විල්පත්තුව විනාශවී නැහැ - ජනපති
විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.කෙසේ වෙතත් ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය.ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමිනි.
වනජීවී, පරිසර, වන සංරක්ෂණ හා වන සම්පත් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ අධ්යක්ෂ ජනරාල්වරු කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දී විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තවත් පුළුල් කොට අලුතින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව ද ජනපතිවරයා පැවසීය.
ස්වාභාවික සම්පත් සංරක්ෂණයට අදාළ රාජ්‍යය වැඩපිළිවෙළ තදින් ක්‍රියාත්මක කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ස්වාභාවික සම්පත් විනාශයන් පිටුපස ජාවාරම්කාර ව්‍යාපාරික පිරිසක් සිටින බව කී ජනපතිවරයා එවැනි අපරාධ මැඩලීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙන බව පැවසීය.
විල්පත්තු ඇතුළු සියලු වනාන්තර, නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගියදා නිවේදනය කළේය.
විල්පත්තු වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් නැහැ - ජනපති

Ane manda

Arabi un newe Sinhala ekek unatg kale kapala padinchchi karana eka hena waradiy.