පාට පක්ෂ භේදයක් වැඩක් නෑ ..රට දියුණු වෙන්න වැඩ කරනවා නම් ...රට දියුණු කරන්න යම් යම් දැඩි තීරණ ගන්න ඕනි ..ඒවාට විවිධ පාර්ශව වලින් බලපෑම් එන්න පුළුවන් ..එත් කරන්න දෙයක් නෑ ..හැමෝම සතුටු කරන්න ගියොත් රටක් දියුණු කරන්න බෑ ...නමුත් වැඩේ තියෙන්නේ දැන් ඉන්න රජය ඉන්දියාවට ඕනි විධිහට නැටවෙන එක ....අපි යමක් කරනකොට එකේ අනාගතය දකින්න ඕනි ...දැන් etca එක අත්සන් කරනවා ...එකෙන් අපිට වෙන කිසිම හොදක් නෑ ...අපේ රටේ උගත් වෘත්තිකයන් නැත්තන් එයාලව බිහිකරන තැනට අපේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනි ..නැත්තන් අපි හැමදාම ඉන්දියාවේ වෘත්තිකයන් මත යැපෙන්න වෙන්නේ ...
.අපේ දේශීය නිෂ්පදයකන් ශක්තිමත් කරන්නේ නැතිව කොහොමද etca එකෙන් ඉන්දියාවට අපනයන කරන්නේ ...එකෙන් වෙන්නේ අපේ දේශීය නිෂ්පාදකයා තවත් දුර්වල වෙන එක..මොකද ඉන්දියාවේ නිෂ්පාදන අපේ වෙළදපොලට අඩු මිලට වැඩිපුර එනකොට අපේ අයට ව්‍යාපාර වහන්න තමයි වෙන්නේ ..
අපි රටක් විධිහට තීන්දු තීරණ ගන්න ඕනි රට ගැන හිතලා ...රනිල්ගේ එක දෙයක් මම අගය කරනවා ..එක තමයි පුළුවන් තරම් රටට විදේශීය ආයෝජන ගෙන්න උත්සහ කරන එකට ..එතකොට තමයි විදේශීය තාක්ෂණය ලැබෙන්නේ , රැකියා අවස්ථා ඇති වෙන්නේ...චීනය අද දියුණු වෙලා ඉන්නේ එයාලගේ නිෂ්පාදන වලින් නෙවෙයි ...අද ඕනිම ප්‍රසිද්ධ නිෂ්පාදනයක් ගත්තත් මවු සමගම ඇමෙරිකාවේ උනත් නිෂ්පාදනය චීනයේ .....ඒ වගේ අපේ රටෙත් කර්මාන්තශාලා ඇති වෙන්න ඕනි ...එතකොට මිනිස්සුන්ට සල්ලි ලැබෙනවා..සල්ලි ලැබෙනකොට එයාලගේ ජිවන තත්වය උසස් වෙනවා ...එතකොට එයාලගේ අවශ්‍යතා එකින් එක සපුරාගෙන දියුණු වෙන්න පටන් ගන්නවා ..