වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    bump wahallu

    වහල්ලුන්ට රිදෙයි....

    අපි නැවතත් වහල්ලු වෙමු

    මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කරන ලද කතාවෙන් ඉතා වැදගත් දෙයක් කීවේ ය. ඔහු කියා සිටියේ ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමෙන් පසුව ද ඇතැම් වහලුන්ට වහල්කම අවශ්‍ය වූ බව ය. අද ලංකාවේ සිදු වී තිබෙන්නේ එයට කිට්ටු දෙයකි. මහින්ද යටතේ වහල්කමින් මිදුණු අපි නැවතත් වහල්බව වුවමනාවෙන් වැළඳ ගත්තෙමු. ජනවාරි 8 වැනි දා සිදු වූයේ එයයි. ජනවාරි 9 වැනි දා පටන් ම බටහිරයන් අපට සලකන්නේ අප ඔවුන්ගේ වහලුන් බවට නැවතත් පත්වීම පිළිබඳ හටගත් සොම්නසින් ය.

    අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්‍රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ. :lol::lol:ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්‍රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය මෛත්‍රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ.

    අප එදින සිට නැවතත් එ ජා පක්‍ෂයේ වහල් බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරමු. එ ජා පක්‍ෂයට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ කවදා සිට ද? බැංඩුං වීරයාගේ දින සිට ද? එසේත් නැතහොත් එයටත් පෙර කටුනායක හා ත්‍රිකුණ්මල කඳවුරු ඉංගිරිසින්ට පාවා දුන් දින සිට ද? එසේත් නැත්නම් යැංකි ඩිකීගේ සමයේ සිට ද? එදා මෙන් ම අද ද එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තිය බටහිර ගැති ය. එය එදත් අදත් වහල් ප්‍රතිපත්තියකි. ඩී එස්ගේ සිට රනිල් දක්වා එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තිය හැඳින්වීමට මෛත්‍රිපාල නමක් සපයා ඇත. ඒ වහල් විදේශ ප්‍රතීපත්තිය ය.

    රනිල්ට වහල් කමෙන් මිදීමේ අවශ්‍යතාවක් ඇති වූවා නො වේ. එහෙත් මෛත්‍රිපාල මගින් ඉන්දීය ගැති විදේශ ප්‍රතිපත්තියක් ද රටේ ක්‍රියාත්මක වෙයි. බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය හා ඉන්දීය පක්‍ෂපාතී විදේශ ප්‍රතිපත්තිය අතර ගැටුමක් නැත්තේ අද ඉන්දියාව ද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යටතේ බටහිර ගැති රටක් වී තිබීම හේතුවෙනි. අද අපි ද්විත්ව වහල්ලු වෙමු.

    මේ ද්විත්ව වහල් භාවයේ ප්‍රතිඵලයක් ලෙස අපි දෙමළ ජාතිවාදයට කප්පන් දෙමු. ජාතික ගීය දෙමළෙන් ගයමු. අධි ආරක්‍ෂිත කලාප හමුදාවට අවශ්‍ය නැත යන පදනමෙන් ඒ අත්හරිමු. එසේ කරන්නේ එ ජා පක්‍ෂයේ අවශ්‍යතාවට ය. මෛත්‍රිපාලට එ ජා ප වහල්බවට විරුද්ධව සටන් කිරීමට ශක්තියක් නැත. ඔහුට හැකියාව ඇත්තේ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් කෙරෙහි තම අණසක පැතිරවීමට පමණ ය.

    අද බටහිරයෝ ද ඉන්දීයයෝ ද දෙමළ ජාතිවාදයට මේ ආණ්ඩුව ලවා කප්පන් දීමට කටයුතු කරති. 19 වැනි සංශෝධනයේ අරමුණ එසේ කප්පන් දීම මිස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නො වේ. එහි දී සිංහල ජතිකත්වය මැඩීමට ද බටහිරයෝ කටයුතු කරවති. ඒ අතර ඊනියා දුෂණ චෝදනා යටතේ රාජපක්‍ෂරුන්ට දඬුවම් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතියි. අපට වහලුන් යැයි කීම මුසාවක් නො වේ. මෙහි ඇති ඛෙදවාචකය වනුයේ වහල් කමෙන් මිදුණු ජාතියකට නැවතත් වහල් වීමට සිදු වීම ය.

    අද ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන ලබා නොදීමට ය. මෛත්‍රිපාල සංහිඳියාව ගැන කතා කෙළේ ඒ කිසිවක් නොදැන නොවේ. ඔහු තමන්ට එල්ලවන බටහිර බලපෑම් ගැන කියවයි. ඔහුට ද නිදහස නැති විට ඔහු ජාතියට නිදහස ලබා දෙන්නේ කෙසේ ද? අද ඔහු ශ්‍රී ල නි ප මන්ත්‍රින්ට බලපෑම් දමා දෙමළ ජාතිවාදය වෙනුවෙන් 20 පෙන්නා 19 සම්මත කර ගැනීමට උත්සාහ කරයි. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් 20 ඇතිව හෝ නැතිව හෝ 19 පැරදවිය යුතු ය. වහල් බවෙන් මිදිය හැක්කේ එවිට ය.


    නලින් ද සිල්වා

    2015 අප්‍රේල් 23
     
    Jan 24, 2013
    275
    63
    0
    10393592_820736917988843_7886330308976303247_n.jpg


     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    අවුරුදු 30 යුද්දයක් තිබ්බ රටක හිටපු අපිට ඒ යුද්දයේ තිබුන කුරිරු බව දැනුනා හොදටම.....ඒ යුද්දයෙන් බැට කාපු මිනිස්සු තවත් ඒ වේදනාව ඉල්ලන්නේ නැහැ.වර්තමානයේ සිද්ද වෙන දේවල් වලින් ආයෙත් ඒ අවුරුදු 30 කාලයට ගියොත් උබලා අපි හැමෝටම යන්න තැන් හොයාගන්න වෙයි.. එදාටත් දැන් කෑගහනවා වගේම කෑගහපල්ලා..ඒත් පරක්කු වැඩි වෙයි....:yes::angry::no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    paw da kiyalath ahanawa! :lol:

    maha pajaatha eun wahallu kiyanne! :D
    mona balu wade karala hari, marala hari mada gahanna tharan pahath wahallu! :rofl:

    yako ungema appachchita neda me asuuchi baaldiyak gahala thiyenne! :lol:

    වහල්ලු කියන්නේ නිකන්ද :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යුද්දේ ඉවර කරපු එක ලොකු දෙයක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ බං මෙතැන තියෙන්නේ එහෙම කතාවක් නෙවෙයි

    යුද්ධේ විකුණන් කන්න තියන උවමනාවට උන්ම ෆොටෝ හදල ලජ්ජා නැති විදිහට බොරු ඇදබාන එකයි මෙතන ප්‍රශ්නේ....ඔය පහත් වැඩ නිසා වෙන්නේ මිනිස්සු ඇත්තටම රටට තර්ජනයක් ආපු වෙලාවටත් බොරු කියල හිතන එකයි

    depaththema innawa bora diye malu bana dial :D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    oka ban Sri Lanka Machan kiyala page ekaka dala thibbe,oya wage prabakarange post gobba widiyata edit karala kipayak un dala thibba :yes:

    minisu kunuhabben comment karala thibbe...
    pena widiyata troll scene ekak,bora diye malu banawa,anith paththeth e wage page kipayak thiyenawa,maha patalawillak wela thiyenne...

    anthime aththata mokak hari unath ekath joke ekak wenawa :no:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ වගේ ෆොටෝ එඩිට් කරලා නුගත් පිරිසව මෙහෙයවන්න යන එක ගැන දුකයි.