මොනදේ කරත් නය වෙන්න එපා වැඩේ පටන්ගන්නකොටම. වතුර පහසුකම තමයි මුලික දේ වගාවක් කරනකොට. වගා කරන බුමිය හොඳට කළමනාකරණය කරගන්න වැඩේ පටන් ගන්න කලින්. හොඳට හිතල බලල සැලසුමක් ඇතුව වැඩේ පටන්ගන්න. පුළුවන් තරම් කෙටිකාලීන බෝග වගාකරන්න බලන්න ඉස්සෙල්ල. වගාව සාමාන්යෙන් පාරේ යන මිනිස්සුන්ට පෙන්න කරන්නේ නැහැ . ඒ හින්ද වගාකරන කොටස පුළුවන්තරම් පිටස්තරයින්ට ඇහැ ගැටෙන එක වලක්වගන්න.
අපනයනය ගැන මුලින්ම කියපු හින්ද මේ ටික ලියන්න හිතුනේ. ඇයි අපි මහන්සිවෙලා වවන දෙයින් අතරමැදියන් පෝසත් කරන විදිහක් හොයන්නේ ඉස්සෙල්ලම. තමුන්ගේ මහන්සියට වැඩිපුර මිලක් ගෙවන වෙළඳපොල තෝරාගන්න.
දැනට මම දන්නා තරමින් කෙටි කාලීන භෝග වලින් වැඩිම ආදායමක් ගන්නේ පලා වවන උදවියයි. මාසෙන් ආදායම එනවා. පලා වර්ග හිටවනවානම් අක්කරේම එක දවසේ හිටවන්න එපා. ලොකු පාත්ති 10 ක් වගේ හදාගෙන මාසේ දවස් 30 පුරාම ආදායම එන විදිහට දවස් 3 න 3 ට හිටවන්න. එතකොට පලදාව ගන්නකොටත් මුල් පාත්තිය පලදාව අරන් දවස් 3 කින් දෙවැනි පාත්තිය. ඊට පස්සේ දවස් 3 කින් 3 වෙනි පාත්තිය. 10 වෙනි පාත්තියේ පලදාව නෙලනකොට පලවෙනි පාත්තිය පලදාව නෙලන්න අයෙත් වැවිල තියේවි.
පුලුවනිනම් වැඩේ පටන්ගන්න කලින් ඉඩමේ පස් සාම්පලයක් පරික්ෂා කරලා පසේ ph අගය පරික්ෂා කරලා බලන්න. වගාවට පස සුදුසුද කියල බලාගන්න පුළුවන් එකෙන්. ඊට අමතරව වවන්න සුදුසු බෝගය මොකක්ද කියල තීරණයක් ගන්න පී එච් අගය හොඳ සාධකයක්.
මොන දේ කරත් මහා පරිමාණයෙන් පටන්ගන්න එපා මුලින්ම. එතකොට යටකරන මුදලට සරිලන්න අදායමක් එන්නේ නැති උනාම වැඩේ එපා වෙනවා. ඒ හින්ද සුළු පරිමාණයෙන් පටන් අරන් ටිකෙන් ටික ව්‍යාප්ත කරන්න.
සහතික මිටිය උස්සගෙන රස්සා පෝලිමේ ඉඳගෙන රස්සාවල් දියව් කියල උද්ගෝෂණ කරන තරුණ පරපුරට ,කෝටි ගණනින් ව්‍යාපාර ආරම්භ කරන්න බලන් ඉන්න තරුණ පරම්පරාවට, දවසින් දෙකෙන් කෝටිපතියෝ වෙන්න හීන මවන එවුන්ට , දෙමාපියන්ගෙන් කාල බීල රට පෙරලන්න උද්ගෝෂණ කරන එවුන්ට , කටින් බතල අක්කර ගණන් හිටවන එවුන්ට උඹ හොඳ ආදර්ශයක්. වැඩේ පටන් ගනින් . බෝග හිටවන්න පුර පක්ෂයේ දවසක් බලල නැකතකට වැඩේ පටන් ගන්න .
GOOD LUCK BROTHER