ලෝබ නැතිව අගය කරන්න

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙතෙක් දුරක් මගෙ ජීවිතයේ නන් අයුරින් උපකාර කල සැම දෙනාම අගය කරන අතර පාසල් සමයේ තිස් හය දෙනෙකුගෙන් යුත් සාමන්්ය පෙළ පංතියේ තිස් ගනනින් ඉහලට නො ආ මා ඉගනීම සඳහා දිරිමත් කල දැනුමින්ද සවිමත් කර විශ්වවිද්යාලය කරා ගෙන ආ මගෙ කලණ මිතුරා මම අගය කරමි. අදටද ඔහුගේ උදව් එසේමය.
    nice thread :D:D:D
    :love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අහෝ...! ඔබ පැවසු සත්‍යය පසක් වන විට දැනෙන වේදනාව මේ යැයි කියා නිම කළ නොහැක :( .

    කෙසේවෙතත් සොයුර ඔබ සතුටු වන්න... ඒ මේ ලෝකයේ හොඳම තාත්තාට පුතෙක් වන්නට තරම් ඔබ පින්කර තිබූ බව සිතන්න. ජීවිතයේ මෙතෙක් ලද, මෙතනින් එහා ලබන සෑම ජයග‍්‍රහණයක් පිටුපස සිටි යෝධ සෙවණැල්ල මේ තාත්තා බව ඔබ සිහිකරන වාරයක් පාසා ඔහුට සුගතියක්ම අත් වනු ඇත.
    :)

    (සිංහබාහු නාටකගේ "ගල් ලෙන බිදලා" ගීතය පිය සෙනෙහස තුලින් මා දුටු ආකාරය විචාරයක් ලෙස දත් කිබුලා සොයුරාගේ සුන්දර ගීයක ඇරබුම 2 හි පල කර ඇත. මදක් පිවිස බලන්න... ස්තුතියි )

    :( :(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අන්තිම කොටස කියවද්දී ඇහැට කඳුලක් ඉනුව. ඇත්තටම අපි කෙනෙක්ව අවංකව අගය කිරීමෙන් සෑහෙන වෙනසක් කරන්න පුළුවන් නේද කියල හිතුන. බොහෝම ස්තූතියි මේක බෙදාගත්තට.......

    අම්ම තාත්ත ඇරුනම මගේ ජීවිතයට වඩාත්ම සමීප වෙච්ච් චරිතය මගේ සීයා.... :yes:
    නමුත් ඔහු අද අප අතර නැති නිසා අගය කරන්න විදිහක් නෑ.... :(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අන්තිම කොටස කියවද්දී ඇහැට කඳුලක් ඉනුව. ඇත්තටම අපි කෙනෙක්ව අවංකව අගය කිරීමෙන් සෑහෙන වෙනසක් කරන්න පුළුවන් නේද කියල හිතුන. බොහෝම ස්තූතියි මේක බෙදාගත්තට.......

    අම්ම තාත්ත ඇරුනම මගේ ජීවිතයට වඩාත්ම සමීප වෙච්ච් චරිතය මගේ සීයා.... :yes:
    නමුත් ඔහු අද අප අතර නැති නිසා අගය කරන්න විදිහක් නෑ.... :(
    ඒ ආදරේ ගැන නම් කියලා ඉවර කරන්න බැහැ. ආච්චි අම්මා - සීයා කියන්නේ ඉතින්
    yoyo-emoticon-1-019.gif


    සොයුර, මේ එළකිරි සමාජය තුල ඔබ සිත් ගත් සොයුරෙකු අගයන්න. ඒ මතින් මෙය ගලා යාමට යලි අවස්තාවක් ලබාදෙන්න. ස්තුතියි:yes:.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කාලෙකින් ලැබුනු වටිනා හා සුන්දර අදහසක්.......

    ..............................................................
    peopleAppreciation.jpg


    මම මෙතනදි තවදෙයක් මතක් කරන්න හිතුව...::cool:

    යම් පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙක්ගෙ ගුණයක් දැකල ඒ ගුණය ප්‍රසිද්දියේ ඇගයීමකට ලක්කරන්න පුලුවන් කියන්නෙ ඉහත කී පුද්ගලය තුල විශාල පෞරුෂත්වයක් තියනව කියන එකයි. පෞරුෂත්වය හීන කෙනෙකුට වෙනත් අයෙක්ව අගය කරන්න බෑ...:no: :no:ඒ වගේම අගයකලයුතු තැන අගයකීරීම තුලින් ඔබේ පෞරුෂත්වය කැපීපේනව.:yes: ඒත් ලාංකික සින්හල සමාජය තුල "පෞරුෂත්වය" කියන වචනයට තියෙන්නෙ බොහොම පටු, බොලද හා පුහු අර්තකතනයක් (බොහෝවිට ). අපේ බොහෝ දෙනෙක් හිතන්නෙ පෞරුෂය කියනෙ : 6x4 පංචස්කන්දයක් තියන, බඩමහත, කලු උඩුරැවුලක් තියන, වැඩක් ඇතත් නැතත් බොරුවට බෙරිහන්දෙන, මුනෙ හිනාවක් නැති, කොච්චර හොද දැක්කත් කිසිවිටකත් අගය නොකරන, පොඩිවැරැද්දත් ආනන්තරීය පාපයක් විදිහට දකින පුද්ගල ස්වාබාවයක් විදිහටයි:no:. ඒත් ඒක සිගිති ගොන්පාට් එකක් විතරයි ....:rofl: නියම පෞරුෂය තියෙන්නෙ: නිහතමානීකම, බොහෝ ඇසු-පිරූ තැන් ඇතිකම, දයාව, ප්‍රශන්නකම, කලබලනොවීම, උපේක්ශාව හා නිසිදේ නිසිතැන පැසසීමට ඇති හැකියාව තුලයි:D. නමුත් සමහර අපේ මිනිස්සු තමන්ගෙ පෞරුෂත්වයට හානියක් වෙයි කියල හරි, ඇගයීමට ලක්කිරීම බොලද දෙයක් කියල හරි හිතාගන නිසිදේ නිසිතැන ඇගයීමට මැලිවෙනව මම පුද්ගලික්වම දැකල තියනව. බොහෝ වෙලාවට ඔය සාධුශීලයි, ගුනෝපේතයි, පරමාදර්ශියි කියන අපේ සිංහල සමාජය පොඩිදරුවෙක් හෝ තමාගෙ මට්ටමට සමනොවෙන කෙනෙක් හෝ හොදක් කලොත්හරි, වැරැද්දක් පෙන්වාදුන්නොත් හරි ඒක අගයකිරීමට මැලිවෙනව....:oo:හැබැයි මේ සමාජය බෝහෝවිට දන්නෙනෑ ඇගයීමකට ලක්කරන්න වැයවෙන වචන 2-3කින් මහා වෙනසක් කරන්න පුලුවන් කියන එක.... සමහර විට එය ජීවිත නැතිවෙන යුද්දයක් නැවැත්වීමක් වෙන්නත් පුලුවන්.....:yes::yes:

    මගේ ජීවිතයෙ මම අද ඉන්න තැන ගැන මට පුලුවන් උපරිමයෙන්ම අගය කරන්නෙ මගෙ ආදරනීය අම්මට....! මගෙ අම්ම නොසිටියානම් මම අද කොතනක ඉදීවිද කියල හිතන්නවත් මට බැහැ!!!!! හැබැයි මම අද ලබාගන තිය
    ජයග්‍රහනයන්ගෙ උපරිමය පෙන්වන්න මගෙ අම්ම ජීවත් නොවීම ගැන මම හැමදාමත් අඩනව..මේ ලෝකෙ අම්මට සමාන පදනැත...ඒ අන්කිසිවක් නිසානොව අම්මාට සමානවන කිසිවක් මෙලොව නැතිනිසාය...:yes:!


    ඊට අමතරව මගේ ජීවිතකාලෙ මුව නොසෑහෙන්න අගයකලයුතු පුද්ගලයො බොහෝ ගනනක් හමුවෙලා තියනව. ඔවුන් හැමදාමත් මගේ මතකයේ තැම්පත්වෙලා ඉන්නව.....මේ එලකිරි සමාජය තුල ගතහොත්, හැමවිටම හරවත් යමක් ලියන්න ආදුනිකයෙක් වන මා උනන්දුකරවපු ගුරුහරුකම් දුන්නු සොයුරෙක් තමයි මේ හුයේ හිමිකරු වන "BonziBUDDY" සොයුරා..එමනිසා ඔහුව ඇගයීමටත් මම මෙය අවස්තාවක් කරගන්න කැමතියි:D.

    ඒ වගේම සුන්දර මිනිසුන් සමූහයකගෙන් පුරුනු පුදුමාකාර මේ "එලකිරි " සමාජය නිර්මානය කරපු නිරිමානකරුවන්ටත් අපහැමගේම හදපිරි ස්තුතිය හිමිවිය යුතුයි...:D! අවසාන වසයෙන් කිවයුත්තේ : ඇගයීම ඇගයුම් ලබන්නාගේ මනස පමනක්නොව ඇගයුම් කරන්නාගේද මනස සතුටින් පුරවන බවයි ...
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    හොඳ අදහසක්. මම ඉන්න ක්ෂේත්‍රයේත් අගය කිරීම (Edification බල ගැන්වීම ,අගයක් කිරීම)ගැන වෙනම පුහුණු කරනවා. ඇත්තටම එළකිරියේ ගොඩක් අගය කල යුතු අය ඉන්නවා.ඉක්මනටම ආයේ පොස්ට් එකක් දාන්නම්
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එළකිරියෙ නම් විශාල පිරිසක් ඉන්නවා අගය කරන්න ඕනි.. ඒත් ඉතිං නම් වශයෙන් කියන්න අමාරුයි..
    බොහොම ස්තුතියි... ඒ වගේම කියන්න ඕනි, පසුගිය දින කිහිපයේ ඔබ මෙහි අපත් සමග බෙදා ගත ගීත පෙළ මහත් සේ අගය කරන බව. එසේම එය ලබා ගත් සියලු එළකිරි සාමාජික සාමාජිකාවන් අනිවාර්යයෙන් මා සමග එකග වනවා ඇති. එසේම තවත් එවන් වූ වටිනා දේශීය උරුම අපත් සමග ඉදිරියේදීත් බෙදා ගනු ඇති බව මගේ විශ්වාසයයි.:D

    ඔබට හැකි නම් අඩුම තරමේ එළකිරි සමාජයේ එක් කෙනෙක් අගය කරන්න, ඔහු එය මහත් සේ අගය කරනවා නොඅනුමානයි:yes:.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොහොම ස්තුතියි ඕබේ දැනුවත් කිරිමට.මම මානව සම්පත් අංශයේ වැඩ කරන කෙනෙක් මම මේ අගය කිරිම හොදින් අත්හදා බලපු කෙනෙක්.අගය කිරිමකදි මිනිසුන් කොතරම් කාර්යක්ෂමව වැඩ කරනවද කියන එක මම හොදින් තෙරුම් ගත්තා.

    කාලෙකින් ලැබුනු වටිනා හා සුන්දර අදහසක්.......

    මම මෙතනදි තවදෙයක් මතක් කරන්න හිතුව...:

    යම් පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙක්ගෙ ගුණයක් දැකල ඒ ගුණය ප්‍රසිද්දියේ ඇගයීමකට ලක්කරන්න පුලුවන් කියන්නෙ ඉහත කී පුද්ගලය තුල විශාල පෞරුෂත්වයක් තියනව කියන එකයි. පෞරුෂත්වය හීන කෙනෙකුට වෙනත් අයෙක්ව අගය කරන්න බෑ...

    හොඳ අදහසක්. මම ඉන්න ක්ෂේත්‍රයේත් අගය කිරීම (Edification බල ගැන්වීම ,අගයක් කිරීම)ගැන වෙනම පුහුණු කරනවා. ඇත්තටම එළකිරියේ ගොඩක් අගය කල යුතු අය ඉන්නවා.ඉක්මනටම ආයේ පොස්ට් එකක් දාන්නම්
    බොහෝම ස්තුත්යි සොයුරනි... ඉහත ප්‍රතිචාර දුටුමතින් මා සිහියට නැගුනේ මා ප්‍රථමයෙන් රැකියාව කල ස්ථානයයි. එහි හිමිකරු ඉතාම කුඩා ස්ථානයකින් පටන් ගෙන අද ව්‍යාපාර ලෝකයේ හිනි පෙත්තට ගමන් කර ඇති අති සාර්ථක දක්ෂ ව්‍යාපාරිකයෙකි. නමුත් ඔහු තුල මා දුටු දුර්වලත්වය නම් "අගය කිරීම තුලින් කාර්යක්ෂමතාව ලබා ගැනීමේ දුර්වලතාවයයි"

    ඔහු නිරන්තරයෙන් මා සමග පැවසු කරුණක් නම් "සේවකයන් අතර නිරන්තර ඝට්ටන/කෙටවිලි" ඇතිකිරීම තුලින් ප්‍රශ්න අවම කර ගත හැකි බවය. නිරතුරු වැටුපෙන් කොටසක් ආයතනය සතු කර ගැනීමට උත්සහ කිරීම, සේවකයන්ට තදින් සිටීමට ඔහු නිරන්තරව උත්සහ කරන ලදී.

    නමුත්, සේවක අගය කිරීම තුලින් සේවකයෙකුගේ සිතේ ඇතිවන්නාවූ සතුට, ආයතනය කෙරේ ඇතිවන්නාවූ ලැදිබව, තමා වෙනුවෙන් ආයතනය පෙනී සිටින බව (අංශ ප්‍රධානියා නායකයෙකු නොවී, නිසි ඉලක්කය කරා සේවකයන් මෙහෙයවන අතර ඔවුන්ගේ ප්‍රශ්න හමුවේ ඔවුන් වෙනුවෙන් ප්‍රායෝගිකව පෙනීසිටීම) ඔවුන්ට දැනුනු විට ආයතනයේ සිදුවූ කාර්යක්ෂමතා පෙරලිය, නාස්තිය අවම වීම, අතිකාල ගෙවීම් අවම වීම, අත්තනෝමතික අස්ථානගතවීම අවම, සේවකයන් හදවතින්ම ආයතනය අගය කිරීමට පෙලබීම, ආදරය කිරීම... ප්‍රායෝගිකව මෙන්ම, සංඛ්‍යාත්මකව පෙන්වා දුන් මම අද ඉතා සතුටින් වෙනත් ස්ථානයක සිතට එකගව රැකියාවක් කරමි.

    නමුත් මා මේ මොහොතේදීත් මා මුලින් රාජකාරී කල ස්ථානයේ හිමිකරු අගය කරමි. ඒ වෙනස මා තේරුම් ගත්තේ මේ ස්ථානයේදීය. එනම් කොතරම් විශාල කළමනාකාරීත්වයක් තිබුනද කළමනාකාරීත්වය වෙත කොතරම් උගත්කම (qualifications) තිබුනද මා මුලින් රාජකාරී කල ස්ථානයේ හිමිකරු මහා උගතෙකු නොවී තනිව ක්ෂණිකව ගන්නා ඒ ව්‍යාපාර තීන්දු/තීරණ ගැනීමට වර්තමානයේ අවම වශයෙන් දින 30ක් වත් ගතවේ. අවන්කවම මා ඔහු යටතේ සේවය කල ඒ වසර 5 ක සේවා කාලය තුල මා ලද අත්දැකීම, වසර 10ක් විශ්වවිද්‍යාලයක පූර්ණකාලීනව අද්‍යාපනය ලැබුවද ලබා ගත නොහැකි බව මා නිර්ලෝභීව කියමි. :yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙතෙක් දුරක් මගෙ ජීවිතයේ නන් අයුරින් උපකාර කල සැම දෙනාම අගය කරන අතර පාසල් සමයේ තිස් හය දෙනෙකුගෙන් යුත් සාමන්්ය පෙළ පංතියේ තිස් ගනනින් ඉහලට නො ආ මා ඉගනීම සඳහා දිරිමත් කල දැනුමින්ද සවිමත් කර විශ්වවිද්යාලය කරා ගෙන ආ මගෙ කලණ මිතුරා මම අගය කරමි. අදටද ඔහුගේ උදව් එසේමය.
    nice thread :D:D:D
    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ "සැලළිහිණි සන්දේශය" සිහියට නැගුණි. "මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති – බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති...” බිත්තියෙහි ඇඳි රූ කිසිදා පිටුපස නොහරවන්නාක් මෙන් උසස් මිත්‍රයා දුකේදීත් සැපේදීත් එක් ව වාසය කරයි.


    මිත්‍රත්වය ලොව ඇති උතුම් මිනිස් දහමකි. මිත්‍රත්වය හුදෙක් මිනිසත් බවේ පමණක් නොව තිරිසන් බවේ ද පවතින ධර්මතාවක් බව අප අමා මෑණී සම්මා සම්බුදු තතාගතයානන් වහන්සේ දේශනා කර ඇත. යහපත් මිත්‍රයකුගේ අගය වචනයෙන් කියා නිම කළ නොහැකි අතර එවන් මිතුරන් සෙවීම ද පහසු නොවේ.ඔබ ඉතා වාසනාවන්තයෙකි. බොහෝම ස්තුතියි.:D
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    mata nam ithin gedara aya atama mehema etha innakota tama eyalage age danenne..:( thanks bro
    yoyo-emoticon-1-019.gif
    සමාවෙන්න... ඒ ගැන මතක් කරලා දුකක් හිතට දැනුනානම්...

    එහෙනම් දැන් මේ EK එකේ ඔබගේ සිත් ගත මිතුරා/මිතුරිය අගය කරන්න. එතකොට එයාට එක ලොකු දෙයක් වෙයි... එහෙම නේද? ගොඩාක් ස්තුතියි කොමෙන්ට් එකට:D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    yoyo-emoticon-1-019.gif
    සමාවෙන්න... ඒ ගැන මතක් කරලා දුකක් හිතට දැනුනානම්...

    එහෙනම් දැන් මේ EK එකේ ඔබගේ සිත් ගත මිතුරා/මිතුරිය අගය කරන්න. එතකොට එයාට එක ලොකු දෙයක් වෙයි... එහෙම නේද? ගොඩාක් ස්තුතියි කොමෙන්ට් එකට:D
    agaya karanna nam goda denek innawa ek eke..me wage rataka innakota paaluwak nathuwa sl innawa wage danennawa ek inna welawata..
    radio team eka saha GTRZ bro ta wishesha sthutiya..:yes:
    namkiyanna gihin taraha karayan eti kara ganeemata kamathi natha :no: