එක් එක් අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියේය.
එක් හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්ථාවක ආරක්ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.
පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ මං දන්නා තරමට. ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.
ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට දොස් කියන්න ගියේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා. ත්රස්තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ විසිඅට දහසක් පමණ මියගියා. ඒ වගේ දෙගුණයක් සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද? උත්තරීතර ආරක්ෂක හමුදාව කිසි විටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්ෂක හමුදාවට කළ උසස් සේවය නිසයි. නැතිනම් දේශපාලනය නිසා නොවෙයි.


පොන්නසේකා ගැන නෙමේ මේ පොස්ට් එක හදපු එකා ගැන කතා කරමු ... මෙච්ච්ච්ර අමු අමුවේ සිංහල මිනිස්සුන්ව මරලා හාමුදුරුවරු මරලා දළදා මාලිගාවට ගහපු එකා සැබැ ත්රස්තවාදියා නෙමේලු ...තු නොදකින් ගං කබරයෝ





පොන්නසේකා ගැන නෙමේ මේ පොස්ට් එක හදපු එකා ගැන කතා කරමු ... මෙච්ච්ච්ර අමු අමුවේ සිංහල මිනිස්සුන්ව මරලා හාමුදුරුවරු මරලා දළදා මාලිගාවට ගහපු එකා සැබැ ත්රස්තවාදියා නෙමේලු ...තු නොදකින් ගං කබරයෝ
අගුලිමාලලත් රහත් උන ආගමක් බුදු දහම කියන්නෙ...කරුණ හිටපු ත්‍රස්තවාදියෙක් කියල හැමෝම දන්නව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ...ඒකෙන් අයින් වෙලා හොද මිනිහෙක් විදිහට ඉන්නවනම් ඉන්ඩ දීමයි වැදගත්....
කලවැද්දට හොදම දේ කරුණ දිහාබලලවත් හැදෙන එක..
