අැයි බන් ඕම බය..අපේ ගෙදර නම් දෙපාරක්ම තැන් මාරු කලා..කිය කිය ඉදලා ඕකුන් මලාට එන්නෙ නෑ.. රෙද්දෙ නීතිය..ඕවා කවද්ද ලන්කාවෙ ක්‍රියාත්මක උනේ..don't even think of touching the meter .it belongs to CEB.![]()
අැයි බන් ඕම බය..අපේ ගෙදර නම් දෙපාරක්ම තැන් මාරු කලා..කිය කිය ඉදලා ඕකුන් මලාට එන්නෙ නෑ.. රෙද්දෙ නීතිය..ඕවා කවද්ද ලන්කාවෙ ක්‍රියාත්මක උනේ..don't even think of touching the meter .it belongs to CEB.![]()
මීටරේ එක්ක සෙල්ලම් කරද්දි මචන් උන්ව දැනුවත් කරන්න ඕනේ.. ඕකට තියෙන්නේ අපේ ගෙදර වුනාට ඕකෙ සම්පූර්ණ අයිතිය උන්ගේ.. අපිට ඕක දිහා බලන් ඉන්න විතරයි පුලුවන්.. (අල්ලන්නත් පුලුවන්).. එහා මෙහා කරන්න බෑ
(ලයිට් බිල දැක්කම)අහල කරනවට වඩා හොදයි නිකන් ඉන්නව...බෝඩ් එකේ උන් ඕනෙ නෑ හොද බාසෙක් අල්ලන් වැඩේ කරපන්.. නැත්නම් උබට මාසයක් පැල වෙන්න වෙයි..තාප්පෙට ගන්න පුළුවන්..වෙනම කොන්ක්‍රිට් බොක්ස් එකක් වගේ හදපන් තාප්පෙන් ඇතුලට වෙන්න..
Thama Habaii Godak loku wenasak karanawa nam Kiyanna Onii kathawak Ahala thiyanawa Mokada current ekath ekka wada karana Nisaape nam oya wede karagatte untama kiyala..
ස්තූතියි සහෝදරවරුනි. තාප්පෙට ගන්න උන්ට සම්තින් එකක් දෙන්න වෙයි නෙ? ඒ ගැන මුකුත් දන්නවද?
මීටරේ තාප්පෙට හයිකරන්න පුලුවන්.බෝඩ් එකට ගිහින් උන්ගාව ෆෝම් සෙට් එකක් තියෙනවා.ඒක පුරවලා දෙන්න ඕනි.එතකොට උන් ඇවිත් චෙක් කරලා බලලා මීටරේ මාරු කරලා දෙනවා.හැබැයි මීටරේ තාප්පයට හයි කරනකොට මීටරේ තෙමෙන්නේනැතිවෙන්න පොඩි වහල ආවරණයක් ගහන්න ඕනි.
ඔය වැඩේට 6000ක් විතර යයි උපරිම.


satha 5k denna epa...uba board ekata salli gewanne material,labour charge okkoma ekka..ena unta wathura widuruwakin eha kisi deyak denna epa



- බලන් හිටහන්කො එහෙනම්.. ඇතුලෙ පාරක පිච්චිච්ච ලයිට් එකක්වත් දාන්නෙ නැ කොච්චර කම්ප්ලේන් කලත් සම්තින් එකක් දෙනකම්...
මම ඇහුව බං උන්ගෙන් කෝල් කරල, උන් කියනව ලියුමක් ලියල ගෙනත් බාරදෙන්න කියල. ඊට පස්සෙලු බලන්න එන්නෙ ගාන තීරනය කරන්න.තාප්පෙට මීටරේ දාගන්න බැහැ කිව්වෙත් නෑ, පුලුවන් කිව්වෙත් නෑ.![]()
කණියා;21099558 said:තාප්පෙට මීටරේ ගන්න පුලුවන්. කොහෙද ගෙවල්?
මෙන්න මේ අවශ්‍යතා සපුරන්න ඕනා..
1. මනු කට්ටලය තාප්පය තුල ගිල්වා සවි කල යුතුයි .(කැඩිිම වැලැක්විිමට)
2. D කරුව සවි කිරිිමට L අයන් හෝ වෙනත් ආදාරකයක් මනු ස්ථානය ට ඉහළින් ඉල්ලුම්කරු විසින් සවි කල යුතුයි.
3. Main switch සිට මනුව දක්වා load wire සම්මත ප්‍රමිතියට අනුව රැගෙන ආ යුතුයි.(පොළොව යටින්, තාප්පය දිගේ, කණු මතින්/IEE reg., conduit, under ground cable, concrete)
4. පහසුවෙන් මනුව කියවිය හැකි විය යුතුය.
5. නඩත්තු කටයුතුවලට බාධාවක් නොවිය යුතුය .
6. සේවා වයරය D කරුවේ සිට මනුව දක්වා conduit තුලින් තිබිය යුතුය. අවශ්‍ය වුු විට පහසුවෙන් ගැලවීමට හැකි විය යුතුය .
7.මනු කට්ටලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයා වග කිව යුතුය.
පොලොවේ සිට D කරුවට/සේවා වයරයට අවම උස අඩි 9. පාර හරහා වයරය ඇදෙනුයේ නම් පොළොව සහ වයරය අතර පරතරය අඩි 16.
එක එක්කෙනාට පගාව දෙන්න එපා කරන දෙයක් ප්රදේශය් විදුලි අධිකාරී මහතා හමු වෙලා කතා කරලා කරගන්න.![]()




මේන් ස්විච් එකෙන් එහා වැඩ අයිති මණ්ඩලේට( ඒගොල්ලන්ටත් මේන් ස්විච් එකෙන් මෙහාට අත තියන්න අයිතියක් නෑ). ඒ හින්දා මුකුත් කරන්න යන්න එපා මණ්ඩලේටම කියල කරගන්න, ඒක කෝකටත් හොඳයි.



ඉතින් එහෙනම් උඹගේ නම ගම ඇඩ්රස් එක(කරන්ට් බිලේ තියෙන නම ගම දාන්න ඕනි ). දාලා ප්‍රාදේශීය ඉංජිනේරු කියන නමට ලියුමක් ලියහන්.ලියුම ලියනකොට කරන්ට් බිලේ තියෙන මනු අංකය එහෙම සඳහන් කරලා බිත්තිය කඩන නිසා මීටරය වෙනත් තැනකට මාරු කරලා දෙන්න කියලා ලියලා ගිහින් භාරදෙන්න.පුලුවන් නම් එන නිලධාරියගේ ෆෝන් නම්බර් එකක් ඉල්ල ගන්න.
උඹලා අයිති වෙන්නේ ලෙකෝ එකටද නැත්නම් මණ්ඩලේටද?
ලියුම දුන්නම කවුරුහරි එනවා බලන්න.එතකොට එන නිලධාරියත් එක්ක කථාකරලා විස්තර ටික හරියටම අහගන්න.ගොඩාක් වෙලාවට තාප්පෙට අලුතින් එල් ඈන්ගල් එකක් හයිකරන්න වෙයි කරන්ට් වයර් එක හයිකරගන්න.
මහරගම බං. තාප්පෙ ඔය විදියට ඇතුලට තියල හදල තියෙන්නෙ. මීටර් 2ක් දාන්න ඉඩ තියල. තට්ටු 2කට මීටර් 2ක් නිසා, දැනට තියෙන්නෙ එක මීටරයයි. ඒක තමා ගන්න ඕන එතන ඉඳල මෙතනට. දැන් උඹ කියල තියෙන විදියට ඔය වයර් එක පොලව යටින් ගන්න පුලුවන්ද කොන්ඩුයිට් බටයක් දාල කොන්ක්‍රීට් ඒකට උඩින් දාල මීටරේ ඉඳන් ගෙයි මේන් එක ගාවට වෙනකන්?
ලෙකෝ එකට බං. උන් කියපු විදියට මම ලියුම හැදුව ගිනුම් අංක එඩ්රස් එහෙම දාල.. එඩ්රස් කලේ අපේ පැත්තෙ බ්‍රාන්ච් එකට. තාප්පෙට මචන් මම කොන්ඩුයිට් බටයක් දාල උඩට බෙන්ඩ් එකක් ගහල, ඇතුලට වතුර නොයෙන්න, තව ඒ කොන්ඩුයිට් එක මැදි කරල දිගට පොඩි කොන්ක්‍රීට් පාරක් දාල හදන්න කියල තියෙන්නෙ බාස්ට. මීටරේ ඉඳන් ගෙට, මේන් එක ගාවට පොලොව යටින් වයර් එක ගන්න පුලුවන්ද අපිට?
ස්තූතියි හැමෝටම.. රේප් කරන්නම්
හා යූ.කේ කො/ලො ල්ලො.. හම්බයොන්ට අයිතිය තියෙනවද එතකොට ඔය මීටරේ හයි කරන්න? දන්නෙ නැති නිසා අහන්නෙ..?
