අපි දෙනියායෙ අකුරැස්ස පැතිවල වැඩ කරන්න ගියාම මිනිස්සු තේ තැඹිලි පවා දෙනවා. අපිට බයේ නෙවි. එයාලට ඕන එයාලගෙ වැඩේ කරගන්න නිසා. ඒවා පගාව නෙවි.
බැන්නම කේන්ති යන්න ඇති. ෆෝම් එක පිටිපස්සෙ තියෙනවා නේද මැප් එක අඳින්න. හැරෙන තැන් එහෙම හරියට දාල නැත්නම් එන කෙනා හිර වෙනවා.
ශේප් එකේ ගිහිං කතා කරගන්න. වැඩේ කරල දේවි
මම බැන්න නිසා ඌට කේන්ති ගියා නෙමේ. ඌ බැනපු නිසා මටයි කේන්ති ගියේ
මිනිස්සු රාජකාරියට එන අයට තේ කෑම දීලා පුරුදු කරගෙන තියෙන්නේ දැන් පගාවත් සාධාරණීකරණය වෙලා තියෙන්නේ.මමනම් රාජකාරියට එන කිසි කෙනෙක්ට වතුර එකක් ඇරෙන්න කිසි දෙයක් දෙන්නේ නෑ.
උඹ ඔය කියන තරම් හොද උන් නෙමේ බන් හැමොම.හොද උනුත් ඇති. අපේ පැත්තේ ලගදි කණුවකට බල්බ් එකක් දාන්න ඇවිත් උන් කටින්ම ඉල්ලුවලු අරක්කු බෝත්ලයක්.ඒ ගෙදර මිනිස්සු දීලා නෑ. තාම ඒ බල්බ් එක දාලා නෑ.
සමහර රාජ්ය සේවකයෝ ආගන්තුක සත්කාරය (පගාව ) නැතුව් වැඩ නොකරන තැනට පත් වෙලා.ඇයි එහෙම වෙන්නේ? පගාවත් ආගන්තුක සත්කාරයක් කරගෙන තමන්ගෙ වැඩේ විතරක් ශේප් එකේ කරගන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු නිසා.
Last edited:






