වල් ඌරු මස් කෑල්ලක් කෑවා නම් උබ ඔහොම කියන එකක් නැහැ.
![]()
වෙන රටවල් වල තහනමක් නැහැ බන්.සුද්දෝ බලපන්කො වල් ඌරෝ මරණ මැරිල්ල.ඒත් වද කරගන්න බැහැ උන්ට.
මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. ආන් පරිසරවේදියෝ කියන උන් කෑ ගහනවා වල් ඌරෝ මරන්න එපා කියලා.
හැබයි මේ අද දැන් උනත් රක්ෂිතයකින් පිටතඩි වල් ඌරන් දඩයම් කරන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි එ මස් ප්‍රවාහනය සහ අලෙවිය තහනම්. ඉතිං ආණ්ඩුව කරන්න යන්නේ ප්‍රවාහනය සහ අලෙවිය තහනම් කියන නිතිය අයින් කරන්න. මේකෙන් ඇත්තටම එ පැත්තේ ඉන්නා ගොවින්ට අමතර මුදලක් හොයා ගන්නත් හම්බෙනවා වගේම ඉල්ලුම තියෙන මස් වර්ගයක් හැමෝමට ආහාරයට ගන්නත් හැකියාව ලැබෙනවා.
මේක මේ ගොවීන්ගේ ආපු ඉල්ලීමක්. අවුරුදු ගානක් තිස්සේ මේක ගොවින් ඉල්ලනවා. ඉස්සර 88/89 භීෂණ සමයට කලින් ගම් වල හිටපු ගොවින් අතේ තුවක්කු තිබ්බ. එ නිසා මේ වල් ඌරන් වගේ වගා වලට හානි කරන සතුන්ගේ පාලනයක් තිබුනා වගේම, මිනිස්සුන්ට අවශ්‍ය පෝෂණයත් ලැබුනා.
පස්සේ පස්සේ මිනිස්සු සතුන් මරණ එක අඩු කළා. දැන් උනත් ඇත්තටම බැලුවොත් රටේ නිතිය තියෙන්නේ මනුස්සයට වඩා සත්තු රැකෙන විදියට.
ගම් වල දැන් බතල අලයක් වත් හිටවන්න බැහැ. වල් ඌරන් රංචු පිටින් ඇවිත් මෙව්වා විනාශ කරන්නේ. මේකේ පාලනයක් තියෙන්න එපයි.
මිනිස්සු නේ බං සත්තු ඉන්න තැන් වල පදිංචි වෙන්නේ. සත්තු ඇවිත් මිනිස්සු ඉන්න තැන් වල පදිංචි වෙන් නැ නේ. පුලුවන් තරම් කැලෑ කැපුවා ම එහෙම තමයී.
ලෝකෙ ජනගහණයත් වැඩී බං හෙනට. අනිත් සත්තුන්ට ජීවත් වෙන්න ඹැරි තරම් පරිසරය විනාශ කරනව මිනිස්සු කියන සත්තු ජාතිය. මිනිස්සුත් දුටු තැන වෙඩි තිබ්බනම් හරි. නැත්නම් මේ ලෝකෙ අනාගතේ අඳුරු වෙනව
වෙන රටවල දඩයම් කරන්න පුළුවන් season තියෙනව නේද? මෙහෙ දඩයම් කරන්න දුන්නම සීමාවක් නැ නේ. පිස්සුවෙන් වගේ දඩයම් කරලා වල් ඌරන් නැති වෙලාම යයි. මෙහෙ මිනිස්සුන්ගේ හැටියට වල් ඌරො අල්ලන ගමන් අනිත් සත්තු ඔක්කොම ටිකත් වැඩේ දීලා තමයී නවතින්නේ.
ඉස්සර වගා කරපු ඉඩම් දැන් ගොඩක් අත්ඇරලා තියෙන්නේ මචං මේ සත්තුගේ අධික වර්ධනය නිසා.
අනික ලෝකේ කොයි රට උනත් සතුන්ගේ පාලනයක් සිදු කරනවා. මිනිස්සු උනත් තමුන්ගේ වර්ගයා හිතු හිතු විදියට බෝ කරන්නේ නැහැනි.
දැන් බලන්න ඔස්ට්‍රේලියාව වගේ රටක්. එහෙ ඉන්න කැන්ගරුවන් දහස් ගානක් වසරකට ඝාතනය කරනවා. මොකද ඒ සත්තුන්ගේ වර්ධනය සමතුලිත කරන්න.
සත්තු ඇවිත් මිනිස්සුන්ගේ ඉඩම් වල පදිංචි වෙන්නේ නැහැ, මිනිස්සු ගිහිං සත්තුන්ගේ ඉඩම් වල පදිංචි වෙනවා කියන එක නිකන් ගැලරියට හුරේ දාන්න කියන කතාවක් උනාට ඒක ගොඩක් වෙලාවට ඇත්ත නෙමේ.

වල් ඌරො වැඩි වෙන්න හෙතුවක්ලු නරි නැති එක.. ඉස්සර මේ පැත්තේ ඌරො වැඩිය හිටියේ නෑ.. දැන් නරි ඇත්තෙම නැති තරම්... ඌරො හැමතැනම... කෙසෙල්, පොල් පැලයක් හදාගන්න බෑ ඇවිත් පෙරලලා දානවා.
ඔය දැන් බන් නරි නැති හින්දා තමා ඌරො වැඩි වෙන්නේ නරි ඌරු පැටව් කනවා.
ඒ උනාට උබලා දැකලා නැතුව ඇති පැටව් ඉන්නේ ඊරිත් එක්ක යන්නේ පෝලිමට ඊරී පස්සේ
පව් බන් අහින්සක සත්තු
මිනිස්සු උන් ඉන්න තැන් අල්ලාගෙන උන්ට ඉන්ඩ තැනක් නැ
මිනිස්සුන්ගේ හු%^ වැඩ හින්දා දැන් පරිසරයේ සමතුලිතතාවය නැති වෙලා තියෙන්නේ
මිනිස්සු ඔක්කොම හැදිගැවිලා ගියානම් සත්තු පරිසරයට කිසි හානියක් වෙන්නේ නැ
![]()
ලෝකෙ ජනගහණයත් වැඩී බං හෙනට. අනිත් සත්තුන්ට ජීවත් වෙන්න ඹැරි තරම් පරිසරය විනාශ කරනව මිනිස්සු කියන සත්තු ජාතිය. මිනිස්සුත් දුටු තැන වෙඩි තිබ්බනම් හරි. නැත්නම් මේ ලෝකෙ අනාගතේ අඳුරු වෙනව
දැන් මේ වල් ඌරො මරාගෙන business කරන්න අවසර දෙන්නෙ මොකද බන් එක පාරටම.. රටේ තියන මස් වර්ග ටික මදි වෙලාද.. මෙච්චර කල් තහනම් කරල තිබුන එකක් ඇයි එක පාරම අවසර දෙන්නෙ..![]()
මචන්ලා වල් ඌරු මස් වලට තහනමක් නැති එකේ වල් ඌරු මස් බිස්නස් එකක් කරන්න පුළුවන් නේද.අපේ ගම අවිස්සාවේල්ල.එහෙත් ඉන්නවා වල් ඌරෝ රංචු පිටින්.ඒ පැත්තේ හොරාට බිස්නස් එක නම් උනා.ඒත් දැන් නම් එළිපිටම කරන්න පුළුවන් වෙයි.
![]()
ඉස්සර වගා කරපු ඉඩම් දැන් ගොඩක් අත්ඇරලා තියෙන්නේ මචං මේ සත්තුගේ අධික වර්ධනය නිසා.
අනික ලෝකේ කොයි රට උනත් සතුන්ගේ පාලනයක් සිදු කරනවා. මිනිස්සු උනත් තමුන්ගේ වර්ගයා හිතු හිතු විදියට බෝ කරන්නේ නැහැනි.
දැන් බලන්න ඔස්ට්‍රේලියාව වගේ රටක්. එහෙ ඉන්න කැන්ගරුවන් දහස් ගානක් වසරකට ඝාතනය කරනවා. මොකද ඒ සත්තුන්ගේ වර්ධනය සමතුලිත කරන්න.
සත්තු ඇවිත් මිනිස්සුන්ගේ ඉඩම් වල පදිංචි වෙන්නේ නැහැ, මිනිස්සු ගිහිං සත්තුන්ගේ ඉඩම් වල පදිංචි වෙනවා කියන එක නිකන් ගැලරියට හුරේ දාන්න කියන කතාවක් උනාට ඒක ගොඩක් වෙලාවට ඇත්ත නෙමේ.
වල උරෝ ගහනය දැන් සැහෙන වැඩියි

වල් ඌරු මස් කෑල්ලක් කෑවා නම් උබ ඔහොම කියන එකක් නැහැ.
![]()