පව් ගොඩක් තුවාලද දන්නෙ නෑ. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
රටක් ගීතයෙන් ඔබ පිනවූ සන්ෆලවර් නිත්‍ය නියාමක ගායක නෙල්සන් වාස් නම් වූ සොදුරු ගායකයා පසුගිය 15 උදැසන හදිසි රිය අනතුරකින් අක්මාව ප්‍රදෙසට හානි සිදුවී මේ වන විට මිගමුව මහා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
අප රටේ කණ්ඩායම් සංගීතය පෙරළිකාර වෙනසකට ලක්කළ ප්‍රමුඛතම කණ්ඩායම සන්ෆලවර් සංගීත කණ්ඩායමයි. එහි පැරණිම හා ජ්යෂ්ඨතම සාමාජිකයෙක් වන නෙලසන් වාස් තමාටම උරුම වූ ඉදිරිපත් කිරීම් ශෛලියකින් රසිකයන්ගේ ආදරය දිනා සිටින නියාමක ගායකයෙක්....