සියැටල්ගේ මුණුපුරෝ මහ වනය රැකගනිති

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සියැටල්ගේ මුණුපුරෝ මහ වනය රැකගනිති

    සියැටල්ගේ මුණුපුරෝ මහ වනය රැකගනිති

    බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගස් කපමින් සිටි ජාවාරම් කරුවන් පිරිසකට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට බ්‍රසීලයේ ආදි වාසී ගෝත්‍රයක් වන කාපෝර් ගෝත්‍රික තරුණයන් පිරිසක් පසුගිය දා කටයුතු කළහ.
    වනාන්තරයේ ගස් කපා ඉරමින් වාහනවලට විශාල වශයෙන් පටවමින් සිටි කණ්ඩායමක් වැටලූ ආයුධ සන්නද්ධ ගෝත්‍රික තරුණයෝ දැව ජාවාරම්කරුවන්ට පහර දී ඔවුන්ගේ වාහන ඇතුළු උපකරණ ගිනිතබා විනාශ කර ඒ පිරිස පලවා හැරීයහ.
    පසුගිය දා බ්‍රසීල රජය ප්‍රකාශ කැර සිටියේ ඇමසන් වැසි වනාන්තරයෙන් සියයට 28ක් පමණ පසුගිය වසර හතරක කාලයේ දී අවදානමට පත්ව ඇති බවයි. 2013 වර්ෂයේ දී පමණක් වර්ග කිලෝ මීටර 5843ක් වනාන්තරය කපා දමා ඇති බව ද රජය කියයි. ලොව ස්වභාවික පරිසරය රැක ගැනීම සඳහා වැසි වනාන්තරවලින් ඉටුවන්නේ වැදගත් මෙහෙවරකි. ලොව පුරා රටවලින් වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් කෝටි 40ක් පමණ පරිසරයට නිකුත් කරයි. ඉන් සියයට 75ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කරන්නේ වැසි වනාන්තර වලිනි. ඇමසන් වනාන්තරය ලෝකයේ ගෝලීය උණුසුම නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා වැදගත් මෙහෙවරක් ඉටුකරයි.
    දැව හොරුන්ට ප්‍රහාරය දියත් කළ ගෝත්‍රික තරුණයන් පවසන්නේ ලෝකයේ පැවැත්මට ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකරන ඇමසන් වනාන්තරය රැක ගැනීමට තමන් දිවි පරදුවට තබා කටයුතු කරන බවයි. ඇමෙරිකා මහද්වීපයේ නූතන ජනාවාස ඇතිවීමට පෙර සිටි ජනතාව පොදුවේ හඳුන්වන්නේ රතු ඉන්දියන් යනුවෙනි. රතු ඉන්දියන් නායක සියැටල් වනාන්තරය ඇතුළු පරිසරය රැක ගැනීම වෙනුවෙන් කරන ලද ප්‍රකාශය ලෝක පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රකාශයකි.


    amazon-indians-strip-tie-beat-illegal-loggers-2.jpg
    amazon-indians-strip-tie-beat-illegal-loggers-3.jpg


    amazon-indians-strip-tie-beat-illegal-loggers-4.jpg
    amazon-indians-strip-tie-beat-illegal-loggers-5.jpg


    amazon-indians-strip-tie-beat-illegal-loggers-6.jpg
    amazon-indians-strip-tie-beat-illegal-loggers-7.jpg


    amazon-indians-strip-tie-beat-illegal-loggers-8.jpg
    amazon-indians-strip-tie-beat-illegal-loggers-10.jpg


    amazon-indians-strip-tie-beat-illegal-loggers-11.jpg
    amazon-indians-strip-tie-beat-illegal-loggers-12.jpg


    amazon-indians-strip-tie-beat-illegal-loggers-14.jpg
    amazon-indians-strip-tie-beat-illegal-loggers.jpg


    amazon-indians-strip-tie-beat-illegal-loggers-13.jpg


    LANKADEEPA