වැරදි_කාමසේවනය

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වැරදි_කාමසේවනය

    මට හිතුන මේ ධර්ම දේශනය එලකිරි එකේ බෙදා ගන්න ඕනෙමයි කියලා ඒක නිස ඔන්න බෙදා ගන්නවා..මොකද සමහර දවස් වලට මේකෙ ඉන්න සමහර අය කෙල්ලත් එක්ක රූම් යන්න බඩු ගහන්න අරව මෙව්ව ගැන කතා බහ කරනවා එහෙම නැත්නම් උපදෙස් හොයනවා ඇතිනේ.
    ඔබ ඒ හිතන දේයි බරපතල කම
    එයින් වැලකෙන්නේ කොහොමද
    මේ සංසාරේදී සිල් රකින්න උත්සහ කරපු , සිල් රැකපු අය කොච්චර පුදුම විදිහට ඒ සිල් රැකල තියනවද කියල ඔබට අහන්න දැන ගන්න පුලුවන්..

    අපිට අපි ගැන දුක හිතෙයි සමහර විට අතීතයේ ඒ ඇත්තෝ සිල් රැකල තියන විදිහ අහනකොට
    ඉතින් මේ දේශනය අහන්න..
    මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම හරි මේ දේශනය අහන්න සිත පහල වේවා.. !!!!


    :D:D:D:D:D


    මම අහපු මේ දේශනය මම ඔයාලත් එක්ක ඔයාලටත් අහන්න බෙදා ගන්නවා. මගේ චේතනව මේ දේශනය කවුරු හෝ අහලා මේ ජීවිතේට මේ සංසාර ගමනට යහපත පිණිස මේ අහන දේශනය ඔබට වැදගත් වෙයි කියන එකයි. ඉතින් මෙහෙම වැදගත් දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න එක මම කරන පිනක්..

    ඉතින් ඔයාලටත් පුලුවන් මේ ත්‍රෙඩ් එකට කැමතිනම් සැදැහැ සිතින් බම්ප් එකක් දාලා පිනක් කර ගන්න.. මොකද ඔයාල ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාන වාරයක් වාරයක් පාස තව කෙනෙක්ට මේ දේ දකින්න අවස්ථාවක් හම්බ වෙනවා.. ඉතින් එහෙම තව කාට හරි අවස්ථාවක් ලැබීම පිනිස මම බම්ප් එකක් දානව කියලා හිතාගෙන කැමති නම් සැදැහැ සිතින් බම්ප් එකක් දාලා යන්න.. :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1546328_10205024414544390_3053253526533295764_n.jpg



    පිනට ලද රූපය පවට යෙද වූ සාපය

    කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.

    තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්‌වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය. සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න. ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න. මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න. ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.

    මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්‌ත්‍රියක්‌ මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි. ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක්‌ විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක්‌ තිබෙන්නට ඇත. ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්‌සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්‍ෂුව විශ්වාස කරයි.

    ඇය අඩි 6ක්‌ පමණ උසැති සමාන්‍ය මහත කළුම කළු ප්‍රේතියකි. හරියට කළු ජාතික කාන්තාවක්‌ සේය. ඇයගේ ලැම ප්‍රදේශය ලැල්ලක්‌ සේ තිබිණි. ඒ කියන්නේ පියයුරු නොමැත. ඔබට උදාහරණයක්‌ දෙන්නම්. මහරගම පිළිකා රෝහලේ පියයුරු පිළිකා නිසා පියයුරු දෙකම ඉවත් කළ රෝගී පිංවත් කාන්තාවක්‌ ඔබ දැක ඇතිනම් එම ප්‍රේතිය ද මෙම ස්‌වභාවයෙන් යුක්‌තය. මෙම ප්‍රේතිය දකින්නට අප්‍රසන්න නමුත් ප්‍රේත ලෝකයේ කාමය යදිමින් ජීවත් වේ. එහෙත් ඇයගේ කාමගින්න නිවීමට කිසිවෙක්‌ ඇය වෙත නොඑයි. මෙය කර්ම විපාකයක්‌ය. කර්මය නම් මනුෂ්‍ය ආත්මයේදී තමන්ට ලැබුණ රූපය වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම සහ අනුනගේ සිත් දූෂණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යෑයි භික්‍ෂුව විශ්වාස කරයි. එය එසේ නොවීමටද හැකිය. මනුෂ්‍ය ලෝකයේදී පෙර පින්කම් නිසා ලැබුණු ලස්‌සන ශරීරය ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමානයේ ඇය ප්‍රදර්ශනය කිරීමට කිසිත් නොමැතිව විරූපීව පියයුරු නොමැති ශරීරයකින් යුක්‌තව දුක්‌ විඳින්නීය.

    සංසාරයේ ඔබ කළ පිංකම් නිසා ඔබට ලැබුණු ඔය සුරූපී ශරීරය 'ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' ලැඡ්ජාව භිය දෙක ඇතිව....

    එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින අදක්‍ෂයෙක්‌ වේවී. විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක්‌ නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය. නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්‌කර ගන්නීය. මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක්‌ විඳිනු ඇත.
    :sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සැදැහැ සිතින් බම්ප් එකක්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැක්කෙත් නෑ බන් උඹව ඇවිත් දූනෝ නේ දැන් තී :(
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    දෙන්නෙක්ගේ කැමත්තෙන් සිදුවන කාම සේවනය වරදක් නෙවෙයි.එහි පවක්ද නැත?
    හැමෝම කසාද බදින්න කියලා බුදුන් කියලත් නෑ.කසාද නොබැදපු අය කාමසේවනය නොකල යුතුයි කියලා කියලත් නෑ.
     

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    සම ලිංගික සේවනය අනාචාරයේ හැසිරීමක්ද? ඒක බුදු දහමට අනුව පවක්ද? ගැහනියක් කාමයේ යෙදිය යුතු වයසක් බුදුන් වහන්සේ නිර්නය කරලා තියෙනවද? බුදුන්ගේ කාලේ වයස 16අට අඩු අය විවාහයන් තිබුනද?
    අනිත් එක දුම් පානය පවක්ද?
    දුම්බීවාට මත් වෙන්නේ නෑ.