වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17567227 said:
    පම්ප් එක නෙමේ, මක බාසා ගම කාලා. වැඩේ කරපු හැටියෙන්ම පේනවා බාසගේ තරම

    ලංකාවේ බාස්ලා 10ක් වත් නෑ. ඉන්න සේරම හොරු. අපි දන්න චුට්ටවත් උන් දන්නේ නෑ. වාහන ගැන නොදන්න එකෙක් ගැරිජ් එකට ගියොත් වාහනෙත් කාලා අකෙත් පුරිනවා

    මටත් ඔය වගේ සීන් එකක් වුනා බාසා කියලා ඉලේක්ට්‍රික් පැට්‍රල් පොම්පයක් දාලා. ඔන්න කාර් එක ස්ටාට් කරහම පැට්‍රල් ගදක් ආවා. බොනට් එක ඇරලා අතපත ගාලා බලනකොට තැන් කීපයක පැට්‍රල් වැටිලා තිබුනා. මට හරියට කේස් එක හිතාගන්න බැරි නිසා බාසා ගවට ගියා. මූත් පැය බාගයක් විතර බලලා :rofl: පොම්පෙ ලික් කියලා පොම්පෙ ගැලෙව්වා. අලුත් පොම්මපයක් ගන්න බැලුවා ඒත් එදා ලග පාත තිබුනේ නෑ. බාසා කිව්වා ඉලෙක්ට්‍රික් පොම්පයක් දාගමු අව්ලක් නෑ කියලා. මත් ඉතිං දාමු කියලා හොද ජපන් එකක්ම ගත්තා ඔන්න ඒක 5000 යි:sorry:. අඩු එක තිබුනා ඒත් මම ඒක ගත්තෙ නෑ ෂුවර් නැති නිසා. ඉතිං ඕක හයි කරා තමයි. කරක්ට් එකෙන් වැඩකරන නිසා ස්විච් එක එක දාපු ගමන් බඩ බඩ ගාලා පෙට්‍රල් අදිනවා. ටොකොස් ටොකොස් ගාලා පරණ පොම්පේ කෑල්ල වැඩ කරනවා :rofl: ටික දවසක් කමක් නෑ කියලා පැද්දා. ඔන්න ඊලගට පොඩි මිස් එකක් එන්න ගත්තා. ඒ නිසා මම ඒකට හරියන පොම්පයක් අරං දාගත්තා :rofl: වාහනේටම එන ජපන් එක රුපියල් 3600 යි :rofl: ඉතිං බලපං බාස්ල කියන ඒව ඇහුවොත් වෙන වැඩේ. ගැරජ් එකකට ගියහම බාස ගොනා කියලා හිතලා ඌ කරන වැඩ ගැන ඇහැ ගහගනම ඉන්න ඕනේ. උන් කියන කියන මගුල කරන්න යන්න හොද නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එක එල...:yes::yes::yes: ඒත් පොඩි දේවල් ටිකක් එකතු කරන්න ඕනි...(මන් දන්න විදියට ):oo::oo:

    1. Timing Chain උනත් කාලයක් යනකොට මාරු කරන්න ඕනි... Tensioner එකේ Tension එක කාලයක් යද්දී අඩු වෙනවා.. පස්සේ Chain එක loose එකට දුවන්නේ.. ලූස් නිසා Chain එක පැනලා Timing වෙනස් උනොත් Sorry.com. :P:P අනික කාලයක් යනකොට Chain එකත් ඇදීමකට ලක් වෙනවා... එතකොටත් ඔය සිද්දියම වෙනවා.. එ නිසා ඔය Timing Chain තියෙන එන්ජින් සහිත වාහන පාවිච්චි කරන බුවාලා එන්ජිමේ සද්දේ ගැන අවදානෙන් ඉන්න ඕනි.. Milage වැඩිවෙන්න වෙන්න සද්දේ වැඩිවෙනවා නම් Timing Chain එකේ කාලේ හරි...

    2. Start කරන්න කලින් වගේම Start කරාට පස්සෙත් Oil ලෙවෙල් එක Check කරන එක හොඳයි... මොකද Start කරාට පස්සේ ඔයිල් engine එකේ හැමතැනටම pressure උනාම Oil Sump එකේ ඔයිල් ලෙවෙල් අඩු වෙනවා... Minimum level එකට වඩා අඩු උනොත් Pressure Drop වෙලා Engine එකට Sorry.com වෙනවා...:angry::angry::angry: (විශේෂයෙන් ඔය ටිකක් විශාල ප්‍රමාණයේ එන්ජින් තියෙන වාහන වල බලන්නම ඕනි..)

    3. Transmission Oil (Gearbox Oil) මාරු කරනකොට ඔය Automatic වාහන පාවිච්චි කරන ය සැලකිලිමත් වෙන්න ඕනි තමන්ගේ වාහනේ CVTද නැද්ද කියන එක ගැන... ගොඩක් CVT Gearbox වලට දාන Oil, Normal Automatic එකට දාන ඔයිල් එකට වඩා වෙනස්...:yes::yes:

    4. වැඩි ආරක්ෂාවට කියලා මුළු සිසිලන පද්ධතියටම Coolant දාන ගොන් වඩේ නම් කරන්න එපා.. Coolant දාන්න කලින් Coolant Bottle එකේ බලන්න ඒ Coolant වර්ගේ Pre Mixedද නැද්ද කියලා... Pre Mixed නම් අවුලක් නෑ සම්පුර්ණ පද්ධතියම Coolant දැම්මට.. නමුත් ගොඩක් Coolant වර්ග දාන්න කලින් ජලය එක්ක මිශ්‍ර කරන්න ඕනි (ප්‍රතිශතය අදාළ නිෂ්පාධකයා අනුව වෙනස් වේ.) මොකද නැත්තන් අදාළ Coolant එකට අවශ්‍ය කරන තාප ධාරිතාවය ගන්න බෑ....:eek::eek:

    5. ටයර් වල වායු පීඩනේ අනිවාර්යෙන්ම බලන්න ඕනි.. වැරදි වායු පීඩනයක් තියෙනවා කියන්නේ ටයර් ඉක්මනින් ගෙවෙන එකට අමතරව ලොකු අනතුරකට අතවැනීමක්... හ්ම්... High Speed Cornering, Braking වලදී ලොකු අනතුරක් වෙන්න පුළුවන්.. දැකල ඇතිනේ ඔය රේස් පදින අය්යල අන්තිම තත්පරෙත් ටයර් වල වායු පීඩනේ චෙක් කරනවා..:yes::yes:

    තව කෙනෙක් කියල තිබ්බ එයාගේ වාහනේ Brake සම්බන්ද ගැටළුවක්....
    අනේ කොල්ලෝ දවස් ගානක් කට්ට කාලා හරි , වැඩිපුර ගානක් වියදම් කරලා හරි කමක් නෑ වැඩ දන්න කෙනෙකුට වාහනේ පෙන්නපන්... Brake කියන්නේ උබයි මාරයයි එකට මුණ නොගස්සන්න ඉන්න පලවෙනි යාලුවා... මක බාස් කෙනෙක් හදපු Brake නිසා ලගින්ම ඇසුරු කරපු එල කොල්ලෙක් නැති උන නිසයි කියන්නේ... Brake අවුල් නම් වාහනේ ගෙදර තියලා බස් එකේ ගමන් බිමන් පලයන්...


    16. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ලග තියාගනිල්ලා. මාර ආතල් එකක් තියෙන්නේ යකඩ ගොඩක් අතගාද්දි.ඒකට ඉතින් ආසාවත් ඕනේ.

    දැන් ඉන්න කොල්ලෝ ඕව මොනාද කියල දන්නෙත් නෑ බන්... විශ්වාස කරපන් Peradeniya Engineering Faculty එකේ කොල්ලෙක් කාර් එකේ බැටරියේ බැහැලා කතා කරාම මන් කිව්වා ගලවලා Charge කරන්න දාපන් කියලා.. ආයේම විනාඩි 5කින් කෝල් කරලා මු අහනවා අයියා කරන්ට් වදීද කියලා... එහෙම උන් තමා දැන් ඉන්නේ...
    මට නම් දැන් ඕවා පේන්න බෑ :P:P කාපු කටුවල හැටියට .....

    නියමයි මචං ගොඩක් වටින විස්තරයක්. අද මුල්පිටුව එඩිට් කරන්න බෑනේ නැත්තං මේ ටිකත් මුල් පිටුවට දාන්න තිබුනා. අපේ බාසා කියපු තව ගොං කතාවක් දැන් මට තේරෙනවා. පොර කිව්වා ටයිමින් චේන් එක නම් තියන්නේ එන්ජින් රෙපෙයාර් එකකදී මාරු කරහම ඇති කියලා :angry: බලපං ඉතිං මුං මිනිස්සුන්ට දෙන උපදෙස්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චගු;17568157 said:
    මසුරන් වටිනා ත්‍රෙඩ් එකක් සහෝ



    මචන්. ඇන්ජිමේ දූවිලි, ග්‍රීස් එහෙම සුද්ද කරනව නම් ක්‍රමයක් තියෙනවද ? වාහනේ පිටින් වගේම ඇන්ජිමත් ලස්සනට තියෙනව නම් කියල හිතුනා..

    රත්තරං කියනව වගේ එන්ජිම කියන්නේ එන්ජිම බං. ඕක සුද්ද කරන්න යන්න එපා. ඕනෙම නම් නිකන් පිහදාන්න. තවත් ඕනෙම නම් ලාම්පුතෙල් ටිකක් රෙදි කෑල්ලකට පොගවලා පිටින් පේන තැන් පිහ දාන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17567496 said:
    බකස් ගාලා හිනා ගියා බන් මේක කියවලා.

    සමහර උන් ඉන්නවා නට් එකක බෝල්ට් එකක තදවෙන පැත්ත හොයන්නේ දෙපැත්තට කරකවලා,:baffled::baffled::baffled:
    දවසක් මම යාලුවෙක්ගේ කාර් එකක කේස් එකක් වෙලා 10යේ යතුරක් ඉල්ලුවා, මූ කියපි කාර් එක කීලස් එන්ට්‍රි කියල :confused::confused::confused:


    මටනම් දැක්කහම පිස්සු හැදෙන දේවල් මේ - ටූල්ස්, ජීප්, කාර්, ෆෝන්

    ස්ටැන්ලි 145 සෙට් එකක් තියෙනවා. ෆෝස් කෑලි 300 ලොකු එකක් තියෙනවා. ස්ටැන්ලි ප්ලයර් සෙට් එකම තියෙනවා. රීචාජබල් මකීටා ඇන ගලවන එකක් තියෙනවා(නම මොකක්ද මන්ද ඕකට කියන ), සෑන්ඩර් එකක් පොලිශර් එකක් තියෙනවා. මකීටා ඩ්‍රිල් එකක් තියෙනවා. කම්ප්‍රෙසර් එකක් නෑ කර්මාන්තේ නොදන්න නිසා, ඒත් වෙලාව හම්බවෙච්ච කාලෙක යනවා තරුනසේවා සභාවේ පේන්ටින් කෝස් එක කරන්න. පේන්ටින් කියන්නේ බන් උපරිම මානසික වින්දනයක් ගන්න පුලුවන් ආතල් වැඩක්. කවද හරි වාහනේකට මෙටලික් පේන්ට් එකක් මමම ගහන එක ආසාවක් හීනයක්

    උබ දන්නවද වාහනේ රෝදේ මාරු කරගන්න රුපියල් 100ක් දෙන උන් ඉන්නවා


    මම ඉලෙක්ට්‍රොනික් කලේ කැම්පස් එකේ, පිටින් කලේ ටෙලි කමියුනිකේශන් ඉංජිනීරින් ඒත් අදටත් ආසාව මැකෑනිකල් / ඔටෝමොබයිල් වලට බන්
    :love::love::love:

    අඩේ උඹ පේන්ට් කෝස් එක කරන්න යනවනම් මටත් කියපං මාත් එනවා. මටත් පේන්ට් ගහන්න ආසාවක් ඇති වෙලා තියනවා. මම හිතුවේ නිවාඩුවක් ලැබුනම කම්ප්‍රෙෂර් එකයි, ගන් එකයි අරං තනියම පුරුදු වෙන්න. ඒත් ඒක ලේසි වැඩක් නෙවෙයිනේ. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. යකෝ... දානකොට රෝද හතරේම Brake Washer එක පාර දාපන්... පස්සේ ඒවා මාරු කරාම ඉස්සරහ ඒවා පරණයි නම් ඒවා ඉක්මනටම සවුත්තු වෙනවා... පස්සේ සිලින්ඩර හොදට Pressure එක අල්ලන නිසා ඉස්සරහ තියෙන පරණ සීල් වලින් තම Pressure එක එලියට දාන්න හදන්නේ...

    2. වාහනේට නැගලා ස්ටාර්ට් කරන්නේ නැතුව පැඩල් එක දෙතුන් පාරක් පාගලා බලපන් පැඩල් එක ගල් එනවද කියලා.. නැත්තන් Master Cylinder එක චෙක් කර ගනින්... පැඩල් එක ගල් වෙනවා නම් ඇඟේ තියෙන මුළු ශක්තියම දාලා පැඩල් එක පාගගෙනම ස්ටාර්ට් කරපන් එන්ජිම.. පැඩල් එක බබා වගේ පහලට බහිනවා නම් Booster එකේ අවුලක් නෑ..

    3. වාහනේ යනකොට දෙතුන් පාර brake ගැහුවම ඊළඟ පාර පැඩල් එක පාගනකොට ස්පොන්ජ් එකක් පාගනකොට වගේ නම් ඕක හරි බාසෙක්ට දීල හරියට Bleed කරගනින්...
    (උබේ කේස් එක මේක වගේ...)

    4. රෝද වලින් ලීක් නැත්තන් එත් master Cylinder reservoir එකේ ඔයිල් අඩු වෙනවා නම් ගොඩක් විට Master Cylinder Rear Oil seal එකෙන් ඔයිල් ලීක් වෙනවා ඇති Booster එක ඇතුලට.. Booster එක ගලවලා බලපන් brake ඔයිල් තියෙනවද කියල ඇතුලේ.. ඔයිල් තිබේ නම් Booster එකයි pump එකයි දෙකම එකවැර දාපන්..

    උබලා brake ගැන මෙහෙම සරලව හිතනකොට මල පනිනවා බන්.. එකට හිටපු එකට බත් එක කාපු එකෙක් නැති උනා ඔහොම සිද්ධියක් නිසා.. එන්ජිම නැතත් කමක් නෑ brake තියෙනවද බලපන් ඉස්සර වෙලා...
    සමහරු බ්‍රෙක් ගැන දක්වන්නේ හෙන අඩු සැලකිල්ලක් බං. පුදුමත් හිතෙනවා. සමහර වාහනවල බ්‍රේක් ගහන්නේ දේපාරක් පාගලා. අනේ අෆොයි පාරේ යන අසරන මිනිස්සු.
     

    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    1 රත්තරං තමයි ඔය කාරණය කිව්වේ. ඒකෙන් වාෂ්ප වීම අඩු වෙනවා. ඒ වගේම ටැංකිය කැලැත්තීම අඩු වෙනවා. තව ඉතිං ඇගටත් ගුනයිනේ. මොකද මගදී තෙල් ඉවර වීමේ අවදානම නැති වෙනවනේ.
    2 අඩුවෙන් තෙල් තියනවට වඩා පිරිලා තියනකොට වාෂ්ප වීම අඩුයි.
    3 සාමාන්‍යයෙන් 30000 කට සැරයක්.

    Thanks macho....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අඩේ උඹ පේන්ට් කෝස් එක කරන්න යනවනම් මටත් කියපං මාත් එනවා. මටත් පේන්ට් ගහන්න ආසාවක් ඇති වෙලා තියනවා. මම හිතුවේ නිවාඩුවක් ලැබුනම කම්ප්‍රෙෂර් එකයි, ගන් එකයි අරං තනියම පුරුදු වෙන්න. ඒත් ඒක ලේසි වැඩක් නෙවෙයිනේ. :D

    ලොකුම ආසාව බිස්නස් එක ගොඩදාගෙන තව අව්රුදු 5කින් ජොබ් එකෙන් අයින් වෙලා ගෙදරට වෙලා ආශික් එකේ ඉන්න එක බන්. ඒ ඉන්න ගමන් වාහන දෙක තුනක් තියාන වාහන බිස්නස් එකත් කරනවා, ඉක්මන් එකේ දාන ඔය පරන කාර් දෙක තුනක් ගෙනත් පේන්ට් කරලා හදනවා තනියම.:P:P

    යමන් යමන් තරුනසේවා සභාවේ රත්මලානේ එකේ තියෙනවා. ලැජ්ජ වෙන්න දෙයක් නෑ. හොරකම් කරන්න මංකොල්ල කන්න තමා ලැජ්ජ වෙන්න ඕනේ. ශෝටක් ගහන් බැහැලා කැට්ලොව් කපමු.. :P:P මාස තුනයිද කොහෙද කෝස් එක.ඒකත් වීක් එන්ඩ්

    කොහොමද මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරද්දි ආතල් එක

    මගේ පේන්ට් වැඩ කරන එකා තමා බන් මගේ මෝල කුලප්පු කරේ පෙන්ටින් ගැන


    Jaguar XJ 6 Fully Restoration



    10671213_787229281315847_2478847898571058652_n.jpg



    1236844_787229371315838_8686259835575551709_n.jpg


    10734122_807241899314585_3681801894700595405_n.jpg


    10384657_808781902493918_7310737858852039236_n.jpg



    10172690_808141192557989_6620899754537018506_n.jpg


    10801600_808141292557979_5546642802727322251_n.jpg


    10730815_809170319121743_5934477915140063808_n.jpg


    10541013_809170219121753_8346281397095783950_n.jpg


    10411009_809170242455084_7400024159993581329_n.jpg


    1506976_809170012455107_8383505509456355227_n.jpg


    10846225_809169992455109_2620761370961054406_n.jpg
     

    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    pump එක අව්ල් ගහලද දන්නේ නැහැ ඒ පාර...pump එකේ අව්ලක් නම් සමහර වෙලාවට pump එක ලඟින් leak වෙනව.බලපන් එතන.

    elazzz බොහොම ස්තුත්යි සහො
     

    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    රත්තරං;17567190 said:
    එත් ඒ වෙලාවේ බලනකොටත් break වදින්න අඩියටම පාගන්න ඕනෙ.ඌ කිව්වා ටිකක් පදිනකොට එක්කෝ හරියයි:lol::lol::lol:

    වාහනේ හදල තියෙන්නේ බාසෙක් නෙමේ ගොන් බූරුවෙක්. තාම හුලන් තියෙනවා. එදා හරියට හුලන් ඇරලා නෑ

    වොශර් ගහනකොට බාසා දැනගන්න ඕනේ සිලින්ඩරේ කැපිලද බලන්න. යන්තම් ඉරක් ඇදිලනම් ඒ සිලින්ඩරේ වැඩක් නෑ. අනික වොශර් සෙට් එක දාන්න යන ගානට තව චුට්ටක් දැම්මනම් සිලින්ඩරේ සෙට් එක පිටින්ම ගත්ත හැකි (කම්පැනිදාන්න එපා, එලියෙන් ගනින් ඔරිජිනල් පාර්ට්ස්, කම්පැනියේ නමට ගනන්, විස්වාස කරනවනම් විස්වාස කරපන් අද වයිෆ්ගේ නංගිගෙන් car ටයර් එකකට 14800ක් ඉල්ලලා යුනයිටඩ් මෝටර්ස් එකෙන් මොකක්ද පිලිපීන් ටයර් එකකට. )

    තාම සිලින්ඩරේ ඇතුලේ හුලන්. ඔය මකබාස්ව අත ඇරලා ටෙක්නිකල් එකක ඉගෙනගත්ත තරුන කොල්ලෙක් සෙට් කරගනින් වැඩවලට

    මටත් හිතුන අය්යෙ ඌ නම් හරියන එකෙක් නෙමෙ කියල.කලින් හදන්න දුන්න එකාට වහනෙ දුන්නහම ඇතුලෙ ඉදන්ම ඌ මජන් නාවල තමයි ආපහු දෙන්නෙ.ගම්පහ පැත්තෙ වැඩක් කරගන්න හොදයි කියල වෙන එකෙක් හෙම දන්නවද අය්යෙ?බොහොම ස්තුත්යි සහො