වකුගඩුවට විස කාබරංකා
"කාබරංකා සිනි වලට හොදයි ලු "
"බලාගෙන ඉද්දි සිනි බහින්නේ"
දියවැඩියාවට බටහිර වෙදකම දිරවන්නේ නැති රෝගියෙක් මට පහුගිය දවසක කිව්ව කතාවක් තමයි ඔය උඩින් දාල තියෙන්නේ.ඔය කියපු කතාව බොරුවක් නොවේ.කාබරංකා කියන්නේ බොහොම ගුණ කෑමක්.සිනි මට්ටමත් පාලනය වෙනවා.
නමුත් ගැටළුවක් තියනවා.කාබරංකා වකුගඩු වලට හොද නැහැ.විශේෂයෙන්ම දියවැඩියාව වගේ වකුගඩු රෝග වලට අත වනමින් ඉන්න රෝගීන්ට.
අපි කවුරුත් දන්නා විදියට වකුගඩු කරන්නේ ලේ පිරිසිදු කරන ක්‍රියාවලියක්.වකුගඩු කියන්නේ සියුම් බට,නාල වලින් හැදුනු අවයවක්.ඔය නල දිගේ මුත්‍රා ගලා යනකොට ශරීරයට විෂ දේවල් අනවශ්‍ය දේවල් පෙරෙනවා.ඔය පෙරුණු ජලය තමයි මුත්‍රා විදියට එලියට යන්නේ.කාබරංකා කාපු රෝගීන්ට වකුගඩුවේ පෙරහන් පද්ධතියේ කැල්සියම් ස්පටික තැන්පත් වීමක් වෙනවා.එතකොට පෙරහන් පද්ධතිය අඩපණ වෙනවා.කොටින්ම කිවොත් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය දුර්වල වීමකට ලක්වෙනවා.
හැබැයි කාබරංකා කාපු හැම වකුගඩු රෝගියෙක්ටම මේක වෙන්නේ නැ.ඒ වගේම මේ ස්පටික තැන්පත් වෙලා වකුගඩු දුර්වල වෙන්නේ මොන රෝගියටද කියලා කලින් කියන ක්‍රමයකුත් නැ.
එක නිසා වකුගඩු රෝගීන් පුළුවන් තරම් පරිස්සං වෙනවා නම් හොදයි.මොකද අපිට මුණ ගැසුණු එක රෝගියෙක් කාබරංකා ජුස් එකක් බිලා වකුගඩු ලේ සුද්ද කරන්න(dialysis) වෙන තරමට වකුගඩු දුර්වල වුන.
ලංකාවේ වකුගඩු රෝගීන් බොහොමයකගේ රෝග නිධානය හොයා ගන්න අපිට තවම බැරි වෙලා තියනවා.එයාලව ලේබල් කරන්නේ හදුනා නොගත් වකුගඩු රෝග කියල(unspecified kidney diseases).ඉතින් මේ වගේ තව කොච්චර හේතු තියනවා වෙන්න පුලුවන්ද අපේ වකුගඩු දුර්වල කරන.

Last edited:

කාබරංගා ගෙඩියක් ඉදලා හිටලා කෑව කියල හෙන ගහන්නෙ නෑ, ඕකෙ අවුල තියෙන්නෙ මේ මෝඩ උකන්නලා කාබරංගා ජූස් හදලා බොනවනේ ඉක්මනට සීනි මට්ටම අඩු කරගන්න කියලා
ඉතින් හික්ගෑවෙනවා උන්ට 