මට සවුන්ඩ් කාර්ඩ් එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. වැඩේ කියන්නේ මම හොයන ජාතියේ සවුන්ඩ් කාර්ඩ් එක ටිකක් හොයා ගන්න අමාරැයි. මම හොයන්නේ මැෂින් එකෙන් ඩිජිටල් විදියට අවුට්පුට් එකක් ගන්නයි. මගේ මදබෝර්ඩ් එකේ තියෙන්නෙත් pci e ස්ලොට් විතරයි. පහුගිය දවස් ටිකේම ගම්පහ ඉදන් යුනිටි එකට යනකම් හෙව්වා හම්බ වුනේ නැහැ. යුනිටියේ එක කඩේක තිබ්බා එකක් ඒක 3500/= විතර වුනා වින්ඩෝස් 10 වලට වැඩ කරයිද කියලා ෂුවර් නැතිලු. USB සවුන්ඩ් කාර්ඩ් එකකුත් සෙට් වුනා බට් ඒක ටිකක සෙට් නැහැ වගේ.