සැගවුණු අමුත්තෝ

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    සැගවුණු අමුත්තෝ

    සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි.මේ ඒ සතුන් කිහිප දෙනෙක් පිළිබඳ විස්තරයක්...


    animals-1.jpg

    මේ දිවිමකුළුවා තමන්ගේ ශරීර වර්ණයට ගැලපෙන ස්ථානයක් සැගැවීම සොයාගෙන තිබේ


    animals-2.jpg

    මැඩගස්කර් දූපත්වල සිටින මේ උරගයන් විශේෂය මුහුදු වෙරළ ආසන්න ගල්පරමත ජීවත් වෙයි. ඔවුන්ගේ ශරීර වර්ණය එහි ගල්පරවල වර්ණයට බොහෝ සෙයින් සමානය


    0.jpg

    වනාන්තරයේ සැරිසරන විට හොඳින් පෙනෙන් ජිරාෆයන් අතරින් මේ ජිරාෆයා සැගැවී සිටින්නේ අපූරු ආකාරයකිනි


    animals-4.jpg

    බස්සන් තම පැටවනු බිහිකිරීම සඳහා තෝරාගන්නේ තම ශරීරවර්ණයට ගැලපෙන කඳන් සහිත ගස් බෙන බව මෙයින් පැහැදිලි වේ.


    animals-5.jpg

    මෙම අත්ත මත හූනකු සිටින බව හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ.


    animals-6.jpg

    මේ කුඩා කෘමියා තම වර්ණයට සුදුසු කඳක්මත වසා සිටින විට හඳුනාගැනීම අපහසුය


    animals-7.jpg

    මේ කටුසු විශේෂය පරිසරයට සුදුසු ලෙස වර්ණය වෙනස් කැරගෙන ඇත.


    animals-8.jpg

    කොළ රොඩු අතර සිටින සර්පයා පහසුවෙන් දර්ශනය වන්නේ නැත.


    animals-9.jpg

    පේර කොල අතර සිටින පේර කොළයා සත්ත්වයකු ද යන්න ගැටළුවක් වන තරමටම අනුවර්තනය වී තිබේ.


    animals-10.jpg

    කොළ රොඩු අතර සිටින සළඹයා හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ


    animals-11.jpg

    මේ දළඹු විශේෂය තමන්ට පෝෂණය සපයන ශාක පත‍්‍රයට ගැලපෙන ආකාරයටම අනුවර්ථනය වී තිබේ


    animals-12.jpg

    ගල් පර අතර සිටින මේ හූණා සහ පාෂාණ මතුපිට වෙන්කැර ගැනීම අපහසු කාර්යයකි


    animals-13.jpg

    තම පරිසරයේ බහුලව හමුවන ශාක පත‍්‍ර විශේෂයක ඇති දම්පැහැය මේ ගෙම්බාගේ ආරක්ෂාවට මහෝපකාරීවෙයි.


    animals-14.jpg

    දිරාගිය කොළයත් මේ සතාත් වෙනකැර හඳුනාගැනීම අපහසු කාර්යයකි.


    animals-15.jpg

    මෙම කඳෙහි ගස්ගෙම්බකු සිටින බව හඳුනාගැනීම අතිශය අසීරුය


    animals-16.jpg

    මේ සත්ත්වයාගේ ශරීරය සැකසී ඇත්තේ දිරාගිය කොළයක හැඩයට බැවින් ඔවුන් දිරාගිය පත‍්‍ර ඇති ගස් වඩාත් පි‍්‍රයකරයි.


    animals-17.jpg

    බිම වැටුණු දිරාගිය ශාකපත‍්‍රයක් නොව වන්දෙකි


    animals-18.jpg

    සර්පයෙක් සැගවී සිටින අයුරු


    animals-19.jpg

    මේ බස්සන් දෙදෙනා තම ශරීරයට ගැලපෙන ගසක් තෝරාගෙන විවේකයෙන් සිටින ආකාරය


    animals-20.jpg

    කුඩා කෘමියෙක් පරිසරයට උචිත ලෙස හැඩගැසී ඇති ආකාරය


    animals-21.jpg

    දිරාගිය කොළ අතර එක් කෘමියෙක් සිටියි


    animals-22.jpg

    මෙම පෘෂ්ඨයේ වසා සිටින සලබයා පරිසරයෙන් මනාව ආරක්ෂාකරීවේ


    animals-23.jpg

    ගසේ කඳේ පැහැයටම සිටින සලබයා


    animals-24.jpg

    මේ කුඩා සත්ත්වයා ද වඩාත් පි‍්‍රය කරන්නේ තම වර්ණයෙන්ම යුතු ශාක කඳන් මත ජීවත්වීමටයි.


    animals-25.jpg

    මේ කුරුළු ජෝඩුව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ශාක අතු දෙකක් මෙනි


    animals-26.jpg

    දිරාගිය පත‍්‍රයක් නොව සතෙකි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න අපෙ ගෙදරට ආපු කොමාන්ඩො සලබයා:Pඑලියෙ ගහක් හිටියා නම් හොයාගන්න බැරි වෙනවා :yes:
    2zftmoo.jpg

    නියම ත්‍රෙඩ් එක මචන්
    +ජයවේවා