එලකිරි පවුල කියන්නෙ ලංකාවෙ විවිධ අධ්‍යාපන,සමාජ, ආර්ථික මට්ටම් නියෝජනය වන පිරිසක් නිසා මට ඔබ හැම දෙනාගෙම සහයෝගය උවමනා වෙනවා...

මේක කිසිම කෙනෙකුට අපහාස කරන්න ලියන ලද්දක් නොව හුදෙක් මට මගේ සිංහල කම සහ අද සමාජයට සිදුවන්නට යන දේ පිලිබද කුතුහලය නිවා ගැනීම සදහා බව කරුනාවෙන් සලකන්න...
මචං මැච් එකත් කෙල වෙලා අප්සට් එකේ ඉන්න ගමන් ලියන්නෙ.. අද හවස ලයනල් වෙන්ට් එකේ දොලහක් බලන්න ගිහින් අහපු දැකපු දෙයක් මේක..

ලොකු කමකට කියනව නෙවෙයි, කතාව පට්ට ලස්සන නිසා බලන්න තියන ආසාවටම ගත්තෙ රු1000 ටිකට්...

(මේක වෙන්නෙ නාට්‍ය පටන් ගන්න කලිං)
1000 ටිකට් බලන්න ආපු ගොඩක් දෙනා අතරෙ මට ඇහුනු ගොඩක් කතා බස් ගියේ ඉංග්‍රීසියෙන්...

වයස 20-22 වගේ හිටපු කෙල්ලො දෙන්නෙක් සහ කොල්ලො 4ක කන්ඩායමක්, වයස 28-30 වගෙ කොල්ලො දෙන්නෙක් සහ කෙල්ලො දෙන්නෙක්, වයස 40 පැනපු පිරිමි දෙන්නෙක්, වයස 38-40 වගේ වෙන අම්ම කෙනෙක් සහ දුවයි පුතයි.. වගේ හැම වයස් කාන්ඩයකම අය නොහිතා හරි, හිතලමද දන්නෙත් නෑ අපිට ඇහෙන මානයේ කතාබස් උනේ ඉංග්‍රීසියෙන්..

අපි සැවෝයි එකේ ෆිල්ම් 3D එකක් බලනවනම් කමක් නෑ.. ඒක ඉංග්‍රීසි.. ඒක බලන්නෙ ඉංග්‍රීසි තේරෙන සහ යම් විශේශිත රසික පිරිසක්..

නමුත් මේක දොලහක්... ඒකෙ නියම රහ තියෙන්නෙ ඒකෙ ටෝක්ස් වල... මේක අමු සිංහල පට්ට කතාවක්..
සිංහල හොදටම දන්න උපතින්ම සිංහල මිනිහෙකුට මිස විදේශිකයෙකුට මේක රස විදින්න නම් කොහොමත්ම බෑ...
මේක කවදාවත් බලන්න සුද්දෙක් නොඑන බව මට ශුවර්, ඒ සුද්දා සිංහල හොදටම දන්නවනං ඇර...

මම දැකපු ඔක්කොම සිංහල වගේ... අනුමාන කරන්න පුලුවන් සිංහල කියලා.. එතන නියෝජනය උනා හැම වයස් කාන්ඩයක්ම වගේ..

ඇමරිකාවෙ හෝ බ්‍රිතාන්යෙන් පැවත එන පරපුරක ශ්‍රි ලන්කාවේ ජිවත් වීම කරන කොට ගෙන තම දෙවනි භාශාව විදියට සිංහල පාවිච්චි කරන සෙට් එකක්ද මේ...

ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ???
මේක මගෙ සිතෙ ඇතිවූ ඊර්ශාවක්, හීන මානයක්, කුහකත්වයක්ද??

මට පොඩි අත් දැකීම් කීපයක් තියනවා ප්‍රංශය එක්ක... මම කවදාවත් ප්‍රංශයේ මිනිස්සු මෙහෙම ඉංග්‍රීසි පාවිච්චි කරනවා දැකල නෑ...

මචං මේකෙ උබල ඉන්නෙ මොන සමාජ මට්ටමේද මම දන් නෑ... මේ ගැන උබල මොනා ද හිතන්නෙ????
අඩුගානෙ bump එකක් වත් දීල සහයෝගයක් දියන්...