ශ්‍රී දළදා මන්දීරය නිල Android App එක

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ශ්‍රී දළදා මන්දීරය නිල Android App එක

    nM5jvT8.png



    ජීවමාන බුදුරදුන් වහනසේ ලෙස සැළකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින දිශාව නිවැරදිව දක්වන ජංගම යෙදවුම් මෘදුකාංගයක්..

    බුදු සිරි පද පහස ලද ශ්‍රී ලංකා මාතෘ භූමියේ ජීව මාන බුදු රදුන් වැඩ සිටින ස්ථානයකි ශ්‍රී දළදා මන්දිරය. එවන් වූ උතුම් පින් බිමක් ලද අප වාසනාවන්ත පුරවැසියන්ය. ඓතිහාසික මහනුවර නගරය කේන්ද්‍රකොට ගනිමින් පිහිටා ඇති දළදා මාළිගය I වන විමලධර්මසූරිය රජතුමා විසින් පළමු වරට ගොඩනගා ඇති අතර පසු කාලීන රජවරුන් විසින් වැඩිදියුණුවට පත්කර ඇත්තේ ජීවමාන බුදුරදුන් සේ සැළකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කිරීම පිණිසය. ලොව වෙසෙන සියලූ වැසියන්ට ජීවමාන බුදුරදුන් වහන්සේ වැඩ සිටින ස්ථානය නිශ්චිත වශයෙන් දැන ගැනීමට අප විසින් ජංගම යෙදවුම් මෘදුකාංගයක් (Mobile Application) නිර්මාණය කළෙමු.

    මෙමගින් ජීවමාන බුදුරදුන් වහනසේ ලෙස සැළකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින දිශාව නිවැරදිව දක්වන අතර ශ්‍රී දළදා මාළිගාවේ ඉතිහාසය, ඉපැරණි බිතිසිතුවම්, චිත්‍ර කලාව හා මාළිගාවේ අනෙකුත් ස්ථාන එහි දැකබලා ගැනීමටත් හැකියාව ලැඛෙනු ඇත.

    මෙයට ඔනෑම දුරකථන මාධ්‍යයක් ඔස්සේ ඇතුලත් වීමට හැකියාව ඇති අතරම ලොව ඕනෑම ස්ථානයක සිට මෙම සජීවී දත්තයන් ලබා ගැනීමේ පහසුකම සැළසෙනු ඇත.

    අසංග අබේගුණසේකර මැතිඳුන්ගේ අදහසකට අනුව ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීමෙන් හා Accura Tech පුද්ගලික ආයතනය පරිගණක ශිල්පීන්ගේ සහයෝගයෙන් මෙය නිර්මාණය කර ඇත.

    අතිපූජ්‍ය මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ගේ හා අතිපූජ්‍ය අස්ගිරි පාර්ශවයේ මහ නායක උඩුගම බුද්ධරක්ඛිත හිමියන්ගේත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමන් ප්‍රදීප් නිලංග දෑළ බණ්ඩාර මහතාගේත් ආශිර්වාදයෙන් මහනුවර අවසන් මහා රන්දෝලි පෙරහැර දින එනම් 2014/08/11 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් ප්‍රථම වරට එළි දක්වනු ලැබේ

    Android App එක මෙතනින් ගන්න.



    Size :- 11 MB
    Requires Android :- 2.2 and up


    rM1I9zd.png
    Dv8Lxx8.png


    u4rOEpg.png


    උපුටා ගැනීම :- ශ්‍රී දළදා මන්දීර නිල ෆේස් බුක් පුටුවෙන්.

    Code:
    https://www.facebook.com/sridaladamaligawa

     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr