සාදුට ත් Iphone-X ඕනෙමයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමයි කියන්නේ මේ මෙන්ටල් ස්ටේට් එකෙන් ඔය දේවල් නිගමනය කරන එක බොරු වැඩක්. සත්‍යය අප විසින්ම අවබෝධ කර ගන්න ඕන. ඒක සෑහෙන අමාරු වැඩක්. නමුත් එයට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා.

    පොඩ්ඩක් හිතන්න 1 වසරේ එකෙක්ට 13 එකෙක් අවකලනය ගාණක් හදන්න දෙනවා. අරූ මේක හැදුවට 1 වසරේ එකාට මේක තේරෙන්නේම නෑ. දැන් අර 1 වසරේ ඉන්න එකා හොදට ඉගෙනගෙන යනවා. දැන් 1වසරේ එකා 13 වසරට එනවා. දැන් අරූට අර ගාණ දෙනවා. ඌ ගාණ හදනවා.

    මේකයි තේරුම් ගන්න ඕන.

    ඒ තර්කේ මේකට ගැලපෙන්නේ නෑනේ බං.... කිතුණුවෙකුටත් ඕකම කියන් පුලූවන්... ඉස්ලාමිකයෙකුට.... බෞද්ධයෙකුටත් ඒක කියන්න පුලූවන්...

    ඕක ඇත්තම කතාව කියන්නම්.... ඔය මූලික ආගම් සියල්ලම බිහි වුණේ මිනිහා 1 ශ්‍රේණියේ ඉන්න කාලේ.... ඒ කියන්නේ මිනිහ බබා කාලේ...
    ඒ බබාලට ටීචර්ලා කියල දුන්න ලෝකයේ බිහි වුණේ මෙහෙම, සත්වයාගේ ආත්ම භවයන් මෙහෙම, ඉර හඳ තරු කියන්නේ මෙහෙම වගේ කතා... හැබැයි ඒ ටීචර්ලත් ඒ දවස්වල 1 ශ්‍රේණියේ.... ඔවුන් කළේ උපකල්පනයන් විතරයි.... කාලයත් එක්ක මිනිස්සුන්ගේ දැනුමේ ශ්‍රේණිය වෙනස් වුණා.... මිනිස්සු ටිකෙන් ටික දැනගත්තා 1 ශ්‍රේණියේ ටීචර් කියපු කතාව බොරු බව.... බුද්ධාගමේ හැම වෙලාවකම පෙර ආත්ම භවයන් කතාවල ජිරාෆ්ලා නෑ, කැනගරුවෝ නෑ... ඉන්නේ ඉන්දියාවේ හිටපු සත්තු ටික විතරයි.... ඒ කියන්නේ බුද්ධාගම එක භූගෝලීය කලාපයකට සීමා වුණු දර්ශනයක්... නැත්තං අනුන්ගේ කතා අහගෙන ඕපදුප කියන එකෙක් ඊලග ආත්මේ ජිරාෆ් කෙනෙක් වෙලා ඉපදෙනවා කියල කියන්න තිබ්බා.... එදා මිනිහෙකුට ලං කරගන්න පුලූවන් උපරිම සැප වාහනේ අශ්වයින් දෙන්නෙක් බැන්ද අශ්ව කරත්තයක්... ඉතිං දිව්‍යලෝකේ දිව්‍යා රාජයාගේ වාහනය ඒක වුණා... හැබැයි අද වෙන කොට ඔය කතාව කිව්වනම් ලැම්බෝ ගිනි ටෝක් දෙයි.... සුනඛ ආත්මයක් ලැබෙන එක පාපයක ප‍්‍රතිඵලයක් කියල කිව්වේ එදා ඉන්දියාවේ වීදිවල හිටපු කැහැටු හොරිකඩ බල්ලෝ දැකල.... අද නෝනලගේ අතේ බල්ලො විඳින සැප එදා දැක්ක නම් ලබන ආත්මේ බල්ලෙක් වෙලා ඉපදේවා කියල පාරේ ඉන්න හිගන්න කියන්න තිබ්බා.... පරිණාම වාදයේ පුරුක් දිහා බලපුවාම නැවත ඉපදීම වගේ දේවල් අමූලික බොරු වෙන්න තියෙන ඉඩ වැඩියි... නළ දරු උපත්, අවයව බද්ද කර්මය බොරු කරනවා ඕන තරම්... වැඬේ තියෙන්නේ ආගම්වල තර්කය ඒකත් දෙවියන්ගේ කැමැත්ත, නැත්තං ඒකත් කර්මය නිසා වුණා කියල කෝකටත් තෛලය ඒකටත් ආදේශ කිරීමයි...

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මම තෙරුම් ගන්න දේ වැඩක් නැනි බන්. මම මොඩයි කියහන්කො. මොලේ වර්දනයක් නැ.. හරියි කියමුකො. ඒත් මිනිස්සු 1000ක් අරගෙන 999ක්ම කියනවනම් මේක වෙන්න බැ කියලා. උබ කියන්නේ ඒ 999ටම මොලේ මනසේ උබ කියන දේ පිලිගන්න මට්ටමක නැති එකද අවුල, එහෙම නැතිනම් උබ කියන දේද අවුල..

    1000න් 999ක් ම එදිනෙදා ජීවත් වෙන්නේ ආර්ථිකය, තරාතිරම වගේ ලෞකික දේවල් දියුණු කරන්න. ඔය 999ටම තියෙන්නේ එකම මානසික මට්ටමක්. උන් ලෝකය දිහා බලන්නේ එකම විදිහට. ඒකයි 1000න් 999ක් ම එකම විදිහට හිතන්නේ. දැන් ඔය ඉතිරි 1නා ට්‍රයි කරන්නේ මානසික මට්ටම උසස් කරගන්න. එයා දැඩි වීර්යයෙන් භාවනා කරනවා. එයාගේ මානසික මට්ටම දැන් වෙනස්. දැන් එයා ලෝකේ දකින්නේ වෙනස් විදිහට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ කාශ්‍යප හාමුදුරුවන්ගේ කථාව ගැන දන්නේ නෑ. මම ඒ ගැන කියනවනම් භද්‍රා හා පිප්ඵලී මානවකටත් එහා ඉදන්ම කියන්න වෙනවා. හැබැයි මට එච්චර ටයිප් කරන්න නම් බෑ.

    මේකයි සාරාංශය. කාශ්‍යප තෙරුන් ගිහි සමයේ ඉතා ධනවත් කෙනෙක්. ඔහුට රෙද්දක් පාවිච්චි කරත් ඒක ඉතා සිනිදු රෙද්දක්. බුදුන් වහන්සේ තමා උන්වහන්සේව පැවිදි කලේ. එතකොට කාශ්‍යප තෙරුන් පොරවගෙන හිටියේ ඉතා සිනිදු සිවුරක්. බුදු රදුන් ඒ සිවුරට විරුද්ධ නම් ඒක එතනදිම ප්‍රකාශ කරන්න ඕන.

    එතකොට මේ අපි කතා කරන භික්ෂුවගේ ෆොන් එකත් එක්ක උඹ මේක ගලපන්නේ කොහොමද....? :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මිත්‍යාදුෂ්ටික කියන්නේ මිත්‍යාව අදහන එකා නේ
    අවුරදු 2500 බුද්ධාගම තියෙනවා සමහරක් දේවල් ඒ අවරුදු 2500 ටම ඔප්පු කරගන්නවත් අපිට දකින්නවත් නෑ ඉතිං ඒක අභියෝගයට ලක් කලාම අපිට කියනව මිත්‍යාදුෂ්ටිකයි ලු

    ඔප්පු කරන්න බෑ ලු මනස දියුණු නෑ ලු ඒ තරං.

    මාර තියරි නේ ඕයි මේවා

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක තමයි ඉතින් කියන්න තියෙන්නේ. උඹලා එක මානසික මට්ටමක ඉදලා ඊට එහා දෙයක් ගැන තර්ක කරනවා.

    පොඩ්ඩක් හිතන්න 1 වසරේ එකෙක්ට 13 එකෙක් අවකලනය ගාණක් හදන්න දෙනවා. අරූ මේක හැදුවට 1 වසරේ එකාට මේක තේරෙන්නේම නෑ. දැන් අර 1 වසරේ ඉන්න එකා හොදට ඉගෙනගෙන යනවා. දැන් 1වසරේ එකා 13 වසරට එනවා. දැන් අරූට අර ගාණ දෙනවා. ඌ ගාණ හදනවා.
    ඒක මචන් ලමයගේ වැඩීමත් එක්ක සමානුපාත වෙන කාරනාවක්. එහෙමයි කියලා 13 වසරට එන ඔනා එකෙකුට අවකලනය ගනන් හදන්න පුලුවන්ද? උබ කියන හැටියට 1 වසරේ එකාට කොන්ටම් ෆිසික්ස් එහෙමත් බැනේ. ඒ කියන්නේ උබේ සූත්‍රයේ හැටියට වයස නම් මූලික වෙන්නේ. ඔෆිස් ගිහින් පැන්ශන් ගිය ක්ලාක් මහත්තයෙකුට තියෙන්න ඔනා හැකියාව කොන්ටම් ෆිසික්ස් හරි රොකට් සයන්ස් හරි උගන්නන මට්ටමක. මොකද එක වසරේ එකාට වඩා අරූ සැහෙන වයසයි. මම අහන්නේ එහෙම කාරනාවක් නෙමෙයි. 12 වසරේ උනත් 13 වසරේ උනත් උබ කියන කාරනාව උබ ගත්ත උදාහරනෙට ගැලපෙන්නේ නැ. උබ කියන්නේ මට තෙරුම් ගන්න බැරි මගේ වයස ගැටලුවක් නිස නෙමෙයි මගේ මානසික මට්ටම ප්‍රගුන වෙලා නැ කියන එක. ඒ කියන්නේ මගේ වයසේ සම එකෙකුට උබ කියන කාරනාව තෙරුම් යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්. නියැදියක් ගත්තොත් උබේ ඔය කියන කාරනාව තනිකරම පිලිගන්න හො නොපිලිගැනීම තීරනය වෙන්නේ ඒ මනුස්සයගේ ආගමික චින්තනය මත. ඒ කාරනාව බුද්දියට ටැලි වෙන්නේ නැ..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අද නෝනලගේ අතේ බල්ලො විඳින සැප එදා දැක්ක නම් ලබන ආත්මේ බල්ලෙක් වෙලා ඉපදේවා කියල පාරේ ඉන්න හිගන්න කියන්න තිබ්බා....
    [/COLOR][/SIZE]

    තිරිසන් ආත්මයක් කොහොමද බං සැප විදින්නේ. බලපන් ඌට සන්නි වේදනය කරගන්න හරි විදිහක් නෑ. උගේ අදහස් මිනිසුන්ට තේරෙන්නේ නෑ. උට අදහස් ප්‍රකාශ කරගන්න විදිහක් නෑ. කොටින්ම ඌ කන කෑමට කැමතිද නැද්ද කියලාවත් අපි දන්නේ නෑ. අනික උන්ට පේන්නේ රූප කලු සුදු වෙලා. මොන බල්ලට වුණත් මේවට මුහුණ දෙන්න වෙනවා. හදිසියේ යම් බල්ලෙක් යම්කිසි සැපයක් ලබනවනම් ඒක ලැබෙන්නෙත් අතීත කුසල් සංස්කාරයන් වලින්ම තමයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඒක මචන් ලමයගේ වැඩීමත් එක්ක සමානුපාත වෙන කාරනාවක්. එහෙමයි කියලා 13 වසරට එන ඔනා එකෙකුට අවකලනය ගනන් හදන්න පුලුවන්ද? උබ කියන හැටියට 1 වසරේ එකාට කොන්ටම් ෆිසික්ස් එහෙමත් බැනේ. ඒ කියන්නේ උබේ සූත්‍රයේ හැටියට වයස නම් මූලික වෙන්නේ. ඔෆිස් ගිහින් පැන්ශන් ගිය ක්ලාක් මහත්තයෙකුට තියෙන්න ඔනා හැකියාව කොන්ටම් ෆිසික්ස් හරි රොකට් සයන්ස් හරි උගන්නන මට්ටමක. මොකද එක වසරේ එකාට වඩා අරූ සැහෙන වයසයි. මම අහන්නේ එහෙම කාරනාවක් නෙමෙයි. 12 වසරේ උනත් 13 වසරේ උනත් උබ කියන කාරනාව උබ ගත්ත උදාහරනෙට ගැලපෙන්නේ නැ. උබ කියන්නේ මට තෙරුම් ගන්න බැරි මගේ වයස ගැටලුවක් නිස නෙමෙයි මගේ මානසික මට්ටම ප්‍රගුන වෙලා නැ කියන එක. ඒ කියන්නේ මගේ වයසේ සම එකෙකුට උබ කියන කාරනාව තෙරුම් යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්. නියැදියක් ගත්තොත් උබේ ඔය කියන කාරනාව තනිකරම පිලිගන්න හො නොපිලිගැනීම තීරනය වෙන්නේ ඒ මනුස්සයගේ ආගමික චින්තනය මත. ඒ කාරනාව බුද්දියට ටැලි වෙන්නේ නැ..

    නෑ බං වයස නෙවේ ප්‍රශ්නය. මානසික මට්ටම. 1 වසරේ ඉන්න එකාගෙයි 13 වසර ඉන්න එකාගෙයි මානසික මට්ටම් 2ක්. 13 ඉන්න එකාගේ මනස අරූට සාපේක්ෂව දියුණු වැඩියි. උඹ හොද තර්කයක් ගෙනාවා 13 වසරට යන ඕන කෙනෙක්ට අවකලනය බෑ කියලා. අන්නේකයි මාත් කියන්නේ. ඌ අවකලනය ඉගෙන ගන්න තෝරගන්නවා අනිත් එවුන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තොරාගනිද්දී. ඌට අවකලනය ඉගෙන ගන්න ආසාව එනවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මිත්‍යාදුෂ්ටික කියන්නේ මිත්‍යාව අදහන එකා නේ
    අවුරදු 2500 බුද්ධාගම තියෙනවා සමහරක් දේවල් ඒ අවරුදු 2500 ටම ඔප්පු කරගන්නවත් අපිට දකින්නවත් නෑ ඉතිං ඒක අභියෝගයට ලක් කලාම අපිට කියනව මිත්‍යාදුෂ්ටිකයි ලු

    ඔප්පු කරන්න බෑ ලු මනස දියුණු නෑ ලු ඒ තරං.

    මාර තියරි නේ ඕයි මේවා

    න්න ඒකනේ බන්.. මේ කියන හැටියට හෙට එකෙක් රහත් උනා කිව්වම ඌට වදින උන් මාර දියුනු මනසක් තියන උන්. ඌ පොයියක් කෙලින්නේ ඌ රහත් නැ කියලා කියන උන් මිත්යා දුශ්ටිකයො.. හරි අපූරු රටක් ඔයි මේක. සමන්ත්‍ර බද්ද වැඩ කරු කියන්නේ නිකන්ද? ඌ දන්නවා රට බූරුවො මේකේ ඉන්නේ කියලා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මිත්‍යාදුෂ්ටික කියන්නේ මිත්‍යාව අදහන එකා නේ
    අවුරදු 2500 බුද්ධාගම තියෙනවා සමහරක් දේවල් ඒ අවරුදු 2500 ටම ඔප්පු කරගන්නවත් අපිට දකින්නවත් නෑ ඉතිං ඒක අභියෝගයට ලක් කලාම අපිට කියනව මිත්‍යාදුෂ්ටිකයි ලු

    ඔප්පු කරන්න බෑ ලු මනස දියුණු නෑ ලු ඒ තරං.

    මාර තියරි නේ ඕයි මේවා

    මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා මට මේකට හරියට උත්තර දීපන්. දැන් උඹ හීන දකිනවනේ අන්න ඒ හීනේ මට අකුරු වලින් විස්තර කරපන්. 100% මගේ මනසට උඹ ටයිප් කරපු එක දැකලා මගේ මනසේ ඒ හීනේ ගැන රූපයක් මැවෙන්න ඕන. 100% උඹට පුලුවන්ද ඒ වගේ රූපයක් ටයිප් කරලා මගේ මනසේ කාවද්දන්න. බෑ නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිත්‍යාදුෂ්ටික කියන්නේ මිත්‍යාව අදහන එකා නේ
    අවුරදු 2500 බුද්ධාගම තියෙනවා සමහරක් දේවල් ඒ අවරුදු 2500 ටම ඔප්පු කරගන්නවත් අපිට දකින්නවත් නෑ ඉතිං ඒක අභියෝගයට ලක් කලාම අපිට කියනව මිත්‍යාදුෂ්ටිකයි ලු

    ඔප්පු කරන්න බෑ ලු මනස දියුණු නෑ ලු ඒ තරං.

    මාර තියරි නේ ඕයි මේවා

    දැන් මොකක්ද උබට දකින්ඩ ලැබිල නැත්තෙ කියපන් බලන්ඩ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තිරිසන් ආත්මයක් කොහොමද බං සැප විදින්නේ. බලපන් ඌට සන්නි වේදනය කරගන්න හරි විදිහක් නෑ. උගේ අදහස් මිනිසුන්ට තේරෙන්නේ නෑ. උට අදහස් ප්‍රකාශ කරගන්න විදිහක් නෑ. කොටින්ම ඌ කන කෑමට කැමතිද නැද්ද කියලාවත් අපි දන්නේ නෑ. අනික උන්ට පේන්නේ රූප කලු සුදු වෙලා. මොන බල්ලට වුණත් මේවට මුහුණ දෙන්න වෙනවා. හදිසියේ යම් බල්ලෙක් යම්කිසි සැපයක් ලබනවනම් ඒක ලැබෙන්නෙත් අතීත කුසල් සංස්කාරයන් වලින්ම තමයි.

    ඒ උඹගේ කෝණයෙන්නේ... බල්ලාගේ කෝණය ඊට වඩා වෙනස්...
    සමහර විට මිනිහෙක් වෙලා ඉපදිලා ඉන්න අපි දිහාත් තවත් රටක ඉන්න එකෙක් බලනවා ඇත්තේ මුං මොක්කුද කියල බල්ලෙක් දිහා බලන විදියට වෙන්න ඇති... හැබැයි මම උඹ හිතන් ඉන්නවා මේක තමයි නියම මිනිස් භවය කියලා....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    න්න ඒකනේ බන්.. මේ කියන හැටියට හෙට එකෙක් රහත් උනා කිව්වම ඌට වදින උන් මාර දියුනු මනසක් තියන උන්. ඌ පොයියක් කෙලින්නේ ඌ රහත් නැ කියලා කියන උන් මිත්යා දුශ්ටිකයො.. හරි අපූරු රටක් ඔයි මේක. සමන්ත්‍ර බද්ද වැඩ කරු කියන්නේ නිකන්ද? ඌ දන්නවා රට බූරුවො මේකේ ඉන්නේ කියලා.

    බුදු හාමුදුරුවෝ තමන් ලබාගත්ත මාර්ගඵලයන් අනිත් අයට කියන්න එපා කිව්වේ ඇයි කියලා හිතලා බලපන්. ධර්මය ගැන දැනගෙන කථා කරපන්. රහත් වෙච්ච අයෙක් මම මේ මේ මාර්ගඵලයන් ගත්තා කියලා ලෝකයට කියන්නේ නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නෑ බං වයස නෙවේ ප්‍රශ්නය. මානසික මට්ටම. 1 වසරේ ඉන්න එකාගෙයි 13 වසර ඉන්න එකාගෙයි මානසික මට්ටම් 2ක්. 13 ඉන්න එකාගේ මනස අරූට සාපේක්ෂව දියුණු වැඩියි. උඹ හොද තර්කයක් ගෙනාවා 13 වසරට යන ඕන කෙනෙක්ට අවකලනය බෑ කියලා. අන්නේකයි මාත් කියන්නේ. ඌ අවකලනය ඉගෙන ගන්න තෝරගන්නවා අනිත් එවුන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තොරාගනිද්දී. ඌට අවකලනය ඉගෙන ගන්න ආසාව එනවා.
    ඉතින් එතනම නියැදියක් එන්නේ නැනේ බන්.. උබේ මතේ ඇත්තද මිනිස්සු පිලිගන්නවද බලන්න ඔනා අහඹු නියැදියකින් මිසක සබ්ජෙක්ට් එකේ ඉන්න උන්ගෙන් අහලා බලලා බැනේ තීරනය කරන්න. උබ කියනවා වගේ ආර්තික විද්යාව ඉගෙන ගන්න ආසා එකා උගේ සබ්ජෙක්ට් එක ගැන කියන්නෙම මහා ඉහලින්. උගෙන් නියැදි පරීක්ශනයක් කරලා වැඩක් නැ. කොවිලක කපුවො බොරුද කරන්නේ කියලා බලන්න, නියැදි පර්ක්ශාවක් කරන එකෙක් කොවිල් කපුවො 100ක් නියැහියට ගත්තොත් ඌට ලැබෙන්නේ නිගමනය හැටියට කොවිලේ දෙයියො ඉන්නවා කියන එක තමා. මොකද එක කපුවෙක්වත් කියයිද කොවිලේ දෙයියො නැ කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බුදු හාමුදුරුවෝ තමන් ලබාගත්ත මාර්ගඵලයන් අනිත් අයට කියන්න එපා කිව්වේ ඇයි කියලා හිතලා බලපන්. ධර්මය ගැන දැනගෙන කථා කරපන්. රහත් වෙච්ච අයෙක් මම මේ මේ මාර්ගඵලයන් ගත්තා කියලා ලෝකයට කියන්නේ නෑ.
    උබ කොහොමද කියන්නේ බුදු හාමුදුරුවො කියන්න එපා කිව්වා කියලා..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා මට මේකට හරියට උත්තර දීපන්. දැන් උඹ හීන දකිනවනේ අන්න ඒ හීනේ මට අකුරු වලින් විස්තර කරපන්. 100% මගේ මනසට උඹ ටයිප් කරපු එක දැකලා මගේ මනසේ ඒ හීනේ ගැන රූපයක් මැවෙන්න ඕන. 100% උඹට පුලුවන්ද ඒ වගේ රූපයක් ටයිප් කරලා මගේ මනසේ කාවද්දන්න. බෑ නේ.

    තමන්ගේ මනසේ ඇදෙන රූපයක් 100% ක් තවත් එකෙකුගේ මනසේ අන්දවන්න බෑ...
    තමන්ගේ හිතේ මනෝවිකාරයක් ඇඳගෙන ඒක තවත් එකෙකුට කියල ඌ මේ කිනම් පයන්නක් ද කියල අහපුවම පෙරලා ප‍්‍රශ්න කරන්න බෑ උඹ මනසෙන් හීනයි කියල... හීන දකින්න කාටත් පුලූවන්...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අහඹු නියැදියකින් මිසක සබ්ජෙක්ට් එකේ ඉන්න උන්ගෙන් අහලා බලලා බැනේ තීරනය කරන්න. උබ කියනවා වගේ ආර්තික විද්යාව ඉගෙන ගන්න ආසා එකා උගේ සබ්ජෙක්ට් එක ගැන කියන්නෙම මහා ඉහලින්. උගෙන් නියැදි පරීක්ශනයක් කරලා වැඩක් නැ.

    අන්නේකයි මචන් මාත් කියන්නේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එකාට අවකලනය බෑ. ඌ ඒවා පිළිගන්නේ නෑ. මොකද ඌ දන්නවා උගේ මනසේ අවකලනයට අයත් කරුණු දන්නේ නෑ කියලා. ඉතින් ඌ තීරණයක් ගන්නවා මට ආර්ථික විද්‍යාව කරන්න බෑ. මම ගිහින් අවකලනය ඉගෙන ගන්නවා කියලා. ඒක ඌ තිරණය කරපු එක. ඌ උඹලා වගේ ආර්ථික විද්‍යාව දැනගෙන අවකලනයට වැරදියි කියන්න ගියේ නෑ. ඌ අවකලනය ඉගෙන ගන්නවා. දැන් උට අවකලනය පුලුවන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබ කොහොමද කියන්නේ බුදු හාමුදුරුවො කියන්න එපා කිව්වා කියලා..

    මුඛ පරම්පරාවෙන් ආවනේ... ඒ ඇති....

    (බුදුන් වහන්සේත් අද ඉන්න සෙක්සි සෝමපාලත් අතර මන්ද බුද්ධිකයින්, ගණින්නාන්සෙලා වගේ එවුන් හිටියේ නෑ කියල උපකල්පනය කෙරුවොත් විතරක් :rolleyes:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    දැන් මොකක්ද උබට දකින්ඩ ලැබිල නැත්තෙ කියපන් බලන්ඩ..

    දැන් මහින්ද හොරා හොරා කිව්වට ඔප්පු කරපු තැනක් දකින්න ලැබිල නෑ බං
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අන්නේකයි මචන් මාත් කියන්නේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එකාට අවකලනය බෑ. ඌ ඒවා පිළිගන්නේ නෑ. මොකද ඌ දන්නවා උගේ මනසේ අවකලනයට අයත් කරුණු දන්නේ නෑ කියලා. ඉතින් ඌ තීරණයක් ගන්නවා මට ආර්ථික විද්‍යාව කරන්න බෑ. මම ගිහින් අවකලනය ඉගෙන ගන්නවා කියලා. ඒක ඌ තිරණය කරපු එක. ඌ උඹලා වගේ ආර්ථික විද්‍යාව දැනගෙන අවකලනයට වැරදියි කියන්න ගියේ නෑ. ඌ අවකලනය ඉගෙන ගන්නවා. දැන් උට අවකලනය පුලුවන්.

    ඔයා හීනියට මගේ ප‍්‍රශ්නෙන් පැන්න නේද...? කාශ්‍යප කතාව ෆෝන් භික්ෂුවට ගලපන්නේ කොහොමද...? සිවුරට ගරු කළ යුතුයි කියන එකට ගලපන්නේ කොහොමද... ? පීස් මග හරින්න එපා... අපි කතා කරමු...