සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

    10392314_405951369553706_6666225155233772553_n.jpg


    ඉතාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය.

    ඔබ සිතන්න ඔබ ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු සතෙක්‌ මියයනවා. මියගිහින් ඔබ ඇසුරේම ප්‍රේත සතෙක්‌ ලෙස උපදිනවා ඔබ නොදන්නවාට මේ ප්‍රේත සතා ඔබ ඇසුරේම ඔබේ නිවසේම ඉඩමේම ජීවත්වෙනවා. මෙවැනි අවස්‌ථාවකදී ඔබ ද වයසට යැම නිසා වෙනත් රෝගී තත්ත්වයක්‌ නිසා හදිසි අනතුරක්‌ නිසා මරණීය තත්ත්වයට පත්වෙනවා. අපිට කියන්න බැහැ අපි කොහොම කොයි මොහොතේ මැරෙයිද කියලා. සමහරු ඉන්නවා හොඳින් ජීවත්වෙලා මැරෙන මොහොතේ අසිහියෙන්, වේදනාවෙන් මියයනවා. මෙවැනි අවස්‌ථාවක තමාගේ මානසික තත්ත්වය බිඳ වැටිලයි තිබෙන්නේ. එවැනි විටක තමා අභිබවා ඔය අමනුෂ්‍ය බලවේග ඉස්‌මතු වෙනවා. ඒ අය මනුෂ්‍යයාගේ දුර්වල මනෝභාවයට පෙනී සිටිනවා. මෙවැනි අවස්‌ථාවක ඔබට ඔය ප්‍රේත සුරතල් සතාව දර්ශනය වුවහොත් ඔබ සුරතල් කළ, ආදරය කළ එම සතා කෙරෙහි ඡන්ද රාගය ඇතිවී තමාත් එම ප්‍රේත සතාගේ ලෝකයේ ඉපදීම සිදුවිය හැකියි. ජීවිතයේදී කාය, වචී, මනෝ කුසල කර්මයන් පුරුදු පුහුණු කර නොතිබුණ හොත් අපි මැරෙන මොහොතේ අධ්‍යත්මිකව වැටිල අසරණවෙන විට අපි ඉදිරියට එන ඕනෑම ප්‍රිය රූපයක්‌ අල්ලාගන්නවා, උපාදානය කර ගන්නවා. අපි ද එහිම බැසගන්නවා. තෙරුවන් කෙරෙහි සද්ධාව නොමැති නිසා, සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්‌ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා.

    සතුන් කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත් පිංවතුන් තමාත්, එම අසරණ සතුන්වත් දුකෙන් දුකට පත්කරනවා. ඉහත ස්‌වභාවයන් අවබෝධකරගෙන සතුන් ඇති කිරීම දෙපාර්ශ්වයටම යහපත් වෙනවා. එසේ නොවුන හොත් සතර අපාය තව තව පිරීම හැර වෙනත් විකල්පයක්‌ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේද භික්‍ෂුන් වහන්සේලාට තම පාත්‍රය සෝදා ඉතිරිවන ඉඳුල් වතුරටික පවා සතුන් නොමැති ජලයේ පා කර හරින්න යෑයි අනුදැන වදාළේ, සතුන් ඇති දැඩි කිරීමට නොහැකි ආකාරයට විනය නීති පැනවූවේ ගිහි පැවිදි සැමටම ඉහත සතුන් පලිබෝධයක්‌ වන නිසාමය. අද සතෙකුට කෑමට යමක්‌ දැම්මොත් එම සතා නැවත ඔබ සොයා එනු ඇත. මෙය නැවත නැවත සිදුවීමේදී සතා ඔබේ හිතවතා, සුරතලා වීම අනිවාර්යය. සතාගේ හිතවත්භාවය නිසා, අසරණ භාවය නිසා ඔබ එම සතාට ආහාර ලබාදෙයි. මෙහිදී සිදුවන්නේ තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි. එම ගනුදෙනු ඔබව මුලාකරනු විනා සත්‍යවබෝධය සදහා නම් උපකාර නොකරයි. ප්‍රේත අලියාගේ ඉරණම සම්බන්ධයෙන් ඉහත සටහන තැබුවේ භික්‍ෂුව එය ගලපාගත් ආකාරයටය. ඔබට එය වැරදි යෑයි හැඟේ නම් පිංවත් ඔබට කැමති ආකාරයට එය ගලපාගත හැකිය. පිංවත් ඔබ කෙසේ ගලපාගත්ත ද සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ. සුරතලා කොහොමත් සිටින්නේ සතර අපායේය. එහෙත් ඔබ උතුම් මනුෂ්‍ය ජීවිතයකය. මේ දෙක ඔබ පටලවා නොගතයුතුය. තමාවත් තමාට අයිති නැතිකොට සතර අපායේ සතෙකු තමාගේ කරගැනීමට යැම අනතුරුදායක බව මෙනෙහි කරන්න. ඔබේ සෙවනේ වැඩෙන සුරතලා කුමන සතෙකු වුවද එම සතා පෙර ජාතියක මනුෂ්‍යයෙක්‌ බව හොඳින් සිහිකරන්න. එම මනුෂ්‍යයා තිරිසන් සත්වයෙක්‌ ලෙස සතර අපායට වැටුණේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී තිරිසන් සත්ව සංඥා වැඩු නිසා වීම එක හේතුවක්‌ විය හැකිය. මනුෂ්‍ය ජීවිතය ප්‍රපාතයට හෙලන මෙවැනි හේතූන්ගෙන් ඔබ අත්මිදෙන්න. තිරිසන් සත්වලෝකය විවිධත්වයෙන් පිරී ඇත. මේ විවිධත්වය යනු එම සතුන් ගෙවන කර්ම සහ කර්ම විපාකයන්ගේ ස්‌වභාවයයි. මෙහි පර්යේෂණ කිරීමට, ඇති දැඩි කිරීමට, සුරතල් කිරීමට දෙයක්‌ නොමැත. ඔබ සුරතල් කරන්නේ නම් ඒ ඔබ සුරතල් කරන්නේ සතර අපායේ කර්ම විපාකයකි. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ සතර අපායේ දුක තිරිසන් සත්වලෝකයේ දුක දැක එය කමටහනක්‌ කර ගෙන සතර අපායෙන් එතෙර වීමෙන්ය. එසේ නොකොට සතර අපාය සුරතල් කිරීමෙන් නොවේ.

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!


    maha rahathun wedi maga osse f.b page
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,130
    113
    6°54′N 79°54′E
    අම්මට තාත්තට,සහෝදර සහෝදරියන්ට ආදරෙන් සලකල..ඔවුනුත් මියපරලොව ගිහින් පෙරේතයෙක් උනොත් ඔය ප්‍රතිපලයමද..පෙරේතයෙක් වෙලා ඉපදුනාට කමක් නැ බන්ස් මනුස්සයෙක් වගේ ඉන්න දවස ටිකේ සතුටින් ඉදලා...බෞදයෙක් එත් සත්තුන්ටත් ආදරෙය් ..;)
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :baffled::nerd::nerd::no::no::no::no::no::no:

    මම දන්න බුද්ධ දර්ශනයත් එක්ක ගැලපෙන්නේ නැති දෙයක් මේ ඇහුවේ. දන්නේ නෑ කාගෙන් කොහෙන් ආව අදහසක්ද කියලා. මේක සමහරවිට පෘතග්ජන නොවන මාර්ග ඵල ලබාපු හාමුදුරුවන්ට ගැලපෙන දෙයක් වෙන්න ඇති.

    කොහොමත් මම අදාළ කරගන්නෙත් නෑ. පෙරේතයෙක් නෙමෙයි යකෙක් වෙලා ඉපදුනත් මට කමක් නෑ, සතෙකුට ආදරේ කරලා, සලකලා ලබන සතුට මට ඊට වඩා හොදයි.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පෙරෙතයක් උනත් කමක් නැ මම සත්තුන්ට මේ ආත්මයෙදි කන්න දෙනවා,ආදරය කරනවා...මෙකේ තියන එවා බොහොම අවුල් සහගතයි මට...

    Ajahn_Chah_023_w500.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හුදෙක් රචනාවක් විතරක් බවයි මටනම් තේරෙන්නේ

    බෞද්ද දර්ශනයේ මෙහෙම දෙයක් සදහන් වෙන තැනක් පෙන්නන්න පුලුවන්ද?
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Dan okkoma kattiya yanne MAHA RAHATHUN WADI MAHA OSSE. OKKOMATA AMATHAKA WELA BUDUN nisa thama MAHA RAHATHUN WADA IDIYE KIYALA. BUDUIN NIWAN DAKAPU MARAGEYE yanna
    Rep +
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පෘතජන කෙනෙකුට පහසුවෙන් නොවැටහෙන තිත්ත ඇත්ත... වටිනා පණිවිඩයක්.. :) (+5)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රත්තරං;17383871 said:
    හුදෙක් රචනාවක් විතරක් බවයි මටනම් තේරෙන්නේ

    බෞද්ද දර්ශනයේ මෙහෙම දෙයක් සදහන් වෙන තැනක් පෙන්නන්න පුලුවන්ද?

    :yes:
    11.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පෘතජන කෙනෙකුට පහසුවෙන් නොවැටහෙන තිත්ත ඇත්ත... වටිනා පණිවිඩයක්.. :) (+5)

    මෙහෙම හතර බිරි කතාවක් මම නම් ජිවිතයට අහලා නැ..
    ලංකාවේ මහා පඬිවරු වගේ හිටිය හාමුදුරුවරුත් සත්තුන්ට සාත්තු කරලා ඇති දැඩි කලා...

    එකෙන් එක ස්වාමින්වහන්සේ නමක් තමා බලංගොඩ ස්වාමින්වහන්සේ :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Meka hari kiyala kiyannath ba, waradi kiyala kiyannath ba. Hondama de kisima deyakata onawata wada alenne nathuwa inna ekai..
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මෙහෙම හතර බිරි කතාවක් මම නම් ජිවිතයට අහලා නැ..
    ලංකාවේ මහා පඬිවරු වගේ හිටිය හාමුදුරුවරුත් සත්තුන්ට සාත්තු කරලා ඇති දැඩි කලා...

    එකෙන් එක ස්වාමින්වහන්සේ නමක් තමා බලංගොඩ ස්වාමින්වහන්සේ :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    අනිවා... මටත් මේ තියෙන දේ නම් ප්‍රෙහෙලිකාවක්.
    වැඩිය ඕනේ නැහැ.. දැනටත් වැඩිපුරම බල්ලෝ, පුසෝ, සුරතල් මසුන් කොච්චර පන්සල්වල ඉන්නවද.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙම හතර බිරි කතාවක් මම නම් ජිවිතයට අහලා නැ..
    ලංකාවේ මහා පඬිවරු වගේ හිටිය හාමුදුරුවරුත් සත්තුන්ට සාත්තු කරලා ඇති දැඩි කලා...

    එකෙන් එක ස්වාමින්වහන්සේ නමක් තමා බලංගොඩ ස්වාමින්වහන්සේ :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    මෙහෙම බැලුවොත් අම්මට තාත්තට සලකන එකත් භයානකයි.. ලොල් තමා

    බුද්දාගමගැන එක එක මත හදනවා බන්. ගිහියොයි පැවිද්දොයි දෙගොල්ලොම. මේකෙන් ලොකු විනාසයක් වෙන්නේ

    කන්තක අස්සයා මැරිලා බුදු හාමුදුරුවෝ පස්සෙන් ආව කියයි තව ටික දවසකින්. පාරිලෙයිය (කොම්බු දෙක ටයිප් වෙන්නේ නෑනේ බන් ) වනේ හිටිය වදුරයි අලියයිත් ආවා කියයි:P:P