සිංහලයාමද????

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඔය අදහස් නම් කවදාවත් තියාගන්න එපා. ඔහොම අදහස් නිසා තමයි අද දෙමලු අපිට අරිද්දි අපි වෙනුවෙන් මොකෙක් වත් නැත්තේ. දෙමල මුස්ලිම් දෙගොල්ලොම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපේ අය පුහු මානයක් සහ හීන මානයක් නිසා සිංහල විතරයි මතයක් ගොඩ නගන්න හදනවා. අන්තිමට මෙහෙට පොරවල්. පිට නිකම්ම වහල්ලු.
    අපි කරන්න ඕන අනිත් අයත් පහලට අදින්න නෙවෙයි. අපිත් ඉහලට යන්න.
    සිංහල ගැන ආඩම්බර වෙන්න ඕන. හැබැයි ප්‍රායෝගිකව ලෝකය දිහා බලන්න ඕන. මමත් ගොඩක් ඉංග්‍රීසි තමයි කතා කරන්නේ. හැබැයි ෂෝ එකටවත් ජාතිය අමතක වෙලාවත් නෙවෙයි. මම හොඳට සිංහල දන්නවා.

    මචං උඹ පටලවාගෙන ඉන්නෙ.. උඹ ඉංග්‍රීසි කතා කරන්නෙ ඒක නිතර භාවිතය නිසා තවත් උඹෙ ඉංග්‍රීසි දියුනු වෙයි කියන අදහසින් නම් ඒක හොදයි... සමහර කෙනෙකුට ඉංග්‍රීසි භාවිතය අනිත් භාශා වලට වඩා ලේසි වෙන්න පුලුවන්.. ඒ ශෝ එකට නෙවෙයිනෙ..මොකද ඉංග්‍රීසි නැතුව දුප්පත් රටක් වන අපේ රටේ හොද රැකියාවකට යන්න සහ ලෝකය සමග තරග කරන්න අමාරුයි..
    හැමදාම වංසෙ කබල් ගානවා වගේ සිංහලම තියාගෙන ලොටන්න අමාරුයි..
    ඒත් මචං ඕකෙ අනිත් කතන්දරේ තමයි මට මගේ අභිමානයක් තියනවා මගේ ජාතිය ගැන..
    උඹ කියනව වගේ ඒක උඹටත් තියෙන්න පුලුවන්..
    හැබැයි මේ යන විදියට කාලෙකදි සිංහල භාශාව නැති වෙලා ගිහින් ලංකාවෙ තැඹිලි කපන මිනිහත් ඉංග්‍රීසි කතා කරොත් මොකද වෙන්නෙ...
    එහෙම කාලෙකදි අපිට අපේ මුල කියල සිංහල අමුතුවෙන් ඉගන ගන්න වෙනව නේද??
    හරියටම කියනව නම් අපි අද පාලි ඉගන ගන්නව වගෙ..
    එතකොට මොඩිෆයි ජාතික ආලයක් ඉතුරුවෙයි..
    හිතපං බටහිර රටක අවුරුදු උත්සවයකදි සමහර ලාංකිකයන් ගෙ ලමයි යන්තම් කටපාඩම් කරල අමාරුවෙන් සිංහල සිංදුවක් කියද්දි උඹ හිතනවදා ඒ ලමයිගෙ පරම්පරා 2ක් ගිය තැන ඒ සිංහල රැකෙයි කියලා.. ඒවා වලක්වන්න පුලුවංද???
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙහෙමයි මචන්. මෙතන කතා කෙරෙන්නෙ ඔය කොහේ හරි ගමකින් කොළඹ ඇවිත් ඉංග්‍රීසි ඉගෙන ගෙන ෂෝ එකට කතා කරන උන් ගැන. ඒත් කොළඹ ගොඩක් ඉන්නවා ඉංග්‍රීසි පළමු බස විදිහට කතා කරන අය. ඒ අය ට වැරද්දක් කියන්න බෑ. ඒ ගොල්ලෝ පුළුවන් වේලාවට සිංහල ඩ්රාමා එකක් බලන්න යනවා. ඒක හරියට අපි හින්දි ෆිල්ම් එකක් බලනවා වගේ.
    මම නම් කියන්නේ ගමේ ගොඩේ පවා ඉංග්‍රීසි හොඳට උගන්නන්න ඕන. කතා කරන්න ඕන.
    මචන් ඉංග්‍රීසි නිතරම කතා කරන එකාගෙයි හදිස්සියට විතරක් කතා කරන එකාගෙයි ලොකු වෙනසක් තියනවා භාෂා නිපුනත්වයේ.
    කවුරු හරි ඉංග්‍රීසි කතා කරන්නේ ෂෝ එකට නෙවෙයි මචන් කොළඹ ඉහල සමාජයේ නම්.

    prasnayata enne nedda sinhala ekekge pradhana basa english une kohomada kiyala :) wena jathiyaka kenek nam sinhala bari unata kamak naha... sinhala ewunta bari ekane awula ban... demala minissuntat sinhala puluwan. Muslim ewuntat puluwan... onna otana tamai machan hadganna oni...

    රටකට ඉස්සරහට යන්න ඉන්ග්‍රීසි අනිවාර්යෙන් ඕන කියනසුද්දා පතුරපු දෙයක්. උදාහරනයක් විදියට ජපානෙ වගේ රටක් ගත්තොත් එහෙ උදැල්ලෙ ඉඳලා හඳට යවපු රොකට් එක දක්වා හැම දෙයක්ම ජපන් භාෂාවෙන් හදලා තියෙන්නෙ. උන් ලෝකෙට අනුගත වෙනව කියලා ඉන්ග්‍රීසි පස්සෙ දුවන්නෙ නැහැ. වෙන රටක එකෙක් එහෙ යනවනම් අනිවා ජපන් ඉගෙනගෙන යන්න ඕන. අන්න ඒකයි උන්ගෙ වැදගත් කම, එහෙම වුනා කියලා ජපානෙ කොන් වෙලා තියෙනවද? ලන්කාවට එච්චර දෙයක් බැරි වුනත් මෙහෙ අඩුම තරමෙ රට ඇතුලෙවත් සින්හල භාෂාවට ප්‍රමුඛතාව ලැබෙන්න ඕන.

    :yes: thawa apita naya dena CHINA... lokaye wediya pawichchi karana bashawa Chinese
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    prasnayata enne nedda sinhala ekekge pradhana basa english une kohomada kiyala :) wena jathiyaka kenek nam sinhala bari unata kamak naha... sinhala ewunta bari ekane awula ban... demala minissuntat sinhala puluwan. Muslim ewuntat puluwan... onna otana tamai machan hadganna oni...

    :yes: thawa apita naya dena CHINA... lokaye wediya pawichchi karana bashawa Chinese

    එක තමා,මම මේ ලඟදි දවසක ඩර්ඩන්ස් එකට ගියා චැනල් පාරක් දාන්න,එ සැරේ මට ඉස්සරහින් හිටියා ගැණු ළමයෙකුයි අප්පච්චි කෙනෙකුයි (අමු සිංහල) ඉට එහා හිටියේ මුස්ලිම් ගැණු ළමයි දෙන්නෙකුයි අම්මා කෙනෙකුයි,වැඩේ කියන්නෙ අපේ සිංහල කෙල්ල එක වචනයක් කතා කලේ නැ සිංහලෙන්,ඉංග්‍රීසියෙන් අහපු හැම එහෙකටම අර අප්පා හැබැයි උතතර නම් දුන්නේ සිංග්ලිශ් වලින්,එත් එ විදියට අර මුස්ලිම් මිනිස්සු හැසිරුනේ නැ,මට ඇත්තටම එ වෙලාවේ සිංහල වෙලා ඉපදුනු එක ගැන දුක හිතුනා,අපේ අයට අපේ කම අපේ භාෂාව ගැන අභිමානයක් නැ.එහෙම සමාජයක අපි උපන් එකත් පවක්,එකනේ අනගාරික ධර්මපාල තුමාටත් සිංහලයාව අන්තිමට එපා වුනේ,එතුමාගේ අවසාන ප්‍රර්තනාව උනේ ශ්‍රි ලංකාවේ යලිත් ඉපදෙන්නෙත් එපා කියලයි.

    චිනය මැතකදි මාධ්‍ය වල චිංග්ලිශ් භාවිතා කිරිම සපුරා තහනම් කලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    @ Jack_Sparrow

    සහෝ ඔක ඇස් ඩබ්ලිව් ගේ අදහස් නෙමෙයි ඔකේ පිටිපස්සෙ හිටියේ ප්‍රෙමකුමාර එපිටවල වගේ අය,එ අය තමා බණ්ඩාරනායක මහත්තයාට සිංහල බස රාජ්‍ය බස කරන්න කියලා පිටිපස්සෙ ඉඳන් යොජනා කලේ,ඔයා දන්නවාද බණ්ඩාරනායක මහත්තයා ඔක්ස්ෆර්ඩ් එකේ ඉඳන් එනකොට සිංහල වචනයක් බැ,පස්සෙ හාමුදුරුවෝ කෙනෙක් තමා සිංහල ඉගැන්වුවේ (දැන් මට එ ස්වාමින්වහන්සේගේ නම මතකයට එන්නෙ නැ) එත් හැම මොහොතකම බණ්ඩාරනායක මහත්තයා කතා කලේ ඉංග්‍රීසි භාෂාවෙනුයි,ජනයා අමතන කොට විතරයි සිංහල වලට බහින්නෙ,ඔන්න ඔකයි තත්වේ,ප්‍රෙමකුමාර මහත්මයා මුනගැහෙන්න අවසාන වරට මම කන්දේ වළව්වට ගියේ 2009 දි,පහතින් තියෙන්නෙ මම 2008 දි එහේ ගිය වෙලාවක ගත්තු ඡායාරූපයක්.

    http://commons.wikimedia.org/wiki/File:Premakumara_Epitawala_(1917-2010).JPG

    Premakumara Epitawala (1917-2010)

    අන්න නියම සිංහලයෝ,කතා කලත් සිංහල කම බෙරෙනවා ,බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය බස කරලා ඉංග්‍රීසිය නැත්තටම නැති කලා,එකෙන් උනේ ලංකාවේ පංති දෙකක් ඇති උනු එක විතරයි,නමුත් එක නෙරු කිසිම දවසක කලේ නැ නෙරු හින්දි බස රාජ්‍ය බස කරලා ඉංග්‍රීසියත් තිබ්බා පැත්තකින්,සිංහල රාජ්‍ය බස කරපු එක වෙන්න ඔනම දෙයක් එ කාලේ හැටියට එත් ඉංග්‍රීසිය නැති කරපු එක නම් මහා අපරාදයක්,එක කලේ පංති දෙකක් නිර්මාණය කිරිම සඳහමයි,වරක් මට ජ්‍යෙෂ්ඨයෙක් මෙහෙම කතාවක් කිව්වා "පුතා බණ්ඩාරනායකගේ බැනියම යට හිට්යේ සුද්දෙක් නමුත් ඩි.එස් ගේ කොට් එක යටින් හිටියේ සිංහලයෙක්" (එක කොතරම් සත්‍ය දැයි මම කියන්න නොයමි)

    වරක් මැතිනිගේ (සිරිමාගේ) කාලයේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියේ අත්තනගල්ලේ ඉංග්‍රීසි පන්තියක් දමමුයි කියලා තියනවා (ගමේ දුප්පත් ළමයින්ට ඉංග්‍රීසි බස උගනිමට) එ වෙලේ සිරිමා කියලා තියෙන්නෙ මෙහෙම කතාවක් "අනේ නායක හාමුදුරුවනේ එහෙම උනොතින් අපේ වත්තෙ පොල් කඩන්න එකෙක් නැති වෙයි)

    SWRD bandarayake lankawata eddi sinhala ba kiyana eka piligannawa.. eth e manussaya ange duwanne suddeknam kelinma sinhala kapala danna tibba...
    nattam sadda natiwa inna tibbane :) poddak hitanna rata maha jathiya sinhala wela, pradhana bhashawa sinhala wela ada sinhalu ki denekta sinhala barida???
    Panthi 2k bandaranayake haduwe naha machan ape minissu hadagatta....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එක තමා,මම මේ ලඟදි දවසක ඩර්ඩන්ස් එකට ගියා චැනල් පාරක් දාන්න,එ සැරේ මට ඉස්සරහින් හිටියා ගැණු ළමයෙකුයි අප්පච්චි කෙනෙකුයි (අමු සිංහල) ඉට එහා හිටියේ මුස්ලිම් ගැණු ළමයි දෙන්නෙකුයි අම්මා කෙනෙකුයි,වැඩේ කියන්නෙ අපේ සිංහල කෙල්ල එක වචනයක් කතා කලේ නැ සිංහලෙන්,ඉංග්‍රීසියෙන් අහපු හැම එහෙකටම අර අප්පා හැබැයි උතතර නම් දුන්නේ සිංග්ලිශ් වලින්,එත් එ විදියට අර මුස්ලිම් මිනිස්සු හැසිරුනේ නැ,මට ඇත්තටම එ වෙලාවේ සිංහල වෙලා ඉපදුනු එක ගැන දුක හිතුනා,අපේ අයට අපේ කම අපේ භාෂාව ගැන අභිමානයක් නැ.එහෙම සමාජයක අපි උපන් එකත් පවක්,එකනේ අනගාරික ධර්මපාල තුමාටත් සිංහලයාව අන්තිමට එපා වුනේ,එතුමාගේ අවසාන ප්‍රර්තනාව උනේ ශ්‍රි ලංකාවේ යලිත් ඉපදෙන්නෙත් එපා කියලයි.

    චිනය මැතකදි මාධ්‍ය වල චිංග්ලිශ් භාවිතා කිරිම සපුරා තහනම් කලා.

    machan mage uppanne tiyenne sinhala nemei... mama hadune sinhala samjayaka katha karanne sinhala igenagatte sinhala buddagama ekai mechchara sinhala jathiya wenuwen ka gahanne.. kiyanna dukai samahara sinhala minissunta sinhala kama amataka wela
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හි කයින්ඩර්ගාර්ටනයට පෙර පාසැල කිව්වොතින් මොන්ටිසුරියට මක්කැයි කියන්නෙ ? :D

    http://www.thinkvidya.com/a/montess...education-is-there-any-significant-difference

    මොන්ටිසෝරි කියන්නේ ඔතනට අනුව එගැනිවීම් මාධ්‍යයක් , නමුත් කින්ඩර්ගාර්ඩන් කියන්නේ අධ්‍යාපන පද්ධතියක්. ඒක නිසා මොන්ටිසෝරි ක්‍රමය තරුන කොල්ලන්ටත් ගැලපෙනවා කියනවා. පෙරපාසැල ඊට පස්සේ 1,2, 3 etc... ඔන්න ඕකයි ඔතන කියන්නේ.

    ඔතන කිව්වා වගේ මොන්ටිසෝරි ක්‍රමයේදි වෙන්නේ නිර්මාණශීලි වෙන්න උගන් වන එකයි, තමන්ගේ අදහස් විවෘතව ප්‍රකාශ කරන්න උගන් වන එකයි ඒ වගේම ගුරුවරු හැඩගැහෙන්න ඕනේ ළමයින්ට අනුව ඒ වගේම ගුරුවරු තනි තනියෙන් හැම කෙනාටම අවධානය දෙනවා. නමුත් කින්ඩර්ගාර්ඩන් එකේදි ළමයි හැඩගැහෙන්න ඕනේ ගුරුවරුන්ට අනුව. මොන්ටීසෝරි ක්‍රමය මාධ්‍යයක් නිසා පොඩි ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ට වුනත් දෙන්න පුලුවන් ඒ වගේම ඒක කින්ඩර්ගාර්ඩන් එකේදි වුනත් දෙන්න පුලුවන් නමුත් ලංකාවේ සාමානා‍යෙන් මේ මාධ්‍යයෙන් අධ්‍යාපන දෙන්නේ කින්ඩර්ගාර්ඩන් එකේදි විතරයි.

    කින්ඩර්ගාර්ඩන් කියන්නේ අධ්‍යාපන පද්ධතියක් නිසා ඒක දෙන්න පුලුවන් පොඩි ළමයින් විතරයි. එතකොට මොන්ටිසෝරි එකට බාලාංශය කියන්න බෑ මොකද බාලාංශය කියන්නේ බාල + අංශය = එකෙන් අදහස් වෙන්නේ අධ්‍යාපන මාධ්‍යයක් ගැන නෙවෙයි යම් කිසි අංශයක් (පොඩි ළමයින්ටම තියෙන) ගැනයි. ඕකේ තව කියනවා කින්ඩර්ගර්ඩන් දෙන්නේ අවුරුදු 3-5 ට කියලයි කියලා සාමාන්‍යයෙන් බාලාංශය තියෙන්නේ මේ වසර වලයි ළමයෙක් 1 වසර එන්නේ අවුරුදු 6 ක් වුනාට පස්සෙයි. එතකොට කින්ඩර්ගාර්ඩන් කියන්නේ පෙරපාසැලටයි. නමුත් ඔතන කියනවා මොන්ටිසෝරි ක්‍රමය තරුන කොල්ලන්ටත් ගැලපෙනවා කියලා එතකොට ඒක පෙරපාසැලක් වෙන්නේ නෑ. ඒක යම් කිසි මාධ්‍යයක් විතරයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @ Jack_Sparrow

    බණ්ඩාරනායකවරු පරම්පරාගත සිංහල නෙමෙයි සහෝ එක ඔයා දන්නවාද ?

    ඔවා ගම්පහ මිනිස්සු නම් දන්නවා,බණ්ඩාරනායකලාගේ මුල් පුරුක තියෙන්නෙ ඉන්දියාවේ,එයාලගේ ඇත්ත නම පණ්ඩාරනයගම්,මේ ගැන ඔනේ නම් දිර්ඝ විස්තරයක් කරන්න පුළුවන්,බණ්ඩාරනායක ඔය ඔක්කොම කලේ චන්ද ගන්න මිසක් ඇත්ත ආලයකින් නම් නෙමෙයි,බණ්ඩාරනායක සිංහල බස රාජ්‍ය බස කිරිමේ පි‍ටු පස නම් හිට්යේ අර මුලින් මම කිව්ව කෙනයි,තව කිහිප දෙනෙකුයි තමා,එකාලේ ඉගන ගත්තු හැමොටම වගේ (සෙන්ට්‍රල් වල පවා) ඉංග්‍රීසි වගේම සිංහලත් හොඳින් පුළුවන්,තව එකාලේ ඉංග්‍රීසි මාධ්‍යන් ඉගනගත්තු අය පාලිත් පාසෙලෙදි කලා,මම දැන ගන්නත් එක්ක එ පොතේ නමත් කියන්නම් (බුද්ධදත්තා හාමුදුරුවන්ගේ පාලි 1,2,3 සහ ජ්‍යෙෂ්ඨය)

    ඔය අපේ උගත්තු ඔක්කොම එ කාලේ ඉංග්‍රීසි බසින් අධ්‍යපනය ලබපු අය,එ අය ඉංග්‍රීසියෙන් අධ්‍යපනය ලැබුවාට හොඳ සිංහල සහ පාලි දැනිමකුත් එ හාම ලැබුනා,ඔය එදිරිවීර සරත්චන්ද්‍රලා,මලලසේකරලා,මැන්දිස් රොහණ දිරලා,පරණවිතානලා,වගේ උගත්තු ඔක්කොම එහෙම ඉගෙන ගත්තු අය තමා.තව කියන්න නම් බොහෝ අය ඉන්නවා,වැඩේ කියන්නෙ එ අය ඉංග්‍රීසියෙන් අධ්‍යපනය ලැබුවාට ජාතිකතවය සහ සිංහල බසේ වැදගත් කම පුංචි කාලේදිම වටහලා දෙන්න එ ගුරුවරු කටයුතු කලා.

    එ අයට ඉංග්‍රීසිය අමුතු දෙයක් උනේ නැ ඉංග්‍රීසියෙන් අධ්‍යපනය ලබපු නිසා,එවාගේම සිංහල අමුතු දෙයක් උනෙත් නැ සිංහල මව් බස විමත් පාසැලෙදි විශයක් හැටියට ඉගනිමත් හා ඉට අදාලම විශයක් වන පාලි වැනි විශයන් පාසැලෙදි උගන්වපු නිසත්,ඉට අමතරව ඉරිදා පන්සලෙනුත් සිංහල වගේම සංස්කෘත වගේ භාෂාවලුත් එ කාලේ උගන්වලා තියනවා,ඔන්න ඔකයි එ කාලේ තිබුන අධ්‍යපන රටාව,නමුත් බණ්ඩාරනායක ඉංග්‍රීසිය නැති කලාට පස්සෙ ඉලඟට ආපු අයට ඉංග්‍රීසිය මැජික් උනා,එ පාර කට්ටිය සිංහල ඉගනගන්න එක අමතක කරලා ඉංග්‍රීසිය බැරි බැරියාවෙන් පෙලිමේ ලෙඩේ සුවපත් කොරගන්න ඉංග්‍රීසි ටියුශන් කඩ ගානේ බඩ ගන්න ගත්තා.තෙරුනාද ?

    ලංකාවේ රාජ්‍ය බස විය යුත්තෙ සිංහල බසය,එය පිලිබඳව කිසිදු විවාදයක් නැත,එය කිරිමත් මහගු ක්‍රියාවක් බව මම පිලිගන්නවා,එත් ඉංග්‍රීසිය පාසැල් පද්ධතියෙන් අතු ගා දමා තමන්ගේ පංතියට පමණක් එය සිමා කල අය ගැන මට ඇත්තෙ දැඩි පිලිකුලකි.
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මෙතන කිව්වා කොලඹ උසස් සමාජයේ භාවිතා වෙන ප්‍රධාන බස ඉංග්‍රීසි කියලා... ඒ උසස් සමාජය මීට පරම්පරා කීයක ඉදන් ඉංග්‍රීසි පාවිච්චි කරාද??
    2ක් 3ක් 10ක් ... ඒ කියන්නෙ යම්කිසි පරම්පරාවක් ශෝ එකට ඉංග්‍රීසි පාවිච්චි කරල අද වෙන කොට පස්සෙ පරම්පරාවක පලමු බස වෙලා තියනවා...
    සුද්ද ඉන්න කාලෙ ඉදන්ම එයාලගෙ පලමු බස ඉංග්‍රීසි උනා නම් ලන්දේසි කාලෙ ඉවර වෙද්දි හිටපු එයාලගෙ පරම්පරාව ශෝ එකට ඉංග්‍රීසි වෙලා තියනවා..
    එතකොට දැං ශෝ එකට ඉංග්‍රීසි පාවිච්චි කරන උන් ගෙ ලමයි පරම්පරා ගානකදි අර වගේම වෙනවා නේද??
    අනාගතේ තැඹිලි කපන කෙනාත් ඉංග්‍රීසි වලට මාරු උනාම ශ්‍රී ලන්කාව ඉංග්‍රීසි සංස්කෘතියක් තියන සුදු නොවන මිනිස්සු ඉන්න රටක් වේවි..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @ හඳගල මහතාට :D

    සහෝ කිංදර්ගාර්නඩයට ගියේ මොන්ටිසුරි යන්න කලින්,මට මතකයි මම කිං දර්ගර්ඩන් උත් හිටියේ ඉට පස්සෙ මොන්ටිසුරිත් ගියා.ඔව් ඔය ඔක්කොට පෙර පාසැල් කියන්න ඇහැකි නෙද :confused: ලංකාවේ මෙවා වෙනත් රටවල් වලට වඩා වෙනස් ආකාරයකටද මන්දා වෙන්නෙ ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    @ Jack_Sparrow

    බණ්ඩාරනායකවරු පරම්පරාගත සිංහල නෙමෙයි සහෝ එක ඔයා දන්නවාද ?

    ඔවා ගම්පහ මිනිස්සු නම් දන්නවා,බණ්ඩාරනායකලාගේ මුල් පුරුක තියෙන්නෙ ඉන්දියාවේ,එයාලගේ ඇත්ත නම පණ්ඩාරනයගම්,මේ ගැන ඔනේ නම් දිර්ඝ විස්තරයක් කරන්න පුළුවන්,බණ්ඩාරනායක ඔය ඔක්කොම කලේ චන්ද ගන්න මිසක් ඇත්ත ආලයකින් නම් නෙමෙයි,බණ්ඩාරනායක සිංහල බස රාජ්‍ය බස කිරිමේ පි‍ටු පස නම් හිට්යේ අර මුලින් මම කිව්ව කෙනයි,තව කිහිප දෙනෙකුයි තමා,එකාලේ ඉගන ගත්තු හැමොටම වගේ (සෙන්ට්‍රල් වල පවා) ඉංග්‍රීසි වගේම සිංහලත් හොඳින් පුළුවන්,තව එකාලේ ඉංග්‍රීසි මාධ්‍යන් ඉගනගත්තු අය පාලිත් පාසෙලෙදි කලා,මම දැන ගන්නත් එක්ක එ පොතේ නමත් කියන්නම් (බුද්ධදත්තා හාමුදුරුවන්ගේ පාලි 1,2,3 සහ ජ්‍යෙෂ්ඨය)

    ඔය අපේ උගත්තු ඔක්කොම එ කාලේ ඉංග්‍රීසි බසින් අධ්‍යපනය ලබපු අය,එ අය ඉංග්‍රීසියෙන් අධ්‍යපනය ලැබුවාට හොඳ සිංහල සහ පාලි දැනිමකුත් එ හාම ලැබුනා,ඔය එදිරිවීර සරත්චන්ද්‍රලා,මලලසේකරලා,මැන්දිස් රොහණ දිරලා,පරණවිතානලා,වගේ උගත්තු ඔක්කොම එහෙම ඉගෙන ගත්තු අය තමා.තව කියන්න නම් බොහෝ අය ඉන්නවා,වැඩේ කියන්නෙ එ අය ඉංග්‍රීසියෙන් අධ්‍යපනය ලැබුවාට ජාතිකතවය සහ සිංහල බසේ වැදගත් කම පුංචි කාලේදිම වටහලා දෙන්න එ ගුරුවරු කටයුතු කලා.

    එ අයට ඉංග්‍රීසිය අමුතු දෙයක් උනේ නැ ඉංග්‍රීසියෙන් අධ්‍යපනය ලබපු නිසා,එවාගේම සිංහල අමුතු දෙයක් උනෙත් නැ සිංහල මව් බස විමත් පාසැලෙදි විශයක් හැටියට ඉගනිමත් හා ඉට අදාලම විශයක් වන පාලි වැනි විශයන් පාසැලෙදි උගන්වපු නිසත්,ඉට අමතරව ඉරිදා පන්සලෙනුත් සිංහල වගේම සංස්කෘත වගේ භාෂාවලුත් එ කාලේ උගන්වලා තියනවා,ඔන්න ඔකයි එ කාලේ තිබුන අධ්‍යපන රටාව,නමුත් බණ්ඩාරනායක ඉංග්‍රීසිය නැති කලාට පස්සෙ ඉලඟට ආපු අයට ඉංග්‍රීසිය මැජික් උනා,එ පාර කට්ටිය සිංහල ඉගනගන්න එක අමතක කරලා ඉංග්‍රීසිය බැරි බැරියාවෙන් පෙලිමේ ලෙඩේ සුවපත් කොරගන්න ඉංග්‍රීසි ටියුශන් කඩ ගානේ බඩ ගන්න ගත්තා.තෙරුනාද ?

    ලංකාවේ රාජ්‍ය බස විය යුත්තෙ සිංහල බසය,එය පිලිබඳව කිසිදු විවාදයක් නැත,එය කිරිමත් මහගු ක්‍රියාවක් බව මම පිලිගන්නවා,එත් ඉංග්‍රීසිය පාසැල් පද්ධතියෙන් අතු ගා දමා තමන්ගේ පංතියට පමණක් එය සිමා කල අය ගැන මට ඇත්තෙ දැඩි පිලිකුලකි.

    machan mama gampaha ape ammage gama ayiti wenne aththanagallata...
    indian siddiyanam nam danne naha machan.. eth bandarayanake mahattayage thattanam catholic/chritstian suddange loku putuwak kiyala dannawa...
    bandaranayake mahattayata chanda aragena labaganna dewal godak tibbe naha... ewa paramparawenma labila tibba... aththanagalla minissunta owa sahenna bedala dila tiyanawaa... balaya labagena amutuwen ganna deyak wedi kaala marunu eka witarai une :)

    habai rajya bashawa sinhala karapu ekata hamoma baninne nam e manussayata :)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    @ හඳගල මහතාට :D

    සහෝ කිංදර්ගාර්නඩයට ගියේ මොන්ටිසුරි යන්න කලින්,මට මතකයි මම කිං දර්ගර්ඩන් උත් හිටියේ ඉට පස්සෙ මොන්ටිසුරිත් ගියා.ඔව් ඔය ඔක්කොට පෙර පාසැල් කියන්න ඇහැකි නෙද :confused: ලංකාවේ මෙවා වෙනත් රටවල් වලට වඩා වෙනස් ආකාරයකටද මන්දා වෙන්නෙ ?

    මම නම් ඉගෙන ගත්තේ කින්ඩර්ගාර්ඩන් එකේ අවුරුදු 3 ඉදලා 5 වෙනකම් ඊට පස්සේ 6 ඉදලා ඉස්කෝලේ කෙලින්ම. (ඔතන කියලා තියෙන එකේ තියෙන්නෙත් එහෙමයි)
    මම දන්නේ නෑ අනෙක් අය කොහොම මොකට ගියාද කියලා නමුත් ගොඩක් අය එතකොට කරේ එහෙමයි. සමහර අය පන්සල් වල කින්ඩර්ගර්ඩන් කියලා ගියා,සමහර අය ක්‍රිස්තියන් පල්ලි වලට ගියා (බෞද්ධ, ක්‍රිස්තියන් ඔක්කොම ගන්නවා සමහර පල්ලි වල), සමහර අය ඒවා සදහාම තියෙන පාසැල් වලට ගියා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @ Jack_Sparrow

    හි :D අනේ සහෝ ඔය ගොඩක් එවා දන්නෙ නැ නොවැ,බණ්ඩාරනායක මහත්තයාගේ තාත්තා මහ මුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක,එයාගේ තාත්තාත් මුදලි කෙනෙක්,එ අයට ඔය ඉඩම් ලැබුනේ සුද්දන්ගේ කාලෙදි විනා ගම්වර නෙමෙයි,සොලමන්ගේ තාත්තා තමා ඔය කොළඔ නුවර පාරේ ඔය කොටස සැදිම භාරව හිටිය නිළධාරියා,එ කාලේ ඔය හරිය වැඩ කර කර ඉන්නකොට සුදු ඉබ්බෙක් දැකලා තියනවා,එ සැරේ තමා ඔතන ජය භුමියක් කියලා ඔතන ඔය බණ්ඩාරනායක වළව්ව හදන්න අරන් තියෙන්නෙ (මම සැරයක් ඔය වළව්වත් බලලා අර උඩ තියන මහ මුදලිගේ සොහන පැතෙත් ගොහින් ආවේ) ඔය ඉඩම් වල හිටිය මිනිස්සු ඔක්කොම එ කාලේ පන්නලා තියනවා ඔය මුදලි (ඉන්නක් අරන් අශ්වයා පිටින් ගිහින් බැහැලා ඉන්න ගහලා කියනවාලු,මේ ඔක්කොම මගේ උඔලා මෙහෙන් යන්න කියලා) එ සැරේ මිනිස්සු වල්මත් උනා,අද එ මිනිස්සු ඉන්න ගමට තමා වල්ගම්මුල්ල කියන්න කියලා කියනවා,ඔවා බලෙන් අල්ල ගත්තු ඉඩම්,සහ සුදු අණ්ඩුවෙන් ලැබුනු එවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @ moonrock

    මම මුලින් කිංදර්ගර්ඩන් එකට ගියා,පස්සෙ ඉස්කොලේ යන්න කලින් පල්ලියේ මොන්ටිසුරියට ගියා.:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    @ moonrock

    මම මුලින් කිංදර්ගර්ඩන් එකට ගියා,පස්සෙ ඉස්කොලේ යන්න කලින් පල්ලියේ මොන්ටිසුරියට ගියා.:yes:

    ඇත්තටම මොන්ටිසෝරි කියලා තැනක් නෑ, අංශයක් නෑ, අධ්‍යාපන මට්ටමක් නෑ ඒක උගන්වන මාධ්‍යයක් විතරයි එතකොට කින්ඩර්ගාර්ඩන් එකේදි විතරක් නෙවෙයි තරුන ළමයෙක්ට වුනත් මේ මාධ්‍යයෙන් උගන්වන්න පුලුවන් (මේ මාධ්‍යයේ උගන්වන හැටි මම කලින් විස්තර කරා). මම හිතන්නේ ඒක සමහර තැන්වලදි වැරදියට භාවිතා කරනවා කියලයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Chinese bashawa kiyala ekak ne bn. Mandarin, cantonese kiyanne wenama basha 2k. Eg:

    Sinhala & Tamil wage.

    Mandarin puluwan kenekta Cantonese behe, vice versa.

    machan e unata mandarin cantonese dekama chinese wala upa bhaasha...
    wenas kam tiyanawa eth okkoma ekata gattama eeka ekak... seperate languages nemei... Chinese kiyanne me okkogema ekak :) poddak wikipedia search karala balahan... api chinese language kiwwama oya okkoma ayiti wenawa

    Sinhala Tamil kiyanne wenas language dekak... dialects nemei :)