මේ අහන්න බුදු මිටි සර්,
Object එකක් කොච්චර දුරකින් තිබ්බත් ඔයාගේ ඇස සහ මොළය (එහෙම එකක් තියෙනවා නම්) අතර දුර වෙනස් වෙන්නේ නැත. Object එක අතේ තිබුණත් තව්තිසා දිව්යලෝකේ තිබුණත් ඒ Object එකෙන් එන ආලෝක කිරණයක් ඔයාගේ ඇසට ඇතුල්වෙලා ඒ signal එක මොළය මගින් හඳුනා ගන්නා තෙක් ඔයාට ඒ Object එක පෙන්නේ නැහැ.
ඔයාගේ ඇසේ සිට මොළය දක්වා ස්නායු ගමන් කරන්න යම් කාලයක් ගතවෙනවා. ස්නායු ගමන් කරන්නේ 50 - 60 m/s වගේ වේගයකින්. ආලෝකය ගමන් කරන්නේ 299 792 458 m / s වේගයකින්. මේ වේග දෙක වෙනස් කියලා ඉලක්කම් කියවන්න දන්න කෙනෙක් නම් වැටහෙන්න ඕනේ.
ඉතින් තවත් කියනවා නම් ඔයාට දේවල් පෙනෙන්නේ ආලෝකයේ වේගයෙන් කියලා, ඒ කියන්නේ ඔයාට ඇස් විතරයි තියෙන්නේ. මොළේ නෑ.