සජිත් මල්ලිකාරච්චි

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    සජිත් මල්ලිකාරච්චි

    ශ්‍රී ලංකා රගර් කණ්ඩායම සහ මහනුවර රගර් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වූ සජිත් මල්ලිකාරච්චි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට ඔහු 37වන වියේ පසුවූණා. මල්ලිකාරච්චිගේ මරණයට හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බවටයි දැගන්නට ලැබෙන්නේ.

    ඔහු 2005/2006 සමයේ මහනුවර රග්බි කණ්ඩායමේ නායකත්වයද උසුලා තිබෙනවා. 1997 වසරේදී කොළඹ ඉසිපතන විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකයාද වූ සජිත් මල්ලිකාරච්චි ඝාතනයට ලක්වූ වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සමකාලිනයෙකු වනවා. දෙදෙනාම එකම සමයේදී ක්‍රීඩා සමාජ තරඟවලට සහභාගී වූවන් වනවා.

    සජිත්ගේ උපන්ගම වන්නේ මහනුවර නිත්තවෙලයි. ඔහු මියයන විට පදිංචිව සිට ඇත්තේ මහරගම ප්‍රදේශයේය.

    - See more at 035.jpg: http://offair.nethfm.com/article/37280#sthash.hBpiORla.dpuf
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    huge loss for sri lankan rugby ...he has done a lot to his school rugby as well to sri lankan national team during his captaincy ... may he rest in peace :(