ඔයා දාපු ලින්කුවෙන් ගියහම තියෙන ලිපියේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවානේද. අන්න ඒ නිසා නේද ඔයා තීරණය කරන්නේ එළියට විහිදුනු කොටස් ටික නිවැරදි ධර්ම චක්රයේ නෑ කියලා.

"පිටතට නෙරා ගිය ගැට ඇති සටහනකින් පෙනේනේ එය කැපෙන රෝදයක් නොව මොට්ට රෝදයක් බව ය. මොට්ට රෝදය අවියක් නොවේ. පිටතට නෙරා ගිය ගැටවලින් එහි ආයුධ භාවය අවලංගු වේ. එබැවින් පිටතට නෙරූ ගැට සහිත චක්රය ධර්ම චක්රය වශයෙන් ගැනීමට නුසුදුසු ය."
ඇත්තටම මෙතනදි කියන්නේ "
ගැට සහිත" කියලා. එකෙන් අදහස් වෙන්නේ තියුණු බව පෙන්නුම් කරන්න අසමත් විදිහට පිටතට නෙරා ගිය කොටස් ගැන.
ඒ කියන්නේ විවිධ උදවිය පිටතට නෙරා යන කොටස් විවිධ විදිහට අදිනවා. අන්න එහෙම කරන එක වැරදියි.
ඒ නිසා ගැට වෙනුවට "
දැති සහිත" විය යුතුයි කියන එකයි ඔතනදි කියන්නේ. එවිට තියුණු බව පෙනෙනවා.
එහෙම නැතිව පිටතට නෙරගිය කොටසක් නෑ කියන එක නෙවෙයි.
ඔය ලිපියේ තියෙන්නේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "බෝධි පූජාව" කියන පොතෙන් උපුටා ගත් කොටසක්.
ඔය සටහනේ ඉතිරි කොටස කියෙව්ව නම් ඔය ගැටළුව නිරාකරණය වෙනවා.
මෙන්න ඉතිරිය.
එතනදි බොහොම පැහැදිලිව මෙහෙම සදහන් වෙනවා.
"ධර්මචක්ර සටහනක් පිළියෙළ කිරීමේ දී එය කැපෙන දෙයක් බව දැක්වීමට චක්ර පට්ටමේ දැති යෙදිය යුතු ය."
"අපගේ දහම් පොත් සියල්ලෙහි ම ලකුණක් වශයෙන් යොදා ඇති ධර්මචක්ර සටහන තේරුම් ගත හැකිවීම සඳහා මේ පොතට අතිරේකයක් වශයෙන් මේ ලිපිය යොදන ලදී."
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ග්රන්ථයන්හි දැක්වෙන ධර්මචක්රය මෙබදුයි. 

View attachment 128428
View attachment 128429