මේ බැංකුව කරන වංචා ගැන ගොසිප් 9 එකේ දාලා තිබ්බා. ඊට පස්සේ බැංකුවෙන් ගොසිප් 9 එකට නඩු දානවා කියලා තර්ජනය කරලත් තිබ්බා. ඒත් ගොසිප් 9 එකෙන් ඒ ලිපිය අයින් කරේ නෑ.
මටත් මේ බැංකුවෙන් උබට උනා වගේ දෙයක් උනා. මම ඊට පස්සේ කාර්ඩ් එක කැන්සල් කරලා දැම්මා.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ පාරිභෝගික මංකොල්ලය
gossip9[dot]com/2011/08/blog-post_79.html
ගොසිප්9 බ්ලොක් කරන්න - ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් ඉල්ලීමක්
පසුගිය දා "ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පාරිභෝගික මංකොල්ලය" ශීර්ෂය යටතේ පල කරණ ලද ලිපියට බොහෝ පාඨක ප්‍රතිචාර හිමි විය.
එම ලිපිය මගින් හෙළිදරව් කරන ලද්දේ අයථා ලෙස එම බැංකුව විසින් එහි පාරිභෝගිකයන්ගේ මුදල් සුරා කන අයුරුයි.එය සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබුණි.
එම ලිපියට ප්‍රතිචාර දැක්වූ බොහෝ පාඨකයන් කියා සිටියේ ඔවුන්ටත් මෙවැනි අත්දැකීම් වලට මුහුණ පෑමට සිදු වූ බවයි.
මෙම ලිපිය බොහෝ දෙනෙකු අතට පත්වීම නිසා සිදු වූ අවමානය වසන් කිරීමට එම බැංකුව විසින් අප වෙත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙළෙඹී ඇත.
ඒ අනුව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ නීතිඥයින් විසින් අපගේ ඩොමේන් නාමය ලියාපදිංචි කර ඇති ආයතනයට ලිපියක් යවා ඇත.
එහි දැක්වෙන්නේ අප වෙබ් අඩවිය පල කර ඇති ලිපිය හා පාඨක ප්‍රතිචාර ව්‍යාජ හා ද්වෙෂෂගතව පලකරන ලද ඒවා බවයි.ඒ අනුව ලිපිය අවසානයේ ඔවුන් ඉල්ලීම් දෙකක් සිදුකොට ඇත.
අදාළ ලිපිය හා පාඨක ප්‍රතිචාර අන්තර්ජාලය තුලින් නැරඹිය නොහැකි තත්වයට පත් කිරීම
එම ලිපිය පල කල පුද්ගලයාගේ විස්තර ඔවුන් වෙත ලබා දෙන මෙන්ය.
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව වෙත ද්වෙෂෂගතව කටයුතු කිරීමට අපට කිසිදු වුවමනාවක් නැත.
අප සිදුකලේ පාරිභෝගිකයන් සූරාකන බැංකුවක ඇතුලාන්තය හෙළි කිරීම පමණි.
එමගින් තවත් විශාල පාරිභෝගික පිරිසක් ඔවුන්ගේ ව්‍යාජ උපක්‍රම තුලින් ගැලවී යාමට හැකියාව ලැබීම ගැන අප තුල ඇත්තේ අව්‍යාජ සතුටකි.
gossip9[dot]com/2011/09/9.html
මෙන්න මේ ලිපියත් බලන්න.