සියාතු සීයාගේ තුවාලේ
සීමාවාසික පුහුණුවෙන් පස්සේ මට ඉස්සෙල්ලම පත්වීමක් ලැබුනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානයකට.
අනුරධපුරයෙනුත් කිලෝමීටර 100 කට එහා පිහිටලා තිබ්බ මේ ගමේ මිනිස්සුන්ට දුෂ්කර ජීවිතය ගැන දවස් කොලබ ඉදන් ආපු මට දවස් ගානක දේශනයක් උනත් දෙන්න පුළුවන් තරම්
මට නතර වෙන්න ලැබුනේ රෝහලේම කෙලවරේ තිබ්බ කාමරේක.රෝහලටම හිටපු එකම වෛද්‍යවරයාත් මම.
ඉතින් ඒ දුෂ්කර ජිවිතේට හුරු වෙලා ටික ටික රාජකාරි කටයුතු වගේම ගමේ පොදු වැඩකටයුතු වලටත් පුලුපුලුවන් විදියට උදව් කරගෙන ඉන්න ඉන්න පුළුවන් උනා.
ඒ ගමේ මට මතක හිතෙන චරිතයක් තමයි සියාතු මාමා.සියාතු මාමාගේ ගෙදරින් තමයි මට කෑම ලැබුනේ තුන් වේලටම.උදේ පාන්දරම කෑම එකත් අරගෙන බයිසිකලේ පැදගෙන එන සියාතු මාම බඩගින්නේ ඉන්න මට නං දිව පිනවන දසුනක්
සියාතු මාමගේ එක කකුලක වළලුකර හරියේ තිබ්බා වෙළුම් පටියකින් ඔතපු තුවාලයක්.මම කීප දවසක්ම කිව්වත් තුවාලේ පෙන්නන්න කියලා මාම මොනවහරි බොරුවක් ගහල ලිස්සල යනවා.කකුල් දෙකම නහර ගැට ගැසීමේ රෝගය තියනවා කියල බැලු බැල්මට පෙන්න තිබ්බා.
එක දවසක් උදේ පාන්දරම මගේ කාමරේ දොරට තට්ටු කරපු සද්දෙට ඇහැරිලා බලනකොට දොරකොඩ ඉස්සර ඉන්නවා සියාතු මාමයි එයාගේ පුතයි.
"මහත්තයෝ,තාත්තගේ තුවාලෙන් ලේ ගානවා"
"අදවත් ගලවන්නකෝ ඔය පටිය".මම එක කිව්වේ ටිකක් සැරෙන්
මම නං මුලින් හිතුවේ නහර ගැටීමේ රෝගය නිසා ඇතිවෙන තුවාල (venous ulcer) එකක් ඇති කියලා.
ම්ම්ම් "හපොයි"
කකුලේ වළලු කර ගාව කාලයක් තියන තුවාලයක සලකුණු.නහර ගැට ගැහීමේ රෝගය තියන නිසා වලළලු කර හරිය කලුවෙලා නොගබුරු තුවලක් එනවා.එත් සියාතු මාම ගේ තුවාලේ වෙනස්.හරියටම ගෝව මලක් වගේ.
මේක පිළිකාවක්ද.
මම මාමව අනුරධරපුරේට යන්න කිව්වා. අනුරපුරේ මහා ඉස්පිරිතලෙන් මාමව ඇඩ්මිට් කරගෙන තුවාලෙන් පටක සම්පලයකුත් අරං.එක හොද නැ පිළිකාවක් වගේ කියලා ශල්‍යකර්මයකුත් නියම කළා.
මෙම වර්ගයේ පිළිකාවලට කියන්නේ marjolin ulcers කියලා.කාලයක් තිස්සේ නොසලකා හැරලා තියන තුවාල වලින් සමේ පිළිකා මතුවෙන්න පුළුවන්.
කවදත් තමුන්ගේ ලෙඩ නොසලකා හරින්න එපා.
https://www.facebook.com/your.family.doctor.sl/

Last edited: