දුන්නේ මගේ අම්මා
     
    • Like
    Reactions: BonziBUDDY

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මෙතෙක් දුරක් මගෙ ජීවිතයේ නන් අයුරින් උපකාර කල සැම දෙනාම අගය කරන අතර පාසල් සමයේ තිස් හය දෙනෙකුගෙන් යුත් සාමන්්ය පෙළ පංතියේ තිස් ගනනින් ඉහලට නො ආ මා ඉගනීම සඳහා දිරිමත් කල දැනුමින්ද සවිමත් කර විශ්වවිද්යාලය කරා ගෙන ආ මගෙ කලණ මිතුරා මම අගය කරමි. අදටද ඔහුගේ උදව් එසේමය.
    nice thread :D:D:D
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එළකිරියෙ නම් විශාල පිරිසක් ඉන්නවා අගය කරන්න ඕනි.. ඒත් ඉතිං නම් වශයෙන් කියන්න අමාරුයි..
    බොහොම ස්තුතියි සොයුර. ඔබට හැකි නම් Elakiri එකේ ඉන්න අගය කරන්න ඕනි කියලා හිතෙන එක් කෙනෙක්ව අගය කරන්න. එතකොට ඒ කෙනා තව කෙනෙක්ව අගය කරයි... එහෙම මේක Chain එකක් වගේ යයි කිය, ඒ අදහසින් තමයි මම මේ Thread එක දැම්මේ.:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ මම අගය කරන කෙනා..............
    කොස්&පොල් සහෝදරයා.........
    වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි....තමන් ගේ බිරිදට, දරුවන්ට තියන ආදරය නිසා..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර මා ගැන ලියල තිබ්බ දේ සහෝදරයා...... :(
    මං ඒ තරම් අගය කිරීමකට ලක් වෙන්න ඒන කෙනෙක් ද?
    ඇත්තට ම ඇඩුණා ඒක කියවද්දී........මම එච්චර දෙයක් කරනව කියල මම නම් හිතන්නේ නෑ.....
    නමුත් ඒක බොහේ දෙනෙකුට දැනිල තියනව කියල නම් තේරෙනවා...

    පින් සිදුවේවා!! ඒ අගය කිරීම මා තව පැයක් හෝ වැඩි පුර ජීවත් කරාවි!!!!!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරියේ මම අගය කරන කෙනා..............
    කොස්&පොල් සහෝදරයා.........
    වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි....තමන් ගේ බිරිදට, දරුවන්ට තියන ආදරය නිසා..........

    :love::love: