මචන්ලා මට වාහනේ ට්රාන්ස්ෆර් කරගන්න ගිහින් අවුලක් උනා..මම නොර්මල් ට්රාන්ස්ෆර් දෙන්න කියලා එම්.ටි 6 පුරවලා දින දාලා ඒ.ජි ඔෆිස් එකට භාර දෙන්න ගියා..මගේ ලයිසන් එක ගන්න තියෙන්නේ පෙබරවාරි..ඒ.ජි ඔෆිස් එකෙන් කියනවා උන්ට අලුත් නීතියක් දාලලලු භාරගන්න පුළුවන් ලයිසන් කරන්න මාස 6කට වඩා කල් තියන ඇප්ලිකේෂන් විතරලු.දැන් උන් අර ලයිසන් ගන්න දෙන M11 ෆෝර්ම් එක දෙන්නේ නෑලු..one day කරගන්න කියනවා උන්..oneday කරගන්න නං කලින් අයිතිකාරයාගේ දිව්රුම් ප්රකාශයක් ඕන..මම ඕපන් පේපර්ස් තිබ්බ වාහනයක් ගත්තේ..කලින් නම තියන එකා ඉන්නේ කොහෙද හොයන්න ගියාම පිස්සු හැදෙනවා නේ බන්..දින දාල සති දෙකක් ඇතුලේ මාරු නොකරොත් දවසට රු.100 ක දඩයක් වදිනවලු..එතකොට මොකක්ද බන් මේකට මට කරන්න පුළුවන්..බලහන්කො ඉතින් අපිට උවමනාව තිබ්බට වාහනේ ට්රාන්ස්ෆර් කරගන්න මුන්ගේ තියන නීති නිසා එක කරන්නත් බෑ..දඩ ගෙවන්නත් ඕන..මේ ගැන දන්න එකෙක් කරුණාකරලා උපදෙසක් දීපන්කො