පොඩි දේවල් ටිකක් - බීඩින්ග් කාලයක් යනකොට හයි වෙනවා නේද , නැත්නම් අවිවෙ තියල දොරවල් අරිනකොට චරස් ගාල ඇලවෙනවා වගේ සද්දයක් එනවනෙ.. ඒ වගේම එලියෙ තියෙන ප්ලාස්ටික් කලු පාට පිච්චෙනවානෙ ඒකට තියෙනවා කියල එකක් ඒක ස්ප්‍රෙ කරල පොඩ්ඩක් පිහිදාන්න කාලයක් තියෙනවා.. ආපහු කාලයකට පාටත් එනවා ආපහු පාට අඩු උනාම තව පාරක් ගාන්න හොදම බාන්ඩයක් ඕක.
ඒන්ජිම් ඔයිල් අම්බානක රත් වෙලා තියෙනකොට ඔයිල් අයින් කරන්න එපා ටිකක් කූල් උනාම අයින් කරන්න ටිකක් රත් වෙලා තියෙනකොට පරන ඔයිල් විස්කොසිටි එක අඩු වෙන නිසා වතුර වගේ ඔයිල් වැඩි කොටසක් අයින් වෙලා යනවා.ඒකයි.
අලුත් වාහනවල නම් ගියර් ඔයිල් 50-60 වගේ මාරු කරන්න එන්නෙ.එ නිසා වාහනේ හදපු එකා කියල තියෙන එක බලල මාරු කරන්න.
අලුත් වාහනේකට ලොකු ග්‍රෙඩ් ඔයිල් දාන්න එපා. එන්ජිම කාලයක් යනකොට කෙලම තමයි. හේතුව ලොකු ග්‍රෙඩ් වල විස්කොසිටි එක වැඩී ( ගන කම කියන්නත් පුලුවන්) එතකොට ඉක්මනට පාර්ට්ස් ගෙවෙනවා. එ නිසා වාහනේ හදපු එකා කියල තියෙන විස්කොසිටි එකම දාන්න.
අලුත් වාහන වල එන්නෙ වොටර් පම්ප් එක ඉලෙක්ට්‍රික් වතුර පොඩ්ඩක්වත් දාන්න එපා. කෙලවෙනවා. අනෙක කූලන්ට් කියල හැම එකම දාන්නත් එපා.එක එක වර්ග තියෙනවා , ඇමොනියා නැති , පොස්පෙට් නැති කියල වර්ග තියෙනවා ඒව බලල දාන්න ඕන.වතුර මික්ස් කලොත් කාලයක් යනකොට කෙලම තමයි.