සුකරු මිදිනි කියන්නේ මොකක්ද බං?
සුකුරු කියන්නෙ ශුක්‍රාණු
සුක්කවිසට්ඨිශික්‍ෂාපදය
ත්‍රිපිටකය » විනය පිටකය » පාරාජිකපාළිය » 3. සඞ්ඝාදිසේසකාණ්ඩය
1. එසමයෙහි එක්තරා මහණකුට සිහිනෙන් සුකරු මිදිනි. කිම? මම සඟවෙසෙස් ඇවැතට අවන්නෙම් දෝයි ඒ මහණහට කුකුස් උපනි. ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, සිහිනෙන් ඇවැත් නො වේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. (1)
2. එසමයෙහි එක්තරා මල පහ කරණ මහණකුට සුකුරු මිදිනි. ඒ මහණහට කුකුස් උපනි. ... භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැති වූයෙහිදැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො මුදන රිසිවීමි”යි හේ කීය. “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (2)
3. එසමයෙහි සුළුවටන් කරණ, එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (3)
4. එසමයෙහි කාමවතර්‍ක උපදවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, විතර්‍කණය කරන්නහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (4)
5. එසමයෙහි උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ කුමන සිතැති වූයෙහි දැ”යි අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම් මුදන රිසියෙම් නො වීමි” යි හේ කීය. “මහණ, මුදනු නො රිසියහුට ඇවැත් නො වේ”. (5)
6. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි ය යි” වදාළසේක. (6)
7. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (7)
8. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟෙහි වණයෙක් වෙයි. බෙහෙත් ආලේප කරණ ඒ මහණහට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (8)
9. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟ වණයක් වෙයි. මුදන රිසි ඇති බෙහෙදින් අලෙවු දෙන්නහුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (9 - 10)
10. එසමයෙහි අණ්ඩය කසන්නා වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නුමුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (11)
11. එසමයෙහි මුදන අදහස ඇති අණ්ඩය කසන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (12 - 13)
12. එසමයෙහි මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. “මහණ, මුදන නො රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (14)
13. එසමයෙහි මුදන රිසි ඇති මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (15 - 16)
14. එසමයෙහි රහසඟ ගෙණ සුළුවටන් කරණ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ...“මහණ, නො මුදන රිසියහුට ඇවැත්නොවේ”යි වදාළ සේක. (17)
15. එසමයෙහි මුදන රිසි ඇතිවැ රහසඟ ගෙන සුළුවටන් කරණ එක්තරා මහණකුට සුකුරු මිදින. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (18 - 19)
16. එසමයෙහි ගිනිහල්ගෙහි උදරය තවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (20)
17. එසමයෙහි ගිනිහල්ගෙහි උදරය තවන මුදින රිසි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ”යි වදාළ සේක. (21 - 22)
18. එසමයෙහි ගිනිහල්ගෙහි උවදෑ තෙරුන්ගේ පිට පිරිමදින එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”. (23)
19. එසමයෙහි මුදන රිසි ඇති ගිනිහල්ගෙහි උවදෑ තෙරුන්ගේ පිට පිරිමදින එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (24 - 25)