වගා කරන්න උදව් කරන්න

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ගම්පහ නේද ඉන්නේ.ගම්මිරිස්,බුලත් වගේ දෙයක් බැලුවොත් කොහොමද ගම් මිරිස් එහෙම නම් සෑහෙන්න වටින ගම්පහ හැදෙන බෝගයක්..අක්කරයක විතර ඉඩක් තියෙනවා නම් අනික එහෙමකට ලොකු වද සීන් එකකුත් නෑ.ලොකු සේවක ශ්‍රමයක් යන්නෙත් නෑ නේ..ටික ටික හිටවන්න...එගෙන ගන්න වැඩ වලට ලොකු අලාභහානියකුත් නෑ..මොකද ඉගෙනීම තමා ලොකුම ප්‍රාග්ධනය..මොක කලත් කමක් නෑ බිංදුවෙන්ම පටන් ගන්න..එතකොට කවදාවත් වැටෙන්නේ නෑ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    macahn mal ganath poddak hoyala balapan.. orchid wage mal export karanawa... hoda milak thiyanawa.. mulika piriwayak daranna wei eth goda yana wadak! ubata jaya wewa! wade atharinna epa!
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වගේම ඇග්‍රෝමාට් පදනමත් මේ වගා කටයුතු වලට සහය දෙනවා. හැම පලාතකම දැන් ඇග්‍රොමාට් පදනමත් තියෙනවා. ගොඩක් වෙලාවට එයාලම මල්, පළතුරු, එළවලු තොග ගන්න අයවත් හොයලා දෙනවා. අපනායනයට පුළුවන්නම් පිටරටවල යාළුවන්ගෙ උදව්ගන්න.. එයාලා ඉන්න රටවල සිංහල එළවලු පළතුරු තියන මාකට්ස් අල්ලගන්න පුළුවන්.. අපේ රටේ දේවල් පිටරට ඉන්න අපේ අයට ගොඩක් වටිනවා..:)
    සුබ පැතුම් සහෝ. මේ උත්සහය සාර්ථකවේවා..!!!
     

    Dinesh24273

    Member
    Apr 27, 2009
    123
    1
    0
    44
    උදව් කරපු හැමෝටම ස්තුති .මේකයි ඉතින් පටන් ගත්ත ගමන් ම මහා පරිමාණයෙන් අපනයනය කරන්න බෑ තමා පස්සේ කලෙක තමා කරන්න වෙන්නේ :rolleyes:
    දැනට පොඩියට පටන් ගන්නවා.මුලින්ම ඉතින් ලංකාවේ මාකට් එකට තමා දන්නා වෙන්නේ :yes:
    මචන් කුරුදු දකුණු පළාතේ නේද .ගම්පහ පැත්තේ ඕව වවන්න පුලුවන්ද ? :cool:

    machan honda aadayamak ganna oni nam kesel hari gaslabu hari daapan aniwaryenma hoda market ekak thiyenawa ewata. Rata patawanna kalin mehe market eka alla ganin ita passe puluwan thawa thawa dewal walata yanna. Good luck. Krushikarma niladhaariyek hambaweyan
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොනදේ කරත් නය වෙන්න එපා වැඩේ පටන්ගන්නකොටම. වතුර පහසුකම තමයි මුලික දේ වගාවක් කරනකොට. වගා කරන බුමිය හොඳට කළමනාකරණය කරගන්න වැඩේ පටන් ගන්න කලින්. හොඳට හිතල බලල සැලසුමක් ඇතුව වැඩේ පටන්ගන්න. පුළුවන් තරම් කෙටිකාලීන බෝග වගාකරන්න බලන්න ඉස්සෙල්ල. වගාව සාමාන්යෙන් පාරේ යන මිනිස්සුන්ට පෙන්න කරන්නේ නැහැ . ඒ හින්ද වගාකරන කොටස පුළුවන්තරම් පිටස්තරයින්ට ඇහැ ගැටෙන එක වලක්වගන්න.
    අපනයනය ගැන මුලින්ම කියපු හින්ද මේ ටික ලියන්න හිතුනේ. ඇයි අපි මහන්සිවෙලා වවන දෙයින් අතරමැදියන් පෝසත් කරන විදිහක් හොයන්නේ ඉස්සෙල්ලම. තමුන්ගේ මහන්සියට වැඩිපුර මිලක් ගෙවන වෙළඳපොල තෝරාගන්න.
    දැනට මම දන්නා තරමින් කෙටි කාලීන භෝග වලින් වැඩිම ආදායමක් ගන්නේ පලා වවන උදවියයි. මාසෙන් ආදායම එනවා. පලා වර්ග හිටවනවානම් අක්කරේම එක දවසේ හිටවන්න එපා. ලොකු පාත්ති 10 ක් වගේ හදාගෙන මාසේ දවස් 30 පුරාම ආදායම එන විදිහට දවස් 3 න 3 ට හිටවන්න. එතකොට පලදාව ගන්නකොටත් මුල් පාත්තිය පලදාව අරන් දවස් 3 කින් දෙවැනි පාත්තිය. ඊට පස්සේ දවස් 3 කින් 3 වෙනි පාත්තිය. 10 වෙනි පාත්තියේ පලදාව නෙලනකොට පලවෙනි පාත්තිය පලදාව නෙලන්න අයෙත් වැවිල තියේවි.
    පුලුවනිනම් වැඩේ පටන්ගන්න කලින් ඉඩමේ පස් සාම්පලයක් පරික්ෂා කරලා පසේ ph අගය පරික්ෂා කරලා බලන්න. වගාවට පස සුදුසුද කියල බලාගන්න පුළුවන් එකෙන්. ඊට අමතරව වවන්න සුදුසු බෝගය මොකක්ද කියල තීරණයක් ගන්න පී එච් අගය හොඳ සාධකයක්.
    මොන දේ කරත් මහා පරිමාණයෙන් පටන්ගන්න එපා මුලින්ම. එතකොට යටකරන මුදලට සරිලන්න අදායමක් එන්නේ නැති උනාම වැඩේ එපා වෙනවා. ඒ හින්ද සුළු පරිමාණයෙන් පටන් අරන් ටිකෙන් ටික ව්‍යාප්ත කරන්න.

    සහතික මිටිය උස්සගෙන රස්සා පෝලිමේ ඉඳගෙන රස්සාවල් දියව් කියල උද්ගෝෂණ කරන තරුණ පරපුරට ,කෝටි ගණනින් ව්‍යාපාර ආරම්භ කරන්න බලන් ඉන්න තරුණ පරම්පරාවට, දවසින් දෙකෙන් කෝටිපතියෝ වෙන්න හීන මවන එවුන්ට , දෙමාපියන්ගෙන් කාල බීල රට පෙරලන්න උද්ගෝෂණ කරන එවුන්ට , කටින් බතල අක්කර ගණන් හිටවන එවුන්ට උඹ හොඳ ආදර්ශයක්. වැඩේ පටන් ගනින් . බෝග හිටවන්න පුර පක්ෂයේ දවසක් බලල නැකතකට වැඩේ පටන් ගන්න .




    GOOD LUCK BROTHER
     
    • Like
    Reactions: Randike Mendis

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    එල අයිඩියා එකක්...ඒත් "සුරතල් මසුන්" එපා බන් අනිත් ටික කරපන්...

    Wish you all the best!

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එල අයිඩියා එකක්...ඒත් "සුරතල් මසුන්" එපා බන් අනිත් ටික කරපන්...

    ow ban eka maha paw wedak.
    darmikawa salli hoyapan.kawadawath waradinne ne.

     

    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    වැඩේ එල මචන් සුබ පතනවා...!!!!! මගෙත් අසාවක් තියෙනවා ඇඳුම් අපනයනය කරන්න.
    දැනට බම්ප්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    සහතික මිටිය උස්සගෙන රස්සා පෝලිමේ ඉඳගෙන රස්සාවල් දියව් කියල උද්ගෝෂණ කරන තරුණ පරපුරට ,කෝටි ගණනින් ව්‍යාපාර ආරම්භ කරන්න බලන් ඉන්න තරුණ පරම්පරාවට, දවසින් දෙකෙන් කෝටිපතියෝ වෙන්න හීන මවන එවුන්ට , දෙමාපියන්ගෙන් කාල බීල රට පෙරලන්න උද්ගෝෂණ කරන එවුන්ට , කටින් බතල අක්කර ගණන් හිටවන එවුන්ට උඹ හොඳ ආදර්ශයක්. වැඩේ පටන් ගනින් . බෝග හිටවන්න පුර පක්ෂයේ දවසක් බලල නැකතකට වැඩේ පටන් ගන්න .

    GOOD LUCK BROTHER


    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    සිරාම කතාව..ගොඩක් අය කෑ ගහන්නේ ‍රැල්ලට ඇත්තටම දුක් දැනෙන මිනිස්සු ඔහොම නෑ..තනි තනිව හරි මොනවා හරි කර ගන්නවා ඒත් ‍රැලම එකට ගොඩ යන්න කියන කන්සෙප්ට් වල ඉඳන් පිකටින් කරපල්ලා කියලා ඔඋවට දාන උන්ගේ ඔලුවටල යන්නේ නෑ නේ.මේ ‍රැලම එකට කොහෙ දාන්න ද දැම්මත් කොහොමද ණය වෙන ආන්ඩුවක් රටට බරක් නොවී මේ ඔක්කොටම පඩි දෙන්නේ හා ඔය දැනට දාපු උන්ගෙන් කී දෙනෙක් විතරද රස්සාවට නම්බු කරලා වැඩ කරන්නේ..එහෙම වැඩ කරන මිනිස්සු කාගෙන වැඩ කරලා උඩට යද්දි අනික් මිනිස්සු හූල්ල හූල්ල ඉන්නවා යථාර්ථය...