ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයට අනුව කෑවයි කියලා ප්‍රාණඝාතයෙන් අකුසලයක් වෙන්නේ නෑ.
මම නිර්මාංශ ගැටලුව කියලා පොතක් අප් ලෝඩ් කරලා ඇති මේ ත්‍රෙඩ් එකේ ඒක පිටු 100 ක් විතර තියෙන්නේ කිලෝබයිට් 300 ක pdf එකක් පොඩ්ඩක් අරගෙන කියෝලා බලපන් වෙලාවක. හරියට බුද්ධාගම දන්නේ නැති උන් තමයි කෑ ගහගෙන එන්නේ. හරියට දන්නේ නැති කිව්වේ ඉස්කෝලේ යන කාලේ බුද්ධාගම පේපර් ලියලා O/L වලට බුද්ධාගමට A එකක් ආපු පොරවල්. අඩුම තරමේ දහම්පාසල් අවසානයවත් කරපු එකෙක් හෝ එහෙමත් නැත්නම් හාමුදුරුවරුන් සමග ධර්ම කරුණු අසලා දැනගන්න එකෙක් නම් ඕකේ අගක් මුලක් දන්නවා හරියට.
මස් කඩේට ගිහින් කුකුල් මස් ඉල්ලලා පණ පිටින් ඉන්න කුකුලෙක් මට පේන්න අරගෙන ගිහින් ඇහෙන්න ඒ වෙලේ මරලා දුන්නොත් පවක් සිද්ධ වෙනවා. නැතුව මස් කඩේ එල්ලලා තියෙන මරපු මසක් ගෙනිච්ච පලියට පවක් සිද්ධ වෙන්නේ නෑ.
ඉස්කෝලේ යන කාලේ උගන්වනවා ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න ඕනේ කරුණු 5 ක්. හැමෝම ඕක අල්ලගෙන දඟලන්නේ පොරවල් වගේ.
උන් දන්නේ නෑ ට්‍රිකෝටි පාරිශුද්ධ ශීලය, ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් හය,ඒකේ තියෙන ආඥා ප්‍රයෝගය(අනුන් ලවා කරන මැරවීමක්) කියන කොටසේ තියෙන අනු ප්‍රයෝග කොටස් 6.
බුදු දහම ගැඹුරුයි බං. ඉස්කෝලේ කාලේ දෙයක් ඉගෙන ගත්ත පලියට බුදු දහම දන්නේ නෑ.
ඕක ගැන බං පැය පහ හයක් කතා කරන්න ඕන බං..
මිනිහ ශාක භක්ෂක නෙවේ නෙ බං..
කලින් thread එකකත් කිව්ව බං ආයෙ ආයෙ කියන්න වෙනව නෙ ඉතින්..
හිතපන්..
උබ යනව කැලේක මුවෙක් මැරිල ඉන්නව..
උබ ගෙදර අරන් ඇවිත් කනව..
දැන් උබට මස් කෑවට පව් ?
උබේ account එකට ඒ කියන්නෙ පව් add වෙනවා.. එහෙමද උබ හිතන්නෙ..
කර්මයට මුල චේතනාව බං..
සොබාව ධර්මය කියල දෙයක් තියනව.. බං..
කැලේ සේරම ශාක භක්ෂක සතුන් විතරක් ඉදල මස් කන උන් අයින් කලොත් මොකද්ද වෙන්නෙ..
අර ශාකභාක්ෂක සත්තු ග්‍රහණය වැඩි වෙලා වෙලා ලෙඩ වෙලා උන් විනාස වෙලා යනව..
ඒව නවත්තන්න අපිට බැහැ බං..
kale maricha muwawai masata marapu sathekui samana karanna bane ban..
elz...mewa dapu eka watinawa...eth mama nam anumatha karanne na masata sattu marana eka..ehema marapu mansha kana ekath...monawa unath sathekge jiwithane....pratipattiyak widiyata sattu marana ekata wiruddai..but mama vegetarain nemei...මම කියවන්න ගියේ නෑ බං මේකේ උන්ට. මේ ත්‍රෙඩ් එකේ රයිගමයා අහපු නිසයි මම කිව්වේ. ඒකට කොහෙවත් යන හිපාටුවෝ ඇවිත් කියනවා අන්තිමට බුද්ධාගමෙන් මස් මාලු කෑමක් ප්‍රමෝට් කරලා නැතිලු. අනික් උන්ට අදහන්න බුද්ධාගම ඉතිරි කරපන්ලු.
උන් ඔක්කොම දුවන්නේ මිත්‍යයාවක් පස්සේ. බොරු කියන්නේ මොකටද මමත් හිතාගෙන හිටියේ මස් මාලු කෑවම පව් සිද්ධ වෙනවා කියලා තමයි බං. ඒත් අවුරුදු දෙකකට උඩදි අලුත් අවුරුද්දට පොඩි කාලේ ඉඳන් අපි යන දුර පංසලක හාමුදුරුවන්ව බලන්න ගිය දවසේ දවල් දානෙත් අරගෙන හාමුදුරුවෝ බුද්ධ පූජාවට මාලු තිබ්බා. ඕකෙන් තමයි ඒක ඇදිලා ඇවිල්ලා මම ඇහුවේ. අන්තිමට පැය 3 - 4 ක් ඒ හාමුදුරුවෝ විස්තර කරලා දුන්නා. අන්තිමට ඒ හාමුදුරුවෝ කියපු ත්‍රිපිටකයේ තැන් ටික ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් මැසේක් එකක ටයිප් කරගෙන ඇවිත් කොනක ඉඳන් කියෝලා තමයි දැනගත්තේ.
මේකේ ඉන්න O/L වල බුද්ධාගමට A එකක් ගත්තු සියල්ල දත් බෞද්ධයින්ට මම ආපුම දවස් වල තුන්වෙනි සිල්පදේ කැඩෙන විදිහ ගැන කියලා දෙන්න ත්‍රෙඩ් එකක් දාලා මව, පියා රකින කතාන්දර හිටං කියවන්න ගිහින් අන්තිමට ඒකත් සධාරණිකරණය කරගෙන ආපු උන් නෙ බං මේකේ ඉන්නේ. තව වෙන මොන කතාද.
යන්නම් වාලේ ඔක්කොම යනවා. සතා ගැන එන අනුකම්පාව වෙනයි නමුත් පවක් සිද්ධ වෙනවා කියලා ඕකට උන්ම ගාවගන්න තැන තමයි බං වරද තියෙන්නේ. කොහොමත්මගේ රස්සාවේ හැටියට මස් මාලු කෑම ප්‍රමෝට් කරන්න වෙනවා බං. Iron deficiency Anaemia එහෙම තියෙන ගොඩක් උන්ට සප්ලිමන්ට් ගන්නේ නැතිව හීම් අයන ඒ කිව්වේ ශරීරයට වැඩියෙන් උරා ගන්න අයන ගන්න පුලුවන් පහසුම ප්‍රභවය සත්තව පීකුදු.සහ මාංශ.






Dan ethakota Oya marapu saththunge mas nemeida kanne?saththu maranawata wiruddai nan nirmanshikayek wenna..monawa unath awankakamata garu karanawa.



