"සහෝදරයා" ටෙලි සිතුවම
සහෝදරයා කියන්නේ අපිට ඉතාමත් හුරු පුරුදු වචනයක් වුනත් අපිට මතක් වෙන්නේ වාමාංශික දේශපාලන ප්රවාහයේ නිතරම භාවිතා වන වචනයක් හැටියට, නමුත් අද අපි කතාකරන්න යන සහෝදරයා ගැන ඔබ දැනටමත් දන්නවා නොවැම්බර් මස 18 දින රාත්‍රි 8.30 ස්වාධින රූපවාහිනියෙන් අපේ ආලින්දයට එන නාමල් ජයසිංහ අධ්‍යක්ෂණය කරන පළමු ටෙලි නිර්මාණය වන "සහෝදරයා" ටෙලි වෘත්තාන්තය
නාමල් ජයසිංහ අපිට මුලින්ම හමුවන්නේ පිටපත් රචකයෙක්, රංගන ශිල්පියෙක් විදියට ඔහුගේ මුල්ම ටෙලි පිටපත් වෙන්නේ ආනන්ද අබේනායකගේ "ජිවිතයට ඉඩදෙන්න" ඇත්තෙම එය ඉතාම අපුරු පිටපතක් මෑත කාලයේ ඔහුගේ පිටපත් සම්මානයට පවා පාත්‍ර වුනා. අප්පච්චි, රතු අහස, බොහිමියානුවා, තාරා, අහසින් වැටුනා ඔහුගේ පිටපත් රචනයේ වැදගත් මංසළකුණු කිහිපයක්
අපිට මේ නාට්‍යයට සහෝදරයා කියන නම යොදාගෙන තියෙන්නේ වාමංශික අදහසකින් කියලා එක්වර හිතෙන්න පුලූවන්, නමුත් නාමල් ජයසිංහ ඒ නම යොදා ගෙන තියෙන්නේ සමානව හිතන සහෘදයා, මිත්‍රයා, සහකරු/සහකාරිය කියන අර්ථයෙන් මේ නාට්‍යයේ කතා තේමාව බැලූවම අපිට අර්ථය හොඳින් වැටහෙනවා.
ගවේෂණාත්මක දේශපාලනික ලියුම්කරුවකු හා තරුණ මාධ්‍යවේදී රජීව සමරසිංහ හා චෙලෝ වාදනයට දක්ෂ උත්තරාදේවී ධර්මරත්න සමඟ විවාහ වී ගෙවී ඇත්තේ වසරක පමණ කාලයකි. රජීවගේ මිතුරකු වන අජන්ත ඔහුට හමුවන්නේ කලකට පසුවය. වරෙක සෝදුපත් බලන්නකු ලෙසද වරෙක ටියුෂන් ගුරුවරයකු ලෙසද විවිධ රැකියා කරමින් සමාජය තුළ රස්තියාදුකාර ජීවිතයක් ගත කරන අජන්තට අසන්නට ලැබෙන්නෙ සිය මිතුරු රජීවගේ හදිසි මරණයයි. එතැන් පටන් සිය මිතුරගේ ගැබ්බර බිරිඳටත්, ඔත්පල වූ මවටත් යුතුකම් ඉටුකරමින් විවිධ සමාජ සංස්කෘතික ගැටලු මාධ්‍යයේ වුව සිය මිතුරා වෙනුවෙන් කටයුතු කරන ඔහුට රජීව ලියන ලද පළ නොකරන ලද පුවත්පත් විශේෂාංග කිහිපයක් හමුවෙයි. මේ වනවිටත් රජීවගේ මරණය සැක සහිත වීමත්, රජීව වෙනුවෙන් ඒ ලිපි පළකිරීම නිසා තිබෙන තත්ත්වය අවුල් සහගත වන අයුරු ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ විදහා දැක්වෙයි.
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් දෙදෙනෙකුගේ චරිත වල හෙවනැල්ල මේ ටෙලියට වැටි තියෙන බව ප්‍රකාශ වෙනවා. එළකිරි සහෝදරයන් මෙම ටෙලිය නරඹන්න අමතක කරන්න එපා ඉතාමත් හොඳ නිර්මාණයක් ඔබට මේ තුලින් දැකබලා ගන්න පුලූවන්
රංගන දායකත්වය
රොෂාන් රවින්ද්‍ර, තුමිඳු දොඩන්තැන්න, කලණි විල්සන් දොඩන්තැන්න, චාන්දනී සෙනවිරත්න, චමිලා පීරිස්, ධර්මපි‍්‍රය ඩයස්, ජගත් මනුවර්ණ, උදයන්ති කුලතුංග, වරුණි පෙරේරා, උදේනි අල්විස්, දයාදේව එදිරිසිංහ
රචනය සහ අධ්‍යක්ෂණය : නාමල් ජයසිංහ
කැමරාකරණය : කුලරුවන් ගමගේ
වේශ නිරූපණය : හර්ෂ මංජුල
කලා අධ්‍යක්ෂණය : සුනෙත් නන්දලාල් / රචිත ප්‍රමෝදය
ගීත ගායනය : කසුන් කල්හාර ජයවර්ධන/ බුද්ධිනී තනුරිකා
සංගීත සංයොජනය : ලහිරු ධනංජය
සංගීත අධ්‍යක්ෂණය : කසුන් කල්හාර ජයවර්ධන
සංස්කරණය : කාවින්ද මුදලිගේ
ආලෝකකරණය සහ කැමරාකරණය : ධම්මික රත්නායක
සම නිෂ්පාදනය : ලලිත් සමරරත්න
නිෂ්පාදනය : ජයන්ත වැලිවිට

සෑම සෙනසුරදා-ඉරිදා රාත්‍රී 8.00-9.00 ITN බලන්න (කූඹියෝ-සහෝදරයා)
Last edited: