සමනලයො ගැන ටිකක් බලමුද...

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සමනලයො ගැන ටිකක් බලමුද...

    සමනලය කිව්වේ පියඹලා යන සතා හරිද...
    ලොකයේ ලොකුම සමනලයා තමයි මෙයා මෙයාගෙ නම Queen Alexandra Bird wing.විද්යාත්මක නාමය Ornithoptera alexandrae .ජීවත් වෙන්නේ පැපුවා නිව්ගිනි දූපත් වල.

    ඔය දුඹුරු පාට ගැහැණු සතා. එයා නිල්පැහැති පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාලයි..

    460px-Ornithoptera_alexandrae.png

    මෙයා ගැහැනු සතා..ප්‍රමානයෙන් පිරිමි සතාට වඩා විශාලයි.

    6a00d83454f2ec69e2016768ff531f970b-300wi





    ලන්කාවෙ විශාලතම සමනලත් මේ පැපිලියොනිඩේ කුලයටම අයත් බර්ඩ්වින්ග් වර්ගයේ සමනලයෙක්. මේ ඉන්නේ එයා... නම Ceylon Bird wing

    the-Sri-Lanka-Birdwing.jpg


    මෙ තියෙන්නේ එයා වෙනුවෙන් ලන්කාවෙ නිකුත් කරපු මුද්දරය...

    stock-photo-sri-lanka-circa-a-stamp-printed-in-sri-lanka-shows-image-of-a-ceylon-birdwing-troides-40784563.jpg


    නමුත් විශාලතම නිදර්ශකය ලෙස ලන්කාවේදි සිලොන් බර්ඩ්වින්ග් සමනලයෙක් හමුවී තිබුනාට සාමාන්ය පරිසරයේදි විශාලතම සමනලයා ලෙස බහුලව හමුවෙන්නේ මේ පැපිලියොනිඩේ කුලයේම බ්ලු මොර්මන් සමනලයා.

    Blue+Mormon4.jpg


    Blue+Mormon2.jpg


    අපි දැන් බලමු මෙ පැපිලියොනිඩේ කුලයේ ලන්කාවෙ ජීවත්වෙන වෙනත් සමනලුන් කවුද කියල... සාමාන්යෙන විශාලතම සමනලුන් මෙන්ම වර්න්වත් ඒ වගේම නැට්ටක් ආකාරයට පිහිටි අවර පියාපත් වලින්ද මේ කුලයේ සමලුන් සමන්විතයි.
    මේ ගොල්ලො තමයි ලන්කාවේ විශාලතම සමනලුන්...

    මේ රෙඩ් හෙලන්... ටිකක් දුර්ලබයි මම කලු පහනෙදි එකෙක් දැකලා තියෙනවා..
    JapanB127.jpg


    helenus-31.jpg


    මෙයා ක්‍රිම්සන් රොස්

    14.jpg


    මෙයා කොමන් රොස්

    22.jpg


    මෙයා කොමන් මොර්මන්
    ගෙවල් වල් දෙහිගස් වල දොඩම් ගස් වල තමයි මෙයා බිත්තර දාන්නේ...

    common-mormon3.jpg


    මෙයා ටේල් ජේ
    අනොද ගහේ තමයි බිත්තර දාන්නේ..ආ කට්ටියට කියන්න බැරි වුනා .සනලයෙක් බිත්තර දාන්නේ ඌට අන්නය වෙච්ච ගහක් නැත්නම් එක් කුලයක් ශාක වල විතරයි. [
    දැලබුවො කියල මරන්න කලින් තව සැරයක් හිතල බලන්න මේ ලන්කාවෙ දුර්ලබම සමනලයෙක් වෙන්න පුලුවන් ඔය ගොල්ලො විනාශ කරන්නේ...


    63.jpg




    කොමන් බැන්ඩඩ් පීකොක් කියන්නේ මෙයාට...
    ලන්කාවෙ ලස්සනම සමනලය කියල සමහර අය හදුන්වන්නේ මෙයාව.

    23.jpg


    තව මේ කුලයේ සමනලුන් ටික දෙනෙක් ඉන්නවා ඔක්කොම දැම්මෙ නෑ...
    ලන්කාවෙ ඔක්කොම සනල් විශේශ 242 ක් ඉන්නව ...මේ අතරින් 41 ලන්කාවට ආවේනිකයි ...මේ ගොල්ලො අද මම කියපු පැපිලියොනිඩේ කුලය වගේ කුල නමයකට අයත්...
    ඉතුරු කට්ටිය ගැන් වෙලාව තිබුනොත් දාන්නම්... සමනයන් ගැන ඉගෙන ගන්න කලින් ඔක්කොම එක වාගේ පෙනුනට මුන් ගැන ඉගෙන ගත්තම මාර intresting දෙයක් තමයි මුන් නිරීක්ශනය කරන එක..
    ඔය ගොල්ලොත් පොඩ්ඩක් විමසිල්ලෙන් සමනලයො දිහා බලන්න පුරුදුවෙන්න...මම කොල වල ඉන්න දලබුවො දැක්කම උන් ගෙදර ගෙනත් බාජනයක් දාල ඒ ගහේම කොල ඌට ගෙනත් දිලා සමනලයෙක් කරල ඌව යවනවා..(වැරදි කොල ගෙනත් දුන්නොත් ඌට සොරි වෙයි ). දවසක් ඔය අනොද ගහේ හිටපු දැලඹුවො තුන් දෙනෙක් ගෙනත් ටේල් ජේ කියන සමනලයො තුන් දෙනෙක් හදල මම යැවුවා..යවපු ගමන් අර කාලකන්නි කරොල පෙන්ද කියන කුරුල්ලා එකෙක් කෑව බන්...:frown::angry:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් නම් ඉස්සර තරම් සමනල්ලු මම දකින්නෙ නෑ. :(
    ඔව් මචන් කැලෑ එලි කිරීම රිජුවම බල්පාන සත්ව කොට්ටශය්ක් තමයි සමනල්ලු කියන්නේ..... ඔය සමනල විශෙෂ 242 හොය ගැනුනෙ එක්දහස් නමසිය මුල ගනන් වල..2000 ට කිට්ටුව කරපු සමීක්ශනයකදි මම අහල තියෙන විදිහට 150 ක් විතර විශේශ ගනනක් තමයි හම්බ වෙලා තිබුනේ....
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ ඇට්ලස් මොත්(Atlas moth)....මෙයා සමනලයෙක් නෙමයි සලබයෙක්... ලෙපිඩොප්ටෙරා වන්ශයේ ඉන්න කුල දෙක තමයි බටර්ෆ්ල්ය් සහ මොත් කියන්නේ....සලබයබ් සමනලයන්ගෙන් වෙන් වෙන ලක්ශන ගොඩක් තියෙනවා


    (1)ඇන්ටෙනා දෙක අග පුන්චි ගැට්ටක් වගේ තියෙන්නේ සමනලයන්ගෙ
    සලබයන්ගේ මේ ඇන්ටෙනා එක්කො කොස්සක් වගේ නැත්නම් තනි කෙලින් පිහිටනවා
    456444401_4ff3f66ad8.jpg

    herchead.jpg



    (2) සමනලයො උපස්තරයක් මත වහපුවාම පියාපත් විදාගෙන ඉන්නේ බොහො විට සලබයො V ශෙප් එකකට පියපත් අකුලගෙන ඉන්නේ (හැබයි ඇට්ලස් මොත් නම් පියාපත් විදාගෙන ඉන්නේ පොලවට සමාන්තරව )

    Spindasis%20seliga%20001a.jpg


    මෙන්න මෙයා සලබයෙක් බලන්න මෙයා ගෙ ඇන්ටෙනා දෙක මේකෙ කෙලවර ගැටිත්තක් නෑ.තනි කෙලින් පිහිටලා තියෙන්නෙ

    emperor-moth-22235.jpg


    (3)සලබයො හුගක් නිශාචරයි සමනලයො දිවාචරයි.

    (4)සමනලයො හුගක් ඇක්ටිව් වෙගවත් පියාසර රටාවක් තියෙන්න.... සලබයො හුගක් වෙලාවට උපස්තරයක් මත වසා සිටින එකයි කරන්නේ...