සාරි_පොට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සාරි පොට, පාසල් දරුවන් සහ ලාංකික දේශපාලනය.



_97973550_img_6314.jpg


මංගල උත්සවයක දී ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා පාසල් ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ දැඩි විවේචන පළ වෙමින් පවතී.
ඒ "ලොව දිගම සාරි පොට" සඳහා වූ ගිනස් වාර්තාව තැබීම සඳහා මනාලියගේ සැතපුම් තුනක් දිග සාරි පොට අල්ලා ගැනීමට අලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක දරුවන් 250 යොදා ගැනීමත් සමගය.
එමගින් පාසල් ළමුන් හිංසනයට ලක් කර ඇති බවට ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇති බව එහි සභාපතිනි නීතිඥ මරිනි ද සිල්වා පවසයි.




ඇය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.
පාසල් ළමුන් ඒ සඳහා රැගෙන විත් පාරේ සිටවා තබා ඇති බව කී ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය එය ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කළාය.


_97970197_vlcsnap-2017-09-21-14h10m30s168.png


"ළමයි දෙසිය පනහක් උදේ පාන්දර ඉස්කෝලෙට ගාල් කරලා, පාරවල් දිගේ හිටවලා. මොකටද? මේ දෙන්නෙක්ගේ සාරියේ දිග මනින්න. මේක ලජ්ජා නැති වැඩක්නේ,"

මනාලියගේ සාරි පොට අල්ලා ගැනීමේ අවස්ථාවට මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක ද සහභාගී වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප පළ වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ළමුන් පිළිබඳ ප්‍රඥප්තියට අනුව

  • ළමයා යනු: අවුරුදු 18 පහළ සෑම අයෙකුම ළමයෙකු ලෙස සැලකේ. ඔවුන් හට මෙම ප්‍රඥප්තියේ සඳහන් සියලුම අයිතිවාසිකම් හිමි විය යුතුය.
  • අධ්‍යාපනය: අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ ළමයාගේ පෞර්ෂත්වය, කුසලතා සහ මානසික ශාරීරික හැකියාවන් පරිපූර්ණ ලෙස වර්ධනය කිරීමයි. වගකීමෙන්, සාමකාමී නිදහස් සමාජයක ජීවත් වීමට ද සෙසු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වටහාගෙන, පරිසරයට ගරු කරමින් ජීවත් වීමට ද අධ්‍යාපනය තුළින් ළමුන් සූදානම් කළ යුතුය.
  • ළමයාගේ මතය: කිනම් ආකාරයකින් හෝ ළමයා කෙරෙහි බලපාන තීරණයක් දෙමව්පියන් හෝ වැඩිහිටියන් විසින් ගනු ලබන විට දී තම මතය ප්‍රකාශ කිරීමට ළමයාට අයිතියක් ඇති අතර එම මතය සැලකිල්ලට ගත යුතුය.
_97978133_011.jpg


_97978137_12.jpg


සමාජ ජාල තුළ කෝපය පළ කර අදහස් ප්‍රකාශ කර තිබිණි

"ළමා මනස ඔද්දල් වෙනවා"



අධ්‍යාපන හෝ බාහිර ක්‍රියාකාරකම්වලට අයත් නොවන මෙවැනි කටයුතු සඳහා දරුවන් යොදා ගැනීමෙන් ළමා මනස "ඔද්දල්" වන බව ප්‍රවීණ ලේඛිකා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අනුල ද සිල්වා පෙන්වා දෙන්නීය.
"ඒ ළමයි කොච්චර වෙහෙසනව ද අව්වේ?, ළමයින්ගේ අධ්‍යාපනය, නිර්මාණ ශක්තිය ඉහළ නංවන්න දිරි දෙනවා මිසක් මෙවැනි විකාර වැඩවලට දරුවන් යොදා ගැනීම හරිම මෝඩ වැඩක්."
ඇතැම් විට මෙවැනි අවස්ථා සඳහා සහභාගි වීමට ළමුන් කැමැත්තක් දැක්වුවද එවැනි දේවලට ළමුන් යොමු කිරීම නිවැරදි නොවන බව මිහිර පුවත්පතේ කතෘවරිය ලෙස ද කළක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අනුල ද සිල්වා සඳහන් කළාය.
"ළමා මනස අලුත් දේවල්වලට කැමතියි. දිග සරුංගලයක් හැදුවත් ළමයි ආසයි. දිග සාරි පොටකටත් ළමයින්ගේ ආශාවක් ඇති වෙයි සමහර විට, ඒ ළමා මනස. නමුත් මෙවැනි දේවලට යොමු කරන එක වැඩිහිටියන්ගේ දුර්වලකමක්," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
දේශපාලනය සහ පාසල් ළමුන්



කෙසේ නමුත් දේශපාලනඥයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සව සඳහා පාසල් දරුවන් යොදා ගැනීම ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක සිට පැවතෙන්නෙකි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රාජ්‍ය උත්සවයකට පාසල් ළමුන් සහභාගි නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2015 වසරේ දී පැවසීය.
ජාතික නිදහස් උළෙල සඳහා පාසල් දරුවන් යොදා නොගන්නා මෙන් තමා බලධාරීන්ට නියෝග කළ බව ඒ අවස්ථාවේ සඳහන් කළ ජනාධිපතිවරයා "මම සහභාගී වන කිසිම උත්සවයක පාසල් දරුවෝ ගෙනහල්ලා පාරේ තියන්න එපා. අව්වේ තියන්න එපා. මට පාසල් දරුවන්ගේ පෙළපාලි අවශ්‍ය නැහැ. පුංචි දරුවෝ ඇවිල්ලා විඳින දුක මම දන්නවා," යනුවෙන් ද පවසා තිබිණි.
නමුත් අධ්‍යාපනය සහ ඊට අදාළ වෙනත් ක්‍රියාකරකම්වලට පරිබාහිරව වෙනත් උත්සව අවස්ථා සඳහා පාසල් ළමුන් සහභාගි කර ගැනීම තවදුරටත් සිදු වෙමින් පවතින බව දැකිය හැක.


"ලැජ්ජ නැති වැඩක්"

_97978139_vlcsnap-2017-09-21-14h23m46s217.png


ලෝක වාර්තාව පිහිටුවීමේ අවස්ථාවට එක්ව සිටි මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක

ඉහත කී මංගල උත්සවය සඳහා පාසල් ළමුන් සහභාගී කරවා ගැනීමට එරෙහිව ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ පාසල් ළමුන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සහ අධ්‍යාපනය පිළිබඳ තැකීමක් නොකර දේශපාලන බලය යොදා ගනිමින් ඕනෑම දෙයක් කරන තැනට සමාජය පත්ව ඇති බවය.
"ළමයි දෙසිය පනහක් උදේ පාන්දර ඉස්කෝලෙට ගාල් කරලා, පාරවල් දිගේ හිටවලා. මොකටද? මේ දෙන්නෙක්ගේ සාරියේ දිග මනින්න. මේක ලැජ්ජ නැති වැඩක්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා පාසල් ළමුන් යොදා ගත හැකිය යන පූර්වාදර්ශය මෙමගින් ඇති වීමට ඉඩ ඇති බැවින් තමන් ඊට එරෙහිව ලිඛිත පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසීය.
එම ක්‍රියාව හෑල්ලුවට ලක් කර සමාජ ජාල තුළ අදහස් පළ වුවත් මෙවැනි ක්‍රියා අභියෝගයට ලක් නොකරන බව කී ඔහු "මේවත් නිකන් විනෝදයට පත්වන මාතෘකා බවට පත් කර ගන්නවා. ඒක සමාජ ජාල තුල පවතින නරක සම්ප්‍රදායක්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.



අධ්‍යාපන ඇමතිගෙන් නියෝගයක්


_96769460_lanka.jpg



මේ අතර මංගල උත්සවයක් සඳහා පාසල් කාලය තුළ දරුවන් සම්බන්ධ කර ගැනීම පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයා විසින් වාර්තාවක් කැඳවනු ලැබ ඇත.
අදාළ පාසල සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික පාසලක් නොවේ. එය මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසලකි.





කෙසේ නමුත් රේඛීය අමාත්‍යංශය ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයන් දිවයිනේ සියලු පාසල් සඳහා බලාත්මක බැවින් ඒ පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පාසල් කාලය තුළ දරුවන් වෙනත් බාහිර කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත්කර ඇති චක්‍රලේඛය මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන නිලධාරීන් හෝ විදුහල්පතිවරයා විසින් උල්ලංඝණය කර තිබේ ද යන්න පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.




 

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මම කිව්වේ මේකා අමුම අමු ජඩයෙක් කියලා....
    මූ හිතුවේ ඉස්කෝලෙකට සරත් ඒකනායක කියල බලෙන් දමා ගත්තම ඒක ඌට අයිති බූදලයක් කියලා...
    නුවර වටේටම ඉස්කෝල තියෙද්දී ඒ ඉස්කෝලෙන්ම ළමයි ගෙනාවේ ඔය වෙඩිම ගැන කියවෙන හැම වෙලාවකම ප‍්‍රධාන ආරාධිතයා සරත් එකනායක, පාසල සරත් ඒකනායක විද්‍යාලය....
    ඔය වේසාව දඩු කඳේ ගහන්න ඕන දැන් වැඬේ කෙළවුණහම බයිල ගහනවට...
    දැන් මාර ලොජික් තියෙන්නේ....
    කෝටි ගණන් ගෙවල් තියෙනවා අයිතිකාරයෝ නෑ....
    කෝටි ගණන් ගෙවල ගෙවල් කුළියට ගන්නව මිනිහ දන්නේ නෑ ගෑණි දන්නේ....
    තමන් අධ්‍යාපන ඇමති දරණ පළාත් පාසලක ළමයි අවභාවිත වෙනවා විතරක් නෙවෙයි ඒකේ ප‍්‍රධාන ආරාධිතයා ඒ ගැන වාර්තාවක් කැඳවනවලූ....

    හිනාවෙන්න එපා බං.... අඩපල්ලා... මේ වේස පුත්තු රටේ ජනතාව බත් කරන හරක් කියල හිතල අහවරයි...
    ඒකනේ මේ වගේ කැරි ආතල් අපෙන් ගන්නේ..... :baffled:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කෑවයිං කෑවේ නෑ එහෙම මගුලක්, හත්දොහක්ම මගුල කයි වගේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම කිව්වේ මේකා අමුම අමු ජඩයෙක් කියලා....
    මූ හිතුවේ ඉස්කෝලෙකට සරත් ඒකනායක කියල බලෙන් දමා ගත්තම ඒක ඌට අයිති බූදලයක් කියලා...
    නුවර වටේටම ඉස්කෝල තියෙද්දී ඒ ඉස්කෝලෙන්ම ළමයි ගෙනාවේ ඔය වෙඩිම ගැන කියවෙන හැම වෙලාවකම ප‍්‍රධාන ආරාධිතයා සරත් එකනායක, පාසල සරත් ඒකනායක විද්‍යාලය....
    ඔය වේසාව දඩු කඳේ ගහන්න ඕන දැන් වැඬේ කෙළවුණහම බයිල ගහනවට...
    දැන් මාර ලොජික් තියෙන්නේ....
    කෝටි ගණන් ගෙවල් තියෙනවා අයිතිකාරයෝ නෑ....
    කෝටි ගණන් ගෙවල ගෙවල් කුළියට ගන්නව මිනිහ දන්නේ නෑ ගෑණි දන්නේ....
    තමන් අධ්‍යාපන ඇමති දරණ පළාත් පාසලක ළමයි අවභාවිත වෙනවා විතරක් නෙවෙයි ඒකේ ප‍්‍රධාන ආරාධිතයා ඒ ගැන වාර්තාවක් කැඳවනවලූ....

    හිනාවෙන්න එපා බං.... අඩපල්ලා... මේ වේස පුත්තු රටේ ජනතාව බත් කරන හරක් කියල හිතල අහවරයි...
    ඒකනේ මේ වගේ කැරි ආතල් අපෙන් ගන්නේ..... :baffled:
    නුවර ලොකු ඉස්කෝලෙක ළමයි ඔහොම වැඩකට ගේන්න ගන්න එක කේස්, ඒ ප්‍රින්සිපල්ල කෙලින්ම අධ්‍යාපන අමාත්යන්සෙ එක්ක ගනුදෙනු කරන්නේ මහ ඇමතිව ගණන් ගන්නේ නෑ වැඩිය, දෙමවුපියොත් ඕවට ළමයි උස්සන් එන්න කැමති නෑ. පලාත් සභාවට අයිති පොඩි ඉස්කෝලෙකින් ගත්තම ප්‍රින්සිපල්ව ෂේප් කරගන්න පුළුවන්, අහිංසක දෙමවුපියෝ බර බරේ දාන්නෙත් නෑ නෙ. :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රින්සිපල්ට ගානක් දුන්නද දන්නෑ :) මේව ප්‍රින්සිපල්ලට හොඳ ආදර්ශ :yes: ආයෙ කාගෙ හරි උත්සවේකට ලමයි ඕනෙ වුනොත් පිනාට තියෙන්නෙ ලමයි ටිකක් දීල සල්ලි ගන්න එක :yes: ප්‍රින්සිපල් වැටුපට අමතරව ලමයි කුලියට දීලත් සල්ලි හෙව්වෑකි :yes: