කුකුලනි, ඔන්න රේඩියේටර් කටු තොරනෙ අන්තිම කොටස. ගිහින් පෙන්නුවම, කෝර් එක ලීක් තැන් දෙකකින් විතර. ඒකෙ තත්වෙ ඉතාමත් අභාග්‍යසම්පන්න වෙලා තිබ්බෙ. ලයින් 4,5ක් වහල. ගිය පාර අටව ගන්න ගියාමත් කිව්වෙ පින තිබ්බොත් කල් දුව ගන්න පුලුවන් වෙයි කියල. නමුත් පිනක් තිබුනෙ නැත. Reconditioned Radiator එකක් අර ගැනීමට 20කට පමන පුලුවන් බව අදුරන අමතර කොටස් විකුණන පොට් එකක අන්කල් කෙනෙක්ගෙන් දැන ගත්ත නමුත්, කියන දේ නොඅසා තාත්තා විසින් පරණ ටැන්කි දෙකටම අලුතින් තබ කෝර් පාස්සන්න අනුමත උනා. කෝර් එකට විතරක් ගාන 26ක් ලු. ඒ උනාට ඒක කලු පාට, අළු පාට වගේ එකක් නෙහ් බන්. තබ පාට නෑ. අනේ මන්දා. මට ඊයෙ දවසෙ යන්න පන්තියක් තිබුන නිසාත්, තව දුරටත් උපදෙස් දීමට යාම තේරුමක් නැති නිසාත්, මන් ගියා බන් ක්ලාස්. තාත්තා වාහනෙ බලන්න හිටිය එතන. පන්ති ඉවර වෙලා එනකොට මාත් ඒකෙමෙ නැගල එන්න ආව. කෝර් එක නම් අලුත් පාටට තියෙනවා. ෆ්ලශ් කරන්න ඕන මේක. අපෙ එක්කෙනා කරා කිව්වට සත පහක විස්වාසයක් නැත. ටැන්කි දෙකත් ගැහුව නම් 38ක් ද කොහෙද. යකො, reconditioned radiator 2ක් අරන් හයි කරත් ලාබයි. එයා සල්ලි දුන්නා. එයාට හොදයි නම් ඉතින් කමක් නෑ. කොහොම හරි ඉතින් happy ending. Coolent දා ගන්න ඕන. එච්චරයි තියෙන්නෙ. දැනට තියෙන්නෙ වතුර වැඩී, coolent අඩු. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.. තොරනෙ කතාව ඉවරයි.