යකෝ ලමයෙක් කියන්නේ කොච්චර දෙයක් ද? නැති උන් හූල්ලන හැටි බලපන්කෝ. ලමයි තමයි මිනිහෙක්ගේ ජීවිතේ අර්තවත් කරන්නේ. ඔය නියම කාලේ, ඉස්සරහට තව හොදයි, ඕක එන්ජොයි කරපං බන්. මට ලමයි 3ක් ඉන්නවා. 6 / 2.5 / 0.6. මම හවුස් ඔෆ් ඩ්රැගන් හය වෙනි එක ඊයේ බැලුවා. මම කොයිවෙලාවෙද ගෙදර යන්නේ කියල ඉන්නේ පොඩ්ඩෝ ටික බලන්න. උනුත් එහෙමයි. ගෙට්ටුව අරින සද්දෙට දුවගෙන එන්නේ.. අනික හිතපන් උබේ තාත්ත, උබට කොච්චර ආදරේ කරන්න ඇතිද උබ ඔයවගේ පොඩි කාලේ. මචං උබට තියෙන්නේ වාසනාවක්, නිකං කාලකන්නියේක් වගේ හිතන්න එපා. ලමයි එපා නම් මහන වෙලා නිවන් දකින්න බලපන්. ගිහි ගෙදර ඉන්නවනම්, ලමයි තරම් සම්පතක් නෑ බං..

