~ සිංහරාජ වනාන්තරය ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ සිංහරාජ වනාන්තරය ~

    ~ සිංහරාජ වනාන්තරය ~

    sinharaja2.bmp

    lankalibrary

    1978 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ‘ජාත්‍යන්තර ජෛව ගෝලීය රක්ෂිතයක්’ ලෙස නම් කරන ලද සිංහරාජ වනය, යුනෙස්කෝව විසින් 1988 දී ‘ලෝක උරුම වනාන්තරයක්’ ලෙස නම් කරන ලදී. එය සතු ශ්‍රී ලංකාවටම ආවේණික වූ ජෛව විවිධත්වය එසේ නම් කිරීමට හේතු විය.

    තෙත් කළාපයෙහි නිරිත දිග ඉසව්වෙහි හෙක්ටයාර් 6000 ක් පුරා පැතිරී ඇති සිංහරාජ වනය, ශ්‍රී ලංකාවෙහි පිහිටි මිනිස් පහසින් නොකෙළෙසුන එකම වනයයි. තවද එය ලොව පවතින ‘තෙත් වර්ෂා වනාන්තර’ සුළු ප්‍රමාණයට ද අයත් වේ.

    sinharaja-1.jpg

    pic from here

    sinharaja_map.jpg


    Figure4.jpg

    Prominent peaks in the Sinharaja area (Survey Department -Rakwana sheet, 1973)

    Figure5.jpg

    Drainage map of Sinharaja (adapted from Merrit and Ranatunga, 1959)

    1 Koskulana Ganga 6 Maha Ganga 2 Kudawa Ganga 7 Maha Dola 3 Pitakele Ganga 8 Gin Ganga 4 Kalukandawa Ela 9 Gin Ganga 5 Napala Dola 10 Aranuwa Dola

    392-7-the-sinharaja-forest-reserve.jpg

    image from here

    sinharaja-forest-reserve.jpg

    srilanka traveller

    මෙම වනය විවිධ සතුන්ගේ රජ දහනකි. ලංකාවටම ආවේණික වූ පක්ෂීන්ගෙන් 85% ක් පමණ ද, ක්ෂිරපායින්, උරගයින් හා සමණළයින්ගෙන් 50% ක් පමණ ද සිංහරාජ වනයෙහි දිවි ගෙවති.
    ඉන් කිහිප දෙනෙකු නම්: ‘කළු වඳුරා’, ‘වෙද ගොළු බෙල්ලා’, ‘යෝධ මකුළුවා’, ‘කැහිබෙල්ලා’, ‘ශ්‍රී ලංකා සිතැයියා’, ‘ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා’ හා ‘තෙත් කළාපීය උලමා’ යන්නන් ය.


    site_0405_0001.jpg

    image credit Nirudha Perera

    sin_raja_fauna.jpg


    butterfly_sinharaja.jpg

    pic from here

    sinharaja_rf_birds.jpg
    sinharaja_yellow_bird.jpg

    pics from here

    sinharaja_lizard.jpg

    pic from here

    gira_mailththa.jpg

    image credit Kasun Salindra Dayananda

    indian_robin.jpg

    image credit Kasun Salindra Dayananda

    nethkahathana_demalichcha.jpg

    image credit Kasun Salindra Dayananda

    mal_pilihuduwa.jpg

    image credit Kasun Salindra Dayananda

    එමෙන්ම, විවිධ වර්ගයෙහි කෘමින් හා දුර්ලභ ගණයෙහි උභය ජීවින් ද එය සතුය.

    rana_gracilis2.jpg

    image credit Kasun Salindra Dayananda

    rana_gracilis3.jpg

    image credit Kasun Salindra Dayananda

    unidentified_frog2.jpg

    image credit Kasun Salindra Dayananda

    unidentified_frog1.jpg

    image credit Kasun Salindra Dayananda

    blue_tiger.jpg

    image credit Kasun Salindra Dayananda

    sinharaja-4.jpg

    pic from here

    sinharaja-5.jpg

    pic from here

    sinharaja-6.jpg

    pic from here

    sinharaja-7.jpg

    pic from here

    sinharaja-8.jpg

    pic from here

    sinharaja-9.jpg

    pic from here

    සිංහරාජ වනය විවිධ වර්ගයෙහි වෘක්ෂ හා පැළැටිවලින් ද පොහොසත්ය. එහි පවතින වෘක්ෂ වලින් 64% ක්ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. විවිධ වර්ගයෙහි ඖෂධ වර්ග ද වනය සතුය.
    සිංහරාජ වනයෙහි පිහිටි ‘බටු නා’, බිමට පහත් වූ තද රත් පැහැති පත්‍ර වලින් යුත් දර්ශනීය වෘක්ෂයකි. ‘බැදි දෙල්’ වෘක්ෂය, අවශ්‍යතා කිහිපයක් සඳහා ගැමියන් විසින් පාවිච්චි කරනු ලැබේ. එහි ගෙඩි රසවත් ආහාරයකි. ගසෙහි කඳ කොටස ධීවර කර්මාන්තය සඳහා වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා යොදා ගනී.
    දම් පැහැති පෙති සහිත මැද කොටස කහ පැහැති ‘බිනර’ මල් සැප්තැම්බර් මස සිට ඊළඟ වසරේ ජුනි මස දක්වා වූ කාල පරාසය තුළ දක්නට ලැබේ. එමෙන්ම, බාඳුරා වැල් හා විවිධ වර්ගයෙහි හතු වර්ග ද වනය විචිත්‍රවත් කරවයි. සිංහරාජ වනය තුළ මිනිසුන් සුළු පිරිසක් ද වාසය කරන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වනු ඇත. ඔවුන් තම අවශ්‍යතා සපුරා ගන්නේ වනය ආශි‍්‍රතව ඇති ආහාර ද්‍රව්‍ය, කුළු බඩු, උණබම්බු හා වේවැල් වැනි ගස් වැල් උපයෝගී කර ගනිමිනි. වනය තුළ ඔවුන්ගේ සංචාරයන් පහසු කරගැනීම පිණිස එහි සියුම් අඩි පාරවල් සකසා ගෙන ඇත.

    Morning_mist_in_Sinharaja.JPG

    wiki

    sinharaja-3.jpg

    pic from here

    අනවසර ගස් කැපීම්, මැණික් ගැරීම, අනවසර වගා මෙන්ම ගව පාලනය ද සිංහරාජ වනයට තර්ජනයක් ගෙන දෙයි. මෙම අනවසර ක්‍රියා වැළැක්වීමට පියවර ගැනීම අපගේ යුතුකමයි.

    උපුටා ගැනීම සිළුමිණ