ඔයාට කන්ඩිශන් නැතිවුණාට මට කන්ඩිශන්මාත් මොනව හරි කියන්න එපැයි.
අපේ ගෙදර එද ඉදන් ඩබල් කැබ් තමයි ඉතින්
දවසක් L 200 එකක් බලන්න ගියා, 59 නම්බර්. පත්තරෙ දැකල. ඇතුලට නිකන් ක්ලේමො ගහල වගේ. ඩෑශ්බොර්ඩ් පුපුරල, අපෝස්ටින් කෑලි එල්ලෙනව. එව කමක් නෑ
පිරිපස්සෙ සීට් එක යටින් චැසියෙ එක පලුවයි තියෙන්නෙ. ඒ තරමට දිරල. චැසිය අතින් කඩන්න පුලුවන්. මන් ආව එන්න. මාස 2කට පස්සෙ නුවර පාරෙ නෙලුන්දෙනිය හරියෙ සේල් එහෙක තිබ්බ. ගිහින් බැලුව ජොලියටත් එක්ක. සේල් කාරය කියනව 'මහත්තය මේක සුපිරි කැබ් එක කියල' චැසිය ආයෙ පේන්ට් ගහල, ස්ටීල් ප්ලෙට් තියල දිරපුව වහල, ග්රයින්ඩර් වලින් ගාල. හොයන්ඩවත් බෑ.
තව දවසක් D 21 එම්බොස් එකක් බලන්න ගියා අතුරුගිරියෙ. චැසි කේස් නෑ. බොඩ්ය් හොදයි. චැසි නම්බරෙ දන්න එහෙකුට යවල බැලින්නන් සින්ගල් කැබ් එහේකට බොඩිය තියල.
පොතෙ එන්ජින් කැපැසිටියත් වෙනස්. ඇතුල බැලින්නන් මැනුවල් කැබ් එකට ඔටො එහෙක ඩෑශ්බොර්ඩ් එකක් තියල. මන් හිතන්නෙ ඔරිජිනල් ආපු එක කෑල්ලක්වත් ඒකෙ තිබ්බෙ නෑ. කෑලි ෆිට් කරපු එකක්.
ජා ඇල හයිලක්ස් එකක් බලන්න ගියා. ඔක්කොම හොදයි. මීටරෙ ලක්ස 2.5ක් තිබ්බෙ. එන්ජින් බේ ඇතුලෙ ගහල තියනව ලක්ස 4යි ගානකින් ටී බෙල්ට් මාරු කරා කියල. අන්තිම දුම් සහතිකෙ මයිලේජ් එක ලක්ස 6ත් පැනල
වලස්මුල්ලෙ හයිලක්ස් එකක් බලන්න ගියා, එන්න කලින් ඌ කිව්ව ඔයා දුර ඉදන් ආවට කමක් නෑ, ගාන නන් අඩු වෙන්නෙ නෑ, මෙක පුල් කන්ඩිසන් වාහනෙ කියල. මාත් ඉතින් කමක් නෙ කන්ඩිසන් එකක් තමා මටත් ඔනෙ කියල ගියා ඉතින්. ගියාම ඉස්සරහ ශෙල් එක කම්බි වලින් ගැට ගහල. එක ලයිට් එකක් එලියට පැනල ඒක පෝක්ස් වෙන්නෙ පොල් ගස් වලට.
සීට් වල රීල වගේ පැල්ලම්. එන්ජින් බේ ඇතුලෙ ඔයිල් ගහල හැම තැනම. මට මාර තරහ්යි. මන් උගෙන් ඇහුව මේවටද කන්ඩිසන් වාහන කියන්නෙ කියල.
ඌ කියාපි ' ඔයාට කන්ඩිසන් නැති උනාට මට කන්ඩිසන්නෙහ්' කියල.
මන් බස් එකට නගින කන් ඉදල අයිය උගෙ උගෙ අම්මටත් එක්ක අමතල තිබ්බ.
චැසි දිරපුවා නන් සෑහෙන්න හම්බෙල තියනව D 21, 22

ඩොක්ටර්ස්ලට වාහනයක් වෙනුවෙන් යටකරන්න කාලය නෑ. එක වාහනයක් අවුරුදු 5කට වඩා පාවිච්චි කරන්නෙත් නෑ.දොස්තරලා හොඳට පාවිච්චි කරනවද බං වාහන අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා සර්විස් වෙලාවට කරන්නේ නෑ
සොලූන එකේ කතාව මම මේකෙ දැම්මද කියල මතක නෑ.ඔව් බන් බලන්න ගියාම ආයෙ හැරිලා එන්නත් බෑ. උගෙ මූණට. බොරුවට බලලා ගණන් අහලා එනවා.

ඉන්ටීරියර කන්සෝල් බොක්ස් වගේ කෑලි මළාට හොයාගන්න හම්බවෙන්නෙ නෑ.Mama Xtrail 2.5 ekak balanna giyaa Vitara eka ganna kalin. Meerigama paththe. Photos wala baande supiriyatama thibba.. gihin balinnum mada arm rest eka naa.. ugen ahuwama kiyapi, ewanum ithin daganna puluwanlu. Wate body line eke jack gahala madin ebila.. nikan saman tin ekak kapala wage.. engine firewall eke redda meeyo kala wage ellenawa.. yata baluwama mada ekai. Adu gane wahane balanna enawa kiyala hodalawayh naa.. NT31 ekak me yaka eka kala hapayak karala.. ayeth num dura pathi wala wahana balanne yanna honda naa kiyala hithaa gaththa..
ඔයාට කන්ඩිශන් නැතිවුණාට මට කන්ඩිශන්![]()
![]()
![]()
![]()
ඩොක්ටර්ස්ලට වාහනයක් වෙනුවෙන් යටකරන්න කාලය නෑ. එක වාහනයක් අවුරුදු 5කට වඩා පාවිච්චි කරන්නෙත් නෑ.
ඉතිං,
සර්විස් පහුකරනව, ඔර්ජිනල් පාට්ස් දාන්නෙ නෑ. එක්කො ගාණ අඩුවට දානව, නැත්තං ගැරේජ් එකෙන් දාන එකක් තමයි.
සොලූන එකේ කතාව මම මේකෙ දැම්මද කියල මතක නෑ.
ඔය වාහනේ බලන්න ගිය වෙලාවෙ, ගේට්ටුවෙන් ඇතුලට යද්දිම වාහනේ දැකල මම හැරිල එන්න හදනකොට මාත් එක්ක ගියකෙනා, "ඔහොම හැරිල යන්න හදන්න එපා මනුස්සයො බොරුවට හරි බලල යනව" කියල මාව ඇතුලට ඇදගෙන ගියා.
ඉන්ටීරියර කන්සෝල් බොක්ස් වගේ කෑලි මළාට හොයාගන්න හම්බවෙන්නෙ නෑ.
කැඩනොත් කැඩුන තමයි.
වාහන බලන්න දුර යන්න හොඳ නෑ. පුලුවන් තරම් ඉවසල ලඟින්ම තමයි බලන්න ඕනෙ. මමත් දුර වාහන බලන්න ගිහින් තියෙනව. අන්තිමට පෙට්රල් පුච්චගෙන ගියාටත් පාඩුයි. අන්තිමට ගත්ත වාහන දෙකම ගන්නවුනේ ගම්පහ අවටින්මයි.