වාහනයක් ගන්න ගියාම.....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වාහනයක් ගන්න ගියාම.....

    ගොඩක් අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතන ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවා යාලුවනේ.මමත්.ගොඩක් දෙනෙකුත් දන්නේ නැ ති දෙයක්.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ කියලා දුන්නොත් වාහන ගන්න ඉන්න අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා.

    ඔන්න අපි ඉක්මන්.lk හරි වෙන ක්‍රමේකින් හරි පාවිච්චි කරපු වාහනයක් විකුනන්න තියනවා කියලා දැනගත්තා කියමු.අපි බාස් කෙනෙක් එක්ක හරි වාහනේ හොදට බලන්න දන්න යාලුවෙක් එක්ක හරි යනවා මේක ගන්න.එහෙම ගන්න ගිහින් වාහනේ හිතට හරියනවා කියමු.ඊට පස්සෙ ඒ වාහනේ ගන්න අපි කරන්න ඕනි නීතිමය දේවල් මොනවද.ඒ වාහනේ විකුණන්නේ නියම අයිතිකාරයද.?අපේ නමට හරවගන්නේ කොහොමද??ගන්න වෙලාවෙදි අත්සන් කරන්න ඕනි මොනවද???මේ වගේ ගොඩක් දේවල් තියනවානෙ.මමනම් දන්නෙ නැ ඒවා.ගොඩක් දෙනෙක් දන්නේ නැ.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ විස්තර ටිකක් කියනවානම් ඔක්කොටම ගොඩක් ප්‍රයොජනවත් වෙයි..

    ඔන්න වාහනේ බලන්න ගියා.වාහනෙත් අවුලක් නැ ..දැන් ඉතින් මොකෝ කරන්නේ...
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    ඔරිජිනල් පොතේ නම සදහන් අයිතිකරුගේ නම සහ අත්සන තිබෙන transfer papers ලබා ගත යුතුමයි . නැතිනම් වාහනයේ අයිතිය පවරා ගෙනීමට බැරි වෙනවා .
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    mulinma potha aragena poddak balanna..eka originalda duplicate da kiyala...duplicate nam vikunanna amarui..ita passe balanna eya ayithi karaya nam pothe thiyanawa warthamaana ayithikaru kiyana thana nama..e nama saha minihage id eke nam balanna..thawa thiyanawa
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ගොඩක් අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතන ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවා යාලුවනේ.මමත්.ගොඩක් දෙනෙකුත් දන්නේ නැ ති දෙයක්.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ කියලා දුන්නොත් වාහන ගන්න ඉන්න අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා.

    ඔන්න අපි ඉක්මන්.lk හරි වෙන ක්‍රමේකින් හරි පාවිච්චි කරපු වාහනයක් විකුනන්න තියනවා කියලා දැනගත්තා කියමු.අපි බාස් කෙනෙක් එක්ක හරි වාහනේ හොදට බලන්න දන්න යාලුවෙක් එක්ක හරි යනවා මේක ගන්න.එහෙම ගන්න ගිහින් වාහනේ හිතට හරියනවා කියමු.ඊට පස්සෙ ඒ වාහනේ ගන්න අපි කරන්න ඕනි නීතිමය දේවල් මොනවද.ඒ වාහනේ විකුණන්නේ නියම අයිතිකාරයද.?අපේ නමට හරවගන්නේ කොහොමද??ගන්න වෙලාවෙදි අත්සන් කරන්න ඕනි මොනවද???මේ වගේ ගොඩක් දේවල් තියනවානෙ.මමනම් දන්නෙ නැ ඒවා.ගොඩක් දෙනෙක් දන්නේ නැ.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ විස්තර ටිකක් කියනවානම් ඔක්කොටම ගොඩක් ප්‍රයොජනවත් වෙයි..

    ඔන්න වාහනේ බලන්න ගියා.වාහනෙත් අවුලක් නැ ..දැන් ඉතින් මොකෝ කරන්නේ...

    ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.

    ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව

    වාහන ලියාපදිංචි හිමිකම් පැවරීමේදී පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් පමණක් නව අයිතිකරුගේ අවශ්‍යතාවය මත එක් දින සේවාව ලබා ගත හැක.
    එක් දින සේවාව ලබා ගත හැක්කේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පමණකි.
    එක් දින සේවාව ලබාගැනීමේදී;

    වාහනයක අයිතිය එක් දිනකින් පවරා ගැනීම සඳහා පැවරුම්ලාභියා පැමිණ තම අනන්‍යතාවය සනාථ කර අදාල ලියවිලි පෙ.ව 9.00 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී එක් දින පැවරුම් කවුළුවට භාර දිය යුතුය. නමුත් ඉදිරිපත් කරනු ලබන් ලේඛන හා කරුණු පිළිබඳව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් පැවරුම්ලාභියාගේ නියෝජිතයෙකු වෙනුවෙන් වුවද එම සේවාව ලබා දිය හැක.
    එක් දින සේවාව මඟින් පැවරුමක් කර ඇති විට මාස 06 ක් යනතෙක් එම වාහනය සඳහා නැවත පැවරුමක් එක් දින සේවාව මඟින් සිදු කල නොහැක. නමුත් ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය පරිදි පෙර අයිතිකරුවන් ගෙන්වා හෝ වෙනත් පිලිගත හැකි ලියකියවිලි මඟින් හෝ පැවරුමට විරෝධතා නොමැති බවට තහවුරුවක් ලබාගෙන එක් දින පැවරුමක් කර මාස 06ක් ඇතුළත නැවත එක් දින පැවරුමක් කළ හැක.
    ලියාපදිංචි සහතිකයේ තත්වය මුල් පිටපත (Original CR) විය යුතුය. නමුත් පැවරුමක් ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරනු ලබන ලියකියවිලි හා අනෙකුත් කරුණු අනුව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් අනුපිටපතක් මත වුවද එක් දින සේවා පහසුකම් මඟින් පැවරීම සිදු කළ හැක.
    ලේ ඥාතීන්ගේ සහ එකම ලිපිනයක් සහිත වාහන පැවරීමේදී අදාල පාර්ශවයන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය මත එක් දින පැවරුම් සේවාව ලබා දිය හැක.
    විහාර දේවාල සතු දේපලක් නම් පැවරිමේ විරෝධයක් නොමැති බව සඳහන් බෞද්ධ කටයුතු කොමසාරිස් නිකුත් කල ලිපිය ඉදිරිපත් කරන්න.
    රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සතු වාහන එක්දින සේවා පහසුකම් යටතේ තනි පුද්ගලයන්ට හිමිකම් මාරු කරනු නොලැබේ.
    නැසීගිය අයිතිකරුවකුගෙන් වාහනයක් පැවරීම, ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය, ලියාපදිංචි සහතිකයේ හෝ අංක තහඩුවල අනු පිටපතක් ලබා ගැනීම යන අවස්ථාවන් නොවිය යුතුය.
    එක්දින පැවරුම් සේවා යටතේ පුද්ගල පැවරුම් එකකට පමණක් අදාලව සිදුකල හැකි අතර මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැවරුම් උපරිම වශයෙන් 03 කට සීමා විය යුතුය.
    අයිතිකරුම තමාගේ වාහනයේ ලියාපදිංචි සහතිකය නැතිවීම සම්බන්ධයෙන් අනුපිටපතක් ඉල්ලා ඇති විට ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව අදාල ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් එක් දින සේවා පහසුකම් මඟින් අනුපිටපතක් නිකුත් කළ හැක.
    එක් දින පැවරුමක් සිදු කල පසු ඒ බව පැවරුම්කරු වෙත එදිනම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.

    එක් දින සේවාව යටතේ ඉටු කරනු ලබන්නේ මෙම සේවාවන් පමණි

    වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් නව අයිතිකරුට හිමිකම් පැවරුම ලියාපදිංචි කිරීම
    ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ලියාපදිංචි කිරීම
    ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ඉවත් කිරීම
    ශාඛාවේ සහකාර කොමසාරිස් සෑහීමකට පත් වන්නේ නම් බර සහතිකයක් හෝ අනන්‍යතා සහතිකයක් මත කරන එංජින් අංකයක් සංශෝධනය, නීත්‍යානුකූල ආකාරයට සිදු කරනු ලබන නම හෝ ලිපිනය සංශෝධනය ආදී කටයුතු

    මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?

    එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
    එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)
    පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    පවරන්නා තනි පුද්ගල ව්‍යාපාරය්ක් නම් ඉහත පරිදි ව්‍යාපර හිමිකරුගේ ලිපිය සහ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය.
    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි,සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
    වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)
    ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA 6 හි "A" පිටපත (මෙම පිටපත පැවරුම්කරු විසින් තැපැල් මඟින් එවා ඇත්නම් හෝ ගෙනැවිත් භාරදී ඇත්නම් අදාල නොවේ,)
    සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
    පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සදහන් කරන්නේනම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.

    වර්තමාන ලියාපදිංචි අයිතිකරු මියගොස් ඇතිවිට ලියාපදිංචි හිමිකම් පවරා ගැනීම

    වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට හිමිකම මාරුකිරීම සඳහා පහත සඳහන් ලියවිලි කොළඔ 05 නාරහේන්පිට පිහිටි ‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් ( සාමන්‍ය සේවා) පැවරීම් අංශය‍ට රජයේ කාර්යාලය විවෘත දිනවලදී පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා භාරදිය හැකිය. ලියවිලි භාරගත් බවට කුවිතාන්සියක් (සී.එම්.ටී 52) නිතුත් කරනු ඇත.

    අවශ්‍ය ලියකියවිලි

    එම්.ටී.ඒ. 5
    එම්.ටී.ඒ. 7
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    වාහනයේ හැඳුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    මරණ සහතිකයේ මුල් පිටපත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    වර්තමාන අයිති කරු විවාහක නම් ‍ඔහු‍ගේ විවාහ සහතිකය අවිවාහක නම් ඒ බව ග්‍රාම නිලධාරි විසින් සනාථ කරනු ලැබ ප්‍රදේශිය ලේකම් විසින් අනු අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    පවුලේ අනිකුත් සමාජිකයන් විසින් පැවරීමට කැමැත්ත පළ කරන බව ප්‍රකාශ කරන ලිපිය (ග්‍රාම නිලධාරි විසින් සනාථ කර අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් ලබා ගත යුතුය)
    බූදල් නඩුවකින් බෙදා වෙන්කරන ලද නම් එයට අදාල බූදල් නඩු තීන්දුවේ සහතික කළ පිටපතක්
    බූදල් නඩු නොමැති බව සඳහන් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කර ප්‍රදේශිය ලේකම් විසින් සහතික කල ලිපිය.
    සැ.යු එක්දින සේවා පහසුකම් යටතේ පැවරීම් කරනු නොලැබෙන අතර ගාස්තුව සාමාන්‍ය පැවරුම් ගාස්තුව අනුව අය කරනු ලැබේ.
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai and KingCM

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ගොඩක් අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතන ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවා යාලුවනේ.මමත්.ගොඩක් දෙනෙකුත් දන්නේ නැ ති දෙයක්.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ කියලා දුන්නොත් වාහන ගන්න ඉන්න අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා.

    ඔන්න අපි ඉක්මන්.lk හරි වෙන ක්‍රමේකින් හරි පාවිච්චි කරපු වාහනයක් විකුනන්න තියනවා කියලා දැනගත්තා කියමු.අපි බාස් කෙනෙක් එක්ක හරි වාහනේ හොදට බලන්න දන්න යාලුවෙක් එක්ක හරි යනවා මේක ගන්න.එහෙම ගන්න ගිහින් වාහනේ හිතට හරියනවා කියමු.ඊට පස්සෙ ඒ වාහනේ ගන්න අපි කරන්න ඕනි නීතිමය දේවල් මොනවද.ඒ වාහනේ විකුණන්නේ නියම අයිතිකාරයද.?අපේ නමට හරවගන්නේ කොහොමද??ගන්න වෙලාවෙදි අත්සන් කරන්න ඕනි මොනවද???මේ වගේ ගොඩක් දේවල් තියනවානෙ.මමනම් දන්නෙ නැ ඒවා.ගොඩක් දෙනෙක් දන්නේ නැ.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ විස්තර ටිකක් කියනවානම් ඔක්කොටම ගොඩක් ප්‍රයොජනවත් වෙයි..

    ඔන්න වාහනේ බලන්න ගියා.වාහනෙත් අවුලක් නැ ..දැන් ඉතින් මොකෝ කරන්නේ...

    ABSOLUTE OWNER innawada balapan.innawanam eka cancel karapu letter eka original ganin

    current owner oya wikunana ekamada balapan.ugen nowena wahana ganna epa.

    current ownergen MTA6 MTA 8 ethanama aran gihin purawala athsan ganin

    ugen pewarum sahathikayak uta kiyawala liyala athsan ganin

    owa nethuwa nam wahana ganna epa.chassy numbers potha ekka check karapan.nethnam hora magul walata ahuwei

    wahane yaluwek ekka balanna yaman.body eka interior engin arawa mewa ubata ube denime hetiyata hodai nam .dawasak dagena basek ho engin weddek aran palayan.

    wahane thiyala thiyanna kiyala kiyakwath deela enna epa kawadawath.eka nethi unoth lankawe thawa wahana thiyenawa

    oya okkoma karala wede hari nam .aran waren bn.okkoma ready nam salli deepan.

    wena wena mortage thiyenawanam uta ain karala denna kiyapan.nethnak e gana uba adu kapan wahanen.

    oya wahane dena eka masa 6k wath pedala nethnam e wahane ganna epa.

    lankawe wahane meter balanna epa.patta kebara.moka gaththath ubata 50000 wath wiyadam karanna nam wenawa.

    ubata thawath balanna one nam eco test karala balahan.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    meka hodata balapan

    test run ekak aniwa duwapan.uba fuel gahapan.

    cluch eka pagannne nethiwa start karapan.gindara wage start wenawad balapan.2 wise

    start karala ideal eke thiyala tikak wela balapan 3min wage.silencer eken amuthu sadda.pok pok wage enawada balapan. thiyenawanam engin case.fuel case.gindara wage nokedi sadde enna one.

    ithama hemin cluck eka release karala eka then poddak issarahata yanna diyan.hemin 10 -20 wage.500m wath ithama hemin palayan.20-30ta wage.mis ekak kakulata awoth puka beragena waren ikmanata

    ehema aulak nethman hemin 50-60-80 max wedi karala balapan.wegen 2km wath yaman.aul enna be.digatama nokedi fuel inject karanawanam smooth run wenna one.cluck eka eka digata thiyagena iddi kedi kedi ena gathiya enna be.ehema enawanam deela waren utama

    eka then rpm 4000ta naggala balapan.aul wenna be heat wenna be

    head eka over harf yanna be e km2ta

    silencer ekata atha thiyala balapan.duma ekka patta fuel gadaida kiyala e pitawena dum.ehema gadai nam godak fuel karanne ne.

    ugen parana echo test result illapan.

    aniwa current owner ge ID photo copies illa ganin.

    uth ekkama uge palathe JP kenekgen sign karaganin.....salli dunnata passe uwa ubata hoyanna america yanna wei.uge pada keli balanna wei.oya hemadema salli denna kalin.
     
    • Like
    Reactions: harshana123

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ගොඩක් අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතන ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවා යාලුවනේ.මමත්.ගොඩක් දෙනෙකුත් දන්නේ නැ ති දෙයක්.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ කියලා දුන්නොත් වාහන ගන්න ඉන්න අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා.

    ඔන්න අපි ඉක්මන්.lk හරි වෙන ක්‍රමේකින් හරි පාවිච්චි කරපු වාහනයක් විකුනන්න තියනවා කියලා දැනගත්තා කියමු.අපි බාස් කෙනෙක් එක්ක හරි වාහනේ හොදට බලන්න දන්න යාලුවෙක් එක්ක හරි යනවා මේක ගන්න.එහෙම ගන්න ගිහින් වාහනේ හිතට හරියනවා කියමු.ඊට පස්සෙ ඒ වාහනේ ගන්න අපි කරන්න ඕනි නීතිමය දේවල් මොනවද.ඒ වාහනේ විකුණන්නේ නියම අයිතිකාරයද.?අපේ නමට හරවගන්නේ කොහොමද??ගන්න වෙලාවෙදි අත්සන් කරන්න ඕනි මොනවද???මේ වගේ ගොඩක් දේවල් තියනවානෙ.මමනම් දන්නෙ නැ ඒවා.ගොඩක් දෙනෙක් දන්නේ නැ.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ විස්තර ටිකක් කියනවානම් ඔක්කොටම ගොඩක් ප්‍රයොජනවත් වෙයි..

    ඔන්න වාහනේ බලන්න ගියා.වාහනෙත් අවුලක් නැ ..දැන් ඉතින් මොකෝ කරන්නේ...

    1. වාහනේ හිතට වැදුනානම් ගරාජ් කොල්ලෙක් හරි වාහන ගැන ඇත්ටටම දන්නා යාලුවෙක් එක්ක ගිහින් check කරලා drive කරලා බලපන්.
    2. වාහනේ service කරලා තියෙන්නේ එකම තැනකින් නම් අහල බලපන් වාහනේ condition එක කොහොමද කියල උන්ගෙන්
    3. ඔක්කොම අව්ලක් නැත්තම් යාලුවෙක් එක්ක අයිතිකාරයාගේ ගෙදර ගිහින් transfer paper sign කරගනින්.
    4. අයිතිකාරයාගේන් ලියුමක් ගනින් මින් ඉදිරියට වාහනේ සම්බන්දයෙන් කිසිම අයිතියක් දක්වන්නේ නෑ කියලා (ඔය ලියුමට වාහනේ model එක registration අංක chasis අංක එහෙමත් දාපන්.දෙන්නගෙම id nos එහෙමත් දාපන්) . උඹේ යාලුවටයි උගේ කාට හරිත් සාක්ෂි වලට sign කරගනින්.
    5.අයිතිකාරයාගේ id copy එකකුත් ගනින්
    6.දෙන්නත් එක්කම බෑන්ක් එකට ගිහින් සල්ලි උගේ acc එකට transfer කරලා ස්ලිප් එක දීල වාහනේ යතුර ඉල්ලගනින්
    7.යාලුවට වාහනේ drive කරන්ට දීපන් (මොකද පලවෙනි පාරටනම් වහනයක් ගන්නේ හිතේ තියන exitement එක වැඩිනේ).
    8.දැන් දෙන්නත් එක්ක මොනවා හරි කාලා යාලුවටත් සලකලා දෙයියනේ කියලා පරෙස්සමෙන් ගෙදර වරෙල්ලා
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    meka hodata balapan

    test run ekak aniwa duwapan.uba fuel gahapan.

    cluch eka pagannne nethiwa start karapan.gindara wage start wenawad balapan.2 wise

    start karala ideal eke thiyala tikak wela balapan 3min wage.silencer eken amuthu sadda.pok pok wage enawada balapan. thiyenawanam engin case.fuel case.gindara wage nokedi sadde enna one.

    ithama hemin cluck eka release karala eka then poddak issarahata yanna diyan.hemin 10 -20 wage.500m wath ithama hemin palayan.20-30ta wage.mis ekak kakulata awoth puka beragena waren ikmanata

    ehema aulak nethman hemin 50-60-80 max wedi karala balapan.wegen 2km wath yaman.aul enna be.digatama nokedi fuel inject karanawanam smooth run wenna one.cluck eka eka digata thiyagena iddi kedi kedi ena gathiya enna be.ehema enawanam deela waren utama

    eka then rpm 4000ta naggala balapan.aul wenna be heat wenna be

    head eka over harf yanna be e km2ta

    silencer ekata atha thiyala balapan.duma ekka patta fuel gadaida kiyala e pitawena dum.ehema gadai nam godak fuel karanne ne.

    ugen parana echo test result illapan.

    aniwa current owner ge ID photo copies illa ganin.

    uth ekkama uge palathe JP kenekgen sign karaganin.....salli dunnata passe uwa ubata hoyanna america yanna wei.uge pada keli balanna wei.oya hemadema salli denna kalin.

    Good advices bro.... reps added