වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩු නෑ කොම්පැනියේ... 9000 ගානක් Complete Winder assay එක...
    Out of Stock in SL.... cant find the OEM manufacture from China
    :lol: :lol: :lol:

    3c engimak 2c ekakata obana barida ban amuthwen wada mokuth nokara. Deka godak wenasda?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔබන්න පුළුවන් වෙයි... වෑන් එකකටද කාර් එකකටද??

    van ekata. Car ekata okata gear box ekak thiyanada bn hariyana? 3c awe na neda car walata. 2c-e ewanam dakala thiyanawa. 3c dakala na.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අඩේ එලනේ... එහෙනම් පොඩි අයිඩියා එකකුත් තියනව ඉස්සරහට. බලමු.:P
    Auto gear karannada??110 tada?? Oke engine iwarawenna duwala engine and gear box obamuko
     

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    මිත‍්‍රවරුනි.මා මෙහි පැරණි සාමාජිකයෙක් වන අතර මුර පදය අමතක වීම නිසා මෙසේ නව එකවුන්ටුවකින් ලියමි.

    අප හට මැස්ඩා ස්ක‍්‍රම් (සුසුකි එවරි වෑන් රියමය) වර්ගයට අයත් කුඩා වෑන් රියක් ඇත.අපි මෙම රථයේ තෙවැනි හිමිකරුවෝ වන්නෙමු.මෙහි නිශ්පාදිත වර්ෂය 2000 ය.මෙරට ලියාපදිංචි කර ඇත්තේ 2005 වසරේදී ය.

    මිලදී ගෙන මුල් අවුරුදු දෙක වැඩි ගැටලූවකින් තොරව ගෙවී ගියේය.සුක්කානම් කොටසේ අලූත්වැඩියා කිහිපයක් පමණක් සිදුකිරීමට සිදුවිය.මේ සමගම ටයිමින් බෙල්ට් සහ බෙයාරිමද අලූතින්ම සවි කරනු ලැබින.

    ගැටලූ ඇතිවන්නට ගත්තේ පසුගිය වසරේ අග භාගයේ සිටය.ගමනේ යෙදෙන විට රථය ඉතා අධිකව උණුසුම් වන්නට ගත්තේය.නමුත් ඕවර්හීට් වීමක් හෝ බොයිල් වීමක් හෝ සිදුනොවුනි.මේ රෝගයේ තවත් ලක්ෂණයක් වූයේ රථය උණුසුම් වීමට ගැනීමත් සමග එන්ජිම බැරි බැරි ගාතයේ ඇදීමට පටන් ගැනීමය.මෙසේ දින කිහිපයක් ගතවූ තැන හදිසියේම රථය ධාවනය වෙමින් තිබියදී හීට් කට්ට අහස උසට නැග්ගේය.වහාම රථය නවතා පරික්ෂා කළ විට මා හට දැකගැනීමට හැකිවූයේ රේඩියේටරයේ අමතර ටැංකිය (එක්ස්පෑන්ෂන් ටෑන්ක්) සම්පූර්ණයෙන්ම පිරී ජලය උතුරා යමින් ඇති බවය.එසේ නම් රේඩියේටරයේ ජල මට්ටම පහත බැස ඇති බව නිගමනය කළ මෙමා, රථය නිවෙන තුරු සිට අඩු ජලය පුරවා නිරුපද්‍රිතව නිවස වෙත පැමිණීමට සමත් වූයෙමි.

    දින කිහිපයක් නැවත නැවතත් මෙම සිදුවීමට මුහුණදීමට මා හට සිදුවිය.ගැටලූව ඇත්තේ රේඩියේටර මූඩියේ යැයි සැක සිතා එය අලූතින් දැමිීමට මම කටයුතු කළ අතර, එයින් පසු මෙම ජලය උතුරා යන රෝගයත්, එයත් සමග හීට් කට්ට නැගීමේ රෝගයත් සුව විය.නමුත් රථයේ අධික උණුසුම් බවකින් යුතු වීමේ ප‍්‍රධාන රෝගය එළෙසම පැවතින.

    මෙළෙස රථය දිගටම ධාවනය කිරීම සුදුසු නොවන බව හැගුනු හෙයින් පසුගිය දෙසැම්බර් මාසයේ බෝනස් මුදලද රැුගෙන මා පළාතේ නම ගිය රේඩියේටර් කාර්මිකයකු වෙත රථය රැුගෙන ගියෙමි.මා එසේ කළේ රථය උණුසුම් වීමට රේඩියේටරයේ ඇති ගැටලූවක් හේතු වන්නට විය හැකියැයි අනුමාන කරය.සියල්ල ගලවා දමා (මෙවන් වාහන වල හිමිකරුවෝ මෙහි ඇති වදය දන්නවා ඇත) රේඩියේටරය පරික්ෂා කළ එම කාර්මිකතුමාගේ නිගමනය වූයේ රේඩියේටරයේ කාලය අවසන් බවය.ඇත්තෙන්ම එය පැවතියේ ඉතාම ශෝචනීය තත්ත්වයක බව කිව යුතුය.මේ නිසාම මුදල් නොබලා නව රේඩියේටරයක් සවි කොට, නියමිත පරිදි ජලය පුරවා, ජලය සංසරණය වන බව සැකහැර දැනගෙන, මම යළිත් නිවසට පැමිණියේ සතුටු සිතකින්ය.

    නමුත් අහෝ ඒ සතුට එළෙස පැවතුනේ නැත.අලූත් අවුරුද්දේ රථය ධාවනයේ යෙදවූ පළමු දිනයේ දීම සුපුරුදු පරිදි හීට් කට්ට ගගන බලා යනු දැක දෙලොව රත්කර ගත් මෙමා වහාම රථය නවතා පරික්ෂා කළ විට දැකගත හැකිවූයේ පෙර පරිදිම අමතර ටැංකිය ජලයෙන් පිරී උතුරා යමින් තිබෙන බවය.කළ හැකි අන් දෙයක් නොමැති තැන සිසිල් වන තුරු සිට ජලය පුරවා රථය නැවත නිවස වෙත ගෙන ඒමට මම කටයුතු කළෙමි.එතැන් පටන් ගෙවුනු දින කිහිපයේ දීම මෙම ගැටලූවට මම යළි යළිත් මුහුණ දුන්නෙමි.මෙවර රේඩියේටර මූඩියේ ගැටලූවක් ඇතැයි සිතිය නොහැක්කේ නව රේඩියේටරය සමග නව රේඩියේටර මූඩියක්ද දැමිීමට මා කටයුතු කළ නිසාය.

    මෙතැන සිටින වාහන පිළිබද දැනුමැත්තෝ මගේ මේ ප‍්‍රශ්න කිහිපයට පිළිතුරු දෙනු ඇතැයි මම සිතමි.

    1. ජලය උතුරා යමින් තිබෙන්නේ ගෑස්කට් ගැටලූවක් නිසාද? (මා මෙසේ අසන්නේ එන්ජිම කි‍්‍රයාත්මකව තිබියදී රේඩියේටර මූඩිය ගලවා පරීක්ෂා කළ විට කුඩා වායු බුබුලූ රේඩියේටර කට ආසන්නයේ රැස්වනු දැකගත හැකිවූ නිසාය.නමුත් මට ඇති ගැටලූව වන්නේ මෙම වායු බුබුලූ නැගෙන්නේ ගෑස්කට් ගැටලූවක් නිසාද, එසේත් නැතිනම් හරිහැටි සවිව නොමැති රේඩියේටර බටයක් නිසාද යන්න හදුනාගත නොහැකි වීමය)

    2. ගෑස්කට් ගැටලූවක් ඇතිනම් එය හදුනාගත හැකි මෙවළම් මෙරට විකිණීමට තිබේද? (අන්තර්ජාලයේ ඇති රසායනික පරික්ෂා හා සමාන) එසේ තිබේ නම් එවැන්නක් මිලයට ගත හැක්කේ කොතැනින්ද?

    3. ගෑස්කට් ගැටලූවක් ඇති බව තහවුරු වුවහොත් මෙවැනි එන්ජිමක ගෑස්කට් නැවත සවිකිරීමට කොපමණ වියදමක් දැරීමට සිදුවනු ඇතිද? එන්ජින් වර්ගය සුසූකි එෆ්6ඒ

    4. ඉන්ලට් මැනිපෝල්ඩයට හා ඔයිල් දමන විවරයට ඇගිල්ල දමා බැලීමේ දී කැට කැට වන් දේවල් හසුවේ.විශේෂයෙන් ඉන්ලට් මැනිපෝල්ඩයට තෙල් ගසා ඇති බවක් දැනේ.මෙය සාමාන්‍යයද? එයාර් ෆිල්ටරයට තෙල් ගසා නොමැති බව සදහන් කළ යුතුය.(මෙම ගැටලූව වාහනයට අදාළව මිස අනෙක් දෙයක් ගැන නොවේ)

    5. එන්ජිමේ සීඝ‍්‍ර තෙල් අඩුවීමක් දැකගත නොහැකි මුත් යම් තරමක තෙල් අඩුවීමක් දැකගත හැකිය.සම්ප් එක වටා මද වශයෙන් තෙල් කාන්දුවනු දැකගත හැකි වුවත්, එය තෙල් අඩුවීමට හේතුවක් බව සිතීමට නොහැක්කේ රථය එකතැන සතියක් තැබුවද බිම එකම තෙල් බිදුවක් හෝ නොතිබෙන නිසාය.එන්ජිම වේගයෙන් රේස් කිරීමේ දී මද වශයෙන් සුදු දුමක් නගෙන බව කිව යුතුය.

    6. මෙවන් ඒන්ජින් වර්ග වල එන අලූත්වැඩියා වලට වියදම් නොකර නව එන්ජිමක් තැබීම සුදුසු බව කිරියේම තැනක මම කියෙව්වෙමි.එය සැබෑවක්ද? එසේ නම් ඒ සදහා කොපමණ වියදමක් දැරීමට සිදුවේද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මිත‍්‍රවරුනි.මා මෙහි පැරණි සාමාජිකයෙක් වන අතර මුර පදය අමතක වීම නිසා මෙසේ නව එකවුන්ටුවකින් ලියමි.


    1. ධාවනය කර ඇති කිලෝමීටර් ගණන කීයද??

    2. වාහනේ රිසව් ටෑන්ක් එකෙන් කූලන්ට් ඕවර්ෆ්ලෝ වෙන හේතු 2ක් තියෙනවා..

    2.1 අවශ්‍ය ප්‍රමාණයට වඩා කූලන්ට් පුරවා තිබීම.
    2.2 වාහනය ඕවර්හීට් වීම.

    දැන් ඔය කියන විදියට ඕක දිගින් දිගටම වෙනවා නම් 1 වෙනි කරුණ වෙන්න බෑ (කූලන්ට් අඩුවෙන හැම වෙලාවකම ඕවර්ෆිල් කරන්නේ නැත්තම්... :rofl: :rofl:) ..

    ඕවර්හීට් වෙනවා නම් ඒකට හේතු ගණනාවක් තියෙනවා...

    සරලම තැනින් පටන් ගත්තොත්..

    1. Radiator Cap
    කූලන්ට් හැරුනාම සිසිලන පද්ධතියේ අලුතින් යොදන්න පුළුවන් මිල අඩුම කොටස තමා කැප් එක.. අලුත් එකක් දාලා බලන්න.

    2. Thermostat Valve
    Thermostat එකෙන් කරන්නේ වාහනේ අවශ්‍ය ක්‍රියාකාරී උෂ්ණත්වයට එනකල් පද්ධතිය ඇතුලේ කූලන්ට් සංසරණය වෙන එක නවත්වන එක..
    දැන් ඔය වෑල්ව් එක සවුත්තු උනාම එක්කෝ ඕක ඇරෙන්නේ නැතුව යනවා...එහෙමත් නැත්තන් අවශ්‍ය උෂ්ණත්වයේදී ඇරෙන්න නැතුව යනවා..
    ඕක අවුල්ද කියලා බලා ගන්න පුළුවන් ලේසිම විදිය තමා වාහනේ Cooling Fan ක්‍රියාත්මක වෙනකල් එන්ජිම ස්ටාර්ට් එකේ තියලා Fan වැඩ කරන්න ගත්තම රේඩියේටර් එකේ උඩ සහ යට හෝස් දෙක අල්ලලා බලන්න... හෝස් දෙකේ උෂ්ණත්ව අතර ලොකු වෙනසක් තියෙන්න බෑ... කොහොමත් උඩ හෝස් එකට වඩා පහල හෝස් එකේ උෂ්ණත්වය ටිකක් අඩුයි...නමුත් ලොකු වෙනසක් තියෙන්න බෑ..
    එහෙම අවුලක් තියෙනවා වගේ දැනෙනවා නම් හොදම දේ මේ වැල්ව් එක ගලවලා අයින් කරලා, කූලන්ට් නැතුව වතුර විතරක් දාලා Test Run එකක් කරන එක.. වෑල්ව් එක නැතිවෙලාවට ඔවර්හීට් වෙන්නේ නැත්තන් වෑල්ව් එකේ ගැටලුව..
    අලුත් Thermostat Valve එකක් එක්ක කූලන්ට් දාලා වැඩේ ගොඩ දාගන්න ඊට පස්සේ...

    3. Radiator Fan
    මෙතන වෙන්න පුළුවන් දෝෂ 2ක් තියෙනවා..

    1. ෆෑන් එක කිසිසේත්ම ක්‍රියාත්මක නොවීම.
    ෆෑන් එක වැඩ කරන්නෙම නැත්තන්, ගොඩක් විට ෆෑන් එකේ හෝ අදාළ ඉලෙක්ට්‍රික් පද්දතියේ හෝ Temperature Sensor එකේ ගැටළුවක් වෙන්න පුළුවන්.. මෙතැනදී නම් හොදම දේ Electrician කෙනෙක්ගේ සහය පතන එක... මොකද සමහර වාහන වල Fan එක On කරන්න සිග්නල් එක දෙන්න වෙනම සෙන්සර් එකක් නැහැ.. ECU එකට සිග්නල් එක දෙන සෙන්සරයේ රීඩින් වලින් ECU එක හරහා Fan එක ඔන් ක‍රන වාහන තියෙනවා... ECU එකත් එක්ක නොදැන ගණුදෙනු කිරීම ප්‍රශ්න ගොඩකට මුල වෙනවා..

    2. ෆෑන් එක ක්‍රියාත්මක උනාට අවශ්‍ය වේගය (Air Flow Rate) ලබාගැනීමට නොහැකිවීම.
    මේක නම් කාලයක් පරණ ෆෑන් වලට වෙන දෙයක් ගොඩක් වෙලාවට. Internal Resistance වගේ ඒවා නිසා තමා ඔය ගැටලුව මතු වෙන්නේ.. හොදම දේ මං කලින් කිව්වා වගේ Electrician කෙනෙක් හමුවෙන එක..

    මීට අමතරව තව එක දෙයක් තියෙනවා කරලා බලන්න පුළුවන්... ඒ A/C භාවිතා කරන්නේ නැතිවෙලාවට විතරක් Overheat වෙනවද බලන එක.. වාහනේ A/C තියෙනවා නම් A/C දාගෙන test run එකක් කරලා බලන්න.. A/C දැම්මම ඔවෙර්හීට් වෙන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම Radiator Fan Control Circuit එකේ ගැටළුවක් තියෙන්න ඕනි..

    4. Water Pump
    මේකත් ඉතින් ගලවලා බලලම තමා හොඳද නරකද බලන්න වෙන්නේ.. කාලයක් යනකොට සවුත්තු වෙනවා මේක.. හොඳ Mechanic කෙනෙක් ගාවට යන්න වෙනවා...

    5. Radiator - Already Replaced.

    6. ඔය 5න් පස්සේ ඊලඟට සැක කරන්න වෙන්නේ එන්ජිමේ දෝෂයක් කියල තමා...

    1. Gasket Failure
    2. Cracked Engine Head / Block
    3. Clogged Water Jackets
    4. AFR too much lean
    5. Incorrect Ignition Timing
    6. Clogged Intake Manifold
    7.........and so on

    Gasket Failure එකක්ද කියල නම් බල ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා ..
    1. ඔය කිව්ව රේඩියේටර් එකෙන් බුබුළු දාන එක එක ක්‍රමයක්... හැබැයි ඔය හෝස් එකක බුරුලක් නිසාත් ඕක වෙන්න පුළුවන්..

    2. එන්ජිම ටික වෙලාවක් දුවන්න දීලා පරෙස්සමට කැප් එක ගලවල රේඩියේටර් කට ඉඹලා බලන්න පුළුවන්... සාමාන්‍යයෙන් වාහනේ දුම් ගඳ වගේ එනවා නම් කූලන්ට් වලින්සැක කරන්න පුළුවන් Gasket එක නොයෙන ගමන් ගිහින් කියලා...

    3. Compression Test
    මේක නම් යල් පැනපු ක්‍රමයක් දැන්.. කොහොමත් ඉතින් ගරාජ් එකක් හොයන් යන්න වෙනවා.. compression teat එක වෙනුවට දැන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Cylinder Leakdown Tester එක...

    දැන් ඔබතුමාගේ ගැටළු වලට ගියොත්,

    1. වියහැක.

    2. කලින් කිව්වා ඉඹලා බලපු ටෙස්ට් එකම තමා ඔය Professional විදියට කරන්නේ... Exhaust Gas එකේ මුඋලිකවම අඩංගු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ්... ඉතින් ඔය දෙකේ පැවැත්ම පරීක්ෂා කරන්න පුළුවන් ඕනිම විදියකින් ඔය ටෙස්ට් එක කරන්න පුළුවන්... Lab Equipment තියෙන තැනකට ගියොත් ගැලපෙන ක්‍රමයක් හොයා ගන්න පුළුවන්..

    3. Spares වල මිලගණන් නොදනිමි. කොහොමත් Rs20,000 - Rs30,000 අතර ගානක් යයි.

    4. Inlet Manifold එකේ පොඩි තෙල් ගතියක් අහුවෙන එක සාමාන්‍ය දෙයක්.. හැබැයි කැට කැට අහු වෙනවා නම් ඒ මොනාද කියල බලන්න ඕනි.. :oo: :oo: කාබන් කැට හැදිලා වෙන්න පුළුවන්... උපන් දා සිට හුරතලේට පැදපු වාහන වල ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්..

    5. Mileage ? ? ?

    6. ඕක තීරණය වෙන්නේ එන්ජිම සම්පුර්ණයෙන් අලුත්වැඩිය (Overhaul) කරන්න යන වියදමත් Recondition හොඳ තත්වයේ එන්ජිමක මිලත් අතර වෙනස මත...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. ධාවනය කර ඇති කිලෝමීටර් ගණන කීයද??

    ................
    ................
    ................

    :) මෙහෙම කමෙන්ට් එකකට ඉතිං මහේෂ් මල්ලිම ඉන්න ඕනේ. ඒකනේ මල්ලි ඔයාගේ පහුගිය කාලේ වුන ඈත්වීම මේකේ උන්ට තදින්ම දැනුනේ.
    කමෙන්ට් එක මට අදාළ නොව්නට මේකෙන් මමත් සෑහෙන්න දෙයක් දැන ගත්තා. මේකේ ඉන්න අනිත් අයටත් මේක සැහෙන්න වැදගත් වෙයි. :)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :) මෙහෙම කමෙන්ට් එකකට ඉතිං මහේෂ් මල්ලිම ඉන්න ඕනේ. ඒකනේ මල්ලි ඔයාගේ පහුගිය කාලේ වුන ඈත්වීම මේකේ උන්ට තදින්ම දැනුනේ.
    කමෙන්ට් එක මට අදාළ නොව්නට මේකෙන් මමත් සෑහෙන්න දෙයක් දැන ගත්තා. මේකේ ඉන්න අනිත් අයටත් මේක සැහෙන්න වැදගත් වෙයි. :)

    ඔබතුමාගේ වැඩේ මොකෝ උනේ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔබතුමාගේ වැඩේ මොකෝ උනේ...

    හෝස් ටික නම් බැලුවා මල්ලි ඒවගේ නම් අව්ලක් නෑ වගේ. ක්ලීනර් එකක් අරං ගහලා බලන්න ඕනේ.
     

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    මහේෂ් සහෝදරයා, ඔබගේ පිළිතුරට බොහොම ස්තූතියි.ඔබ පවසන දේවල් වලට පිළිතුරු දෙන්නට මම උත්සාහ කරන්නම්.

    1.රේඩියේටර් කැප්

    නව රේඩියේටරයත් සමග නව කැප් එකක් යෙදීමට කටයුතු කර ඇත.රු.2000.00 ක් පමණ වන විට උසස්ම තත්ත්වයේ කැප් එකක් යෙදිය හැකි බව අමතර කොටස් අලෙවිකරුවෙක් පවසන ලදී.මෙවැනි කැප් එකක් යොදා පරික්ෂා කිරීම සුදුසුද?

    2. තර්මොස්ටැට් වෑල්වය

    රේඩියේටරය සවිකළ කාර්මික මහතා කී අයුරින් රථයේ තර්මොස්ටැට් වෑල්වය දැනටමත් ගලවා දමා ඇත.ඔහු හා එකගවීමට මටද සිදුව ඇත්තේ වාහනය පන ගැන්වූ විගස රේඩියේටරය ඔස්සේ ජලය සංසරණය වන බව දැකගත හැකි නිසාය.

    3. රේඩියේටර ෆෑන්

    මෙය නිවැරදිව කි‍්‍රයාත්මක බව බව මගේ හැගීමයි.උෂ්ණත්ව මාපකය හරි මැද තිබී, මිනිත්තු කිහිපයක් ගතවන විටම එය කි‍්‍රයාත්මක වේ.තත්ත්පර 10 කින් පමණ නැවතේ.පසුව නැවතත් කි‍්‍රයාත්මක වේ.සුළං හොදින් හමන බව දැනේ.

    4. වෝටර් පම්ප්

    මෙය නිවැරදිව කි‍්‍රයාත්මක වන බව රේඩියේටර් කාර්මික තැන කීවේය.ඔහු එය කීවේ ජලය සංසරණය වන වේගය බලාය.එසේ කීම නිවැරදිද?

    මගේ ප‍්‍රශ්න වලට ඔබ ලබාදුන් පිළිතුරු වලට

    1 සහ 2. ගෑස්කට්

    මෙය මා පරික්ෂා කර බලා දන්වන්නම්

    3. වියදම - පිළිතුරට ස්තූතියි.

    4. ඉන්ලට් මැනිපෝල්ඩය - අසුවන්නේ කැට කැට ය.ඒවා ඔබ පවසන ආකාරයට කාබන් කැට නම් ගතයුතු පියවර කුමක්ද?

    5. දුවා ඇති දුර - 184,000 ( මෙය අප මිලයට ගන්නා විට පැවතියේ 178,000 දුර දුවාය)

    6. එන්ජිමක් තැබීම සදහා වියදම - නැවත වතාවක් ස්තූතියි.ඔබට ඇස්තමෙන්තු ගත අගයක් දිය හැකිද?

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1. ධාවනය කර ඇති කිලෝමීටර් ගණන කීයද??

    2. වාහනේ රිසව් ටෑන්ක් එකෙන් කූලන්ට් ඕවර්ෆ්ලෝ වෙන හේතු 2ක් තියෙනවා..

    6. ඕක තීරණය වෙන්නේ එන්ජිම සම්පුර්ණයෙන් අලුත්වැඩිය (Overhaul) කරන්න යන වියදමත් Recondition හොඳ තත්වයේ එන්ජිමක මිලත් අතර වෙනස මත...

    එන්ජිමේ උශ්ණත්වය වැඩිවීම සහ කල යුතු ප්‍රතිකාර සියල්ල අඩංගු පාඩම.

    මේ ගැන ත්‍රෙඩ් එකක් දාහන් මචන්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජිමේ උශ්ණත්වය වැඩිවීම සහ කල යුතු ප්‍රතිකාර සියල්ල අඩංගු පාඩම.

    මේ ගැන ත්‍රෙඩ් එකක් දාහන් මචන්.

    :yes::yes: ත්‍රෙඩ් එකක් දානව හොදයි මහේෂ් මල්ලි.
     
    Status
    Not open for further replies.