ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    මේක තවත් පුරාන ජනප්‍රවාදයක්. මෙයින් ශක්‍ර දේවේන්ද්‍රයන්ට අපහාසයක් කිරීමට කිසිම බලාපොරොත්තුවක් නැති අතර මෙයද හුදෙක් ජනප්‍රවාදයක් බැවින් මේ සම්බන්දව දෙවියන්සිටීද මුනිවරයන් සිටීද කියමින් තර්ක කිරීම අවශ්‍ය නොවේ..

    Capture056.jpg
    Capture057.jpg

    පුරාන කාලයේ හිමාලය ආශ්‍රිතව යෝගී වරුන් සෘෂිවරුන් වාසය කලා. මොවුන් බොහොදෙනෙක් විවිධ ලෞකික ධ්‍යාන ලබා ගත් අය.. සමහරු විවාහ නොවී හිටිය සමහරු විවාහ වෙලා හිටියා. මේ කාලයේ ගෞතම කියලා මුනිවරයෙක් හිටියලු තමන්ගේ බිරිඳ සමග හිමාල වනයේ. මේ මුනිවරයා ඉතා බලගතු ධ්‍යාන ලැබු මුනිවරයෙක්ලු. මේ මුනිවරයට මහත් වූ සෘද්ධි බලයක් තිබුනලු. ඉතින් මේ සෘද්ධි බලයෙන් ඔහු විව්ධ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යැමේ හැකියාවත් තිබුනලු.
    මේ ගෞතම මුනිවරයගෙ බිරිඳ ඉතාමත් ලස්සන කාන්තාවක්ලු. දිනක් ඇය තමන්ටත් දිව්‍ය ලෝක බලන්න යන්න කැමත්තක් ඇති බව ගෞතම මුනිවරයට කිව්වහම ඔහු ඇයව තව්තිසාවට එක්කන් ගියලු. තව්තිසාවේ දෙවියන්ටත් හරි පුදුමලු ගෞතම මුනිවරයගේ බිරිඳව දැකලා. කොහොමින් කොහොම හරි ගෞතම මුනිවරයා තමන්ගේ සුරූපී බිරිඳ එක්ක තව්තිසාවට ඇවිත් ඉන්න බවත් ඔහුගේ බිරිඳගේ රූප ශෝභාව ගැනත් ශක්‍ර දෙවියන්ට ආරන්චි වුනලු. ශක්‍ර දෙවියනුත් ඇවිත් බලුවලු මේ කතාව අත්තද කියලා. ඇස් අදහා ගන්න බැරි තරම් ලස්සන මේ කාන්තාව දැක්කම ශක්‍ර දෙවියන්ට පහත් ආශාවක් හට ගත්තලු. නමුත් තමන් ශක්‍ර දෙවියන් නිසාත් ශක්‍රයා තබා සමන්‍ය දෙවි කෙනෙක්ටවත් මේ වගේ වැඩක් නුසුදුසු නිසාත් අමාරුවෙන් හිත හදාගෙන හිටියලු. ඉතින් ගෞතම මුනිවරයා නැවත හිමාල අඩවියටම ගියාලු.
    ශක්‍ර දෙවියන් කොච්චර උත්සහ කලත් ගෞතම මුනිවරයගේ බිරිඳ ගැන ඇති වුන ආශාව හිතෙන් අයින් කරන්න බැරි වුනාලු. අවසානයෙ තවත් මෙය දරාගෙන ඉන්නට නොහැකි වුන ශක්‍ර දෙවියන් චන්ද්‍ර දෙවියන් කැඳවා මේ විස්තරය කිව්වලු. චන්ද්‍ර දෙවියන් අකමැත්තෙන් වුනත් ශක්‍ර දෙවියන්ට ඇති හිතවත් කම නිසා මෙයට සහය දීමත් මේ රහස රැකීමටත් කැමැත්ත දුන්නලු. ඉතින් ශක්‍ර හා චන්ද්‍ර දෙවිවරුන් සැලැස්මක් හැදුවලු. ගෞතම මුනිවරයා සෑමදාම කුකුලා හඬලන විට ගඟට ගොස් නා පිරිසිඳුවී ඉර නැගෙනතුරු භාවනා කරන නිසා චන්ද්‍ර දෙවියන් කුකුලෙකුගේ වෙස් ගෙන මද්‍යම රාත්‍රියේදි හඬලා ගෞතම මුනිවරයා ඇහැරවීමටත් එවිට නා පිරිසිඳුවී භාවනාකරන මුනිවරයා ඉර නැගෙන තුරු භාවනා කරන නිසා ඒ කාලයේදි ශක්‍ර දෙවියන් මුනිවරයාගේ වෙස් ගෙන මුනිවරයාගේ නිවසට ගිහින් තම මනදොල සපුර ගන්න තීරනය කලාලු.
    ඉතින් සැලැසුමේ විදිහට මධ්‍යම රාත්‍රියේ චන්ද්‍ර දෙවියන් කුක්කූට වෙස් ගෙන හඬලලා මුනිවරයව ඇහැරෙව්වලු.. ඇහැරුන මුනිවරයා ටිකක් දුර ගිහින් අහස දිහා බලපුවම තාරකාවල පිහිටීම අනුව තමන්ට වේලාව වැරදී ඇති බව දැනගෙන නැවතත් නිවසට ආවලු,
    මේ අතරේ ශක්‍ර දෙවියන් ගෞතම මුනිවරයගෙ වෙස් ගෙන නිවසට පැමින මුනිවරයාගේ බිරිඳට ලන්වෙන්න උත්සහ කරන විටම මුනිවරයා නිවසට ඇතුල්වුනාලු. තමන්ට වැඩේ වැරදුන බව දැනගත් ශක්‍ර දෙවියන් බලල් වෙසක් මවාගෙන එතනින් පැනගියාලු. කාරනය එක වරම තේරුම් ගත් මුනිවරයා අනුන්ගෙ කම් සැපතට ලොල්වූ ශක්‍ර දෙවියන්ගේ ශරීරයේ ස්ත්‍රී යෝනි 1000ක් මැවෙන්නට බලවත් ශාපයක් කලාලු. මේ ශාපයෙන් ශරීරය පුරා ස්ත්‍රී යෝනි ඇති වුන ශක්‍ර දෙවියන් ලැජ්ජාව නිසා සඟවී සිටියාලු.
    දේව සභාව රැස්වන දිනයේ සක්දෙවියන් නැතිව දේව සභාවේ වැඩ ආරම්භ කල නොහැකි නිසා ඊශ්වර දෙවියන් සක් දෙවිඳු සොයාගෙන ගියාලු. ශක්‍ර දෙවියන්ගෙන් හා චන්ද්‍ර ද්වියන්ගෙන් විස්තර අසා දැනගත් ඊශ්වර දෙවියන් ගෞතම මුනිවරයා හමුවී ශක්‍ර දෙවියන්ට සමාව දෙන ලෙස ඉල්ල සිටියලු. ශක්‍ර දෙවියන් නොමැතිව දේව සභාවේ වැඩ කරගත නොහැකි නිසාත් ශක්‍ර දෙවියන් පත්ව ඇති අපහසු තත්වය නිසාත් යෝනි දහස ඇස් දහසකට පරිවර්තනය වන ලෙස ශාපය ලිහිල් කලාලු.

    උපුටා ගැනීම http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_22.html
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එතකොට ශ්‍රකයා පබා, අනර්කලී, අපේ දිරිය දියණීය හෙවත් නදීෂටත් මේ විදියටම ෂොට් එක දීලා ඇතිද දන්නේ නෑ.
    පව් අපි අපේ අමැතිලට බනිනවා නමුත් ශ්‍රකයා ඇමතිලගේ වෙස් අරගෙන මේ ටිකට ෂොට් එක දෙනවද දන්නේ නෑ :shocked:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මාර්යිනේ නැකැත් රාල කතාව මං හරි ආසයි මෙ වගෙ කතාවලට ඩන්නවනං තව දාන්නකො
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එතකොට ශ්‍රකයා පබා, අනර්කලී, අපේ දිරිය දියණීය හෙවත් නදීෂටත් මේ විදියටම ෂොට් එක දීලා ඇතිද දන්නේ නෑ.
    පව් අපි අපේ අමැතිලට බනිනවා නමුත් ශ්‍රකයා ඇමතිලගේ වෙස් අරගෙන මේ ටිකට ෂොට් එක දෙනවද දන්නේ නෑ :shocked:

    :lol::lol::lol::lol:

    කතාව ඇත්ත හැබයි මම හිතන්නෙ නෑ ශක්‍ර දෙවියන් ගණිකාවො ඇසුරු කලා කියලා
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ කතාවල යම්කිසි සත්‍ය තාවයක් තියෙන්න පුළුවන් මොකද දෙවියන් කියන්නේ ද්වේශය හෙවත් දෙවෙනි වේශය අඩුවෙන් තියෙන කට්ටිය ,රාග මෝහ කියන කෙලෙස් ඒ අය ළග තියෙනවා ,භාවනා කරන තව්සන් ,ඍෂිවරුන් ධ්‍යාන 8 වැඩුවම දෙවියන්ට වඩා බලවත් මොකද ඒ අය මැරුණම බ්‍රහ්ම ලෝක වල ඉපදෙන්නේ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාර්යිනේ නැකැත් රාල කතාව මං හරි ආසයි මෙ වගෙ කතාවලට ඩන්නවනං තව දාන්නකො

    ඔය වගේ ගොඩක් කතා මම අහලා තියනවා වෙලාව ඇති විදිහට දාන්නම්...:yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ කතාවල යම්කිසි සත්‍ය තාවයක් තියෙන්න පුළුවන් මොකද දෙවියන් කියන්නේ ද්වේශය හෙවත් දෙවෙනි වේශය අඩුවෙන් තියෙන කට්ටිය ,රාග මෝහ කියන කෙලෙස් ඒ අය ළග තියෙනවා ,භාවනා කරන තව්සන් ,ඍෂිවරුන් ධ්‍යාන 8 වැඩුවම දෙවියන්ට වඩා බලවත් මොකද ඒ අය මැරුණම බ්‍රහ්ම ලෝක වල ඉපදෙන්නේ

    ඔව් ඒ නිසා තමයි දෙවියන් දිව්‍යාන්ගනාවන් පිරිවරාගෙන ඉන්නවා කියලා අපි අහලා තියන්නේ.. දෙවියන් කම්සැප විඳිනවා.. ඔයාගේ කථාවට මමත් එකඟයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය විදිහෙම තව කතාවක් මම අහල තියෙනව ඒකෙ ඉන්න ඉශ්වර දෙවියො, වැඩේ වරදින්නෙ අනංගයට,සපොට් කරේ විශ්නු දෙවියො. අනංගයගෙ උප්පත්ති කතාව .
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය විදිහෙම තව කතාවක් මම අහල තියෙනව ඒකෙ ඉන්න ඉශ්වර දෙවියො, වැඩේ වරදින්නෙ අනංගයට,සපොට් කරේ විශ්නු දෙවියො. අනංගයගෙ උප්පත්ති කතාව .

    දාන්නකො එකත් අපි කාටත් දැනගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නැකැත් රාල;16057573 said:
    දාන්නකො එකත් අපි කාටත් දැනගන්න
    ලියන්ඩ ගියාම තමා එපා වෙන්නෙ.